UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට

කොළඹ නවම් මහා පෙරහර 2019 පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට (සියලු ජාතීන්, ආගමිකයින් එකට එක්ව නරඹන) පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ නවම් මහා පෙරහර සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර චෙක්පත් හෝ මනිඕඩර් මඟින් “ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව“ නමට ලියා රේඛනය කර එවන ලෙසත්, මනිඕඩර් සඳහා තැපැල් කාර්යාලය කොල්ලුපිටිය ලෙස සඳහන් කර යැවිය යුතු ලෙසත් දන්වා සිටිති. සංචාරක ව්‍යාපාර කරන අයට, විදේශිකයන් සඳහා ආසන පහසුකම් සලසාදිය හැකි අතර ශ්‍රී ලාංකික සැමට ආසන නොමිලයේ. ගංගාරාමය, 61, ශ්‍රී ජිනරතන පාර කොළඹ 02 ලිපිනය වන අතර 2327084, 2435169 දුරකතන අංක වේ. ෆැක්ස් අංකය 2439508 වේ.

ඉතිරිය»

රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනාහිමි 25 වන ගුණසමරු උත්සවය 08 වන දා

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝසභාවේ අනුනායක, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති, කිරුළපණ ශ්‍රී පූර්වාරාමය ඇතුලු විහාර ගණයෙහි අධිපති රාජකීය පණ්ඩිත, විද්‍යා විශාරද ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනු නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් වසර 25 ක් සම්පූර්ණ වීම සහ කිරුළපණ ශ්‍රී පූර්වාරාම විහාරස්ථ ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙණේ ආදි කර්තෘ දිනය හා ත්‍යාග ප්‍රදානෝත්සවය පෙබරවාරි 08 වැනි සිකුරාදා පස්වරු 2.30 ට පැවැත්වේ. එම උත්සව මහා සභාවේ මුලසුන ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්ධර වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහ නා හිමියෝ උසුලති. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ආණමඩුවේ ධම්ම දස්ස්‍යාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් ඇතුලු ගිහි පැවිදි උතුමන් ඊට සහභාගි වන බව පත්බේරියේ විමලඤාණ නාහිමියෝ දන්වා සිටිති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුද්ධෝපදේශ

තමාට පිහිට තමා ම ය, වෙනත් කවරෙක් පිහිට වන්නේ ද? තමා ම පිහිට කොට වාසය කරව්. අනුන් පිහිට කොට වාසය නොකරව්” තමා ම තමහට දුර්ලභ පිළිසරණ කොටගන්න.ඔබම වෙර දැරිය යුතුය, ශුද්ධිය හා අශුද්ධිය තම තමන් ළඟ ය. අනෙකෙක් අනිකකු ශුද්ධ නොකරයි.” මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශ කීපයක සිංහල අනුවාද කීපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මේ ප්‍රකාශවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘෂ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදුබව ලබාගත්හ. ඒ බව ප්‍රකාශ කළහ.

ඉතිරිය»

වසරකට පෙර අපවත් වී වදාළබෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ සිටි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි


බෙල්ලන්විල රාජමහා විහාරය, අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරය යන උභය විහාරාධිකාරීව වැඩසිටි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරීණ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණෝ අධ්‍යතන සම්බුද්ධ ශාසනාම්බරය ඒකාලෝක කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි. බෙල්ලන්විල රාජමහා විහාරය, අත්තිඩිය මාලිගාවත්තේ පුරාණ විහාරය සහ දිවුල්පිටිය ශ්‍රී මහා බෝධිරාජාරාමය යන විහාරත්‍රයාධිපතිව වැඩ සිටි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්මමහා සංඝ සභාවේ රත්මලාන පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල සෝමරතන නාහිමියන්ගේ සහෝදරයකු වූ ඕමත්තගේ පෝල් පෙරේරා මැතිතුමාගේ සහ පල්ලගේ දෝන බුත්සිලිනා ද සිල්වා මැතිණියගේ සිව්වැනි පුත්‍රයා වශයෙන් 1942 අප්‍රේල් මස 14 වන සිංහල අවුරුදු දා උපත ලද අනුනාහිමිපාණෝ 1956 වසරෙහි දී බෙල්ලන්විල බුද්ධරතන නමින් බෙල්ලන්විල සෝමරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත් වූහ.

ඉතිරිය»

අනුපිය අඹ වනයේදී ශාක්‍ය කුමාරවරුන් පැවිදි වීම

 

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]