UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය

‘මහණෙනි, මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ මම ලෝ පහළ වීමි. මට සාරිපුත්ත, මොග්ගල්ලාන නම් අග්‍ර ශ්‍රාවක දෙනමක් වෙති. (සං.නි. වේපුල්ල සූත්‍ර 292 පිටුව) මේ පුවතට අනුව සැරියුත් මුගලන් මහ රහත් දෙනමගේ අග්‍ර බව බුදුන්වහන්සේ විසින් ම සහතික කොට ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර

මහාපදාන සූත්‍රයෙහි මෙන් ම වේපුල්ල සූත්‍රයේ ද අගසව් දෙනමගේ පැමිණීම පිළිබඳව සටහන් ව ඇත. ඒ අනුව මහා ප්‍රාඥයන් අතර සාරිපුත්‍ර තෙරුන් වහන්සේ ද, ඍද්ධිමතුන් අතර මොග්ගල්ලාන තෙරුන් වහන්සේ ද අගතැන්පත් වෙති.

උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට වන විස්තර අතර භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වන ලද පහත සඳහන් ප්‍රකාශය සැලකිය යුත්තකි. ‘යමෙකු හොඳ ආයාචනයක් කරනවා නම්, සැරියුත්. මුගලන් තෙරුන් බඳු වෙම්වා!කියා ආයාචනා කළ යුතු ය. සැරියුත්, මුගලන් දෙනම භික්ෂූන්ට තරාදි වැනි ය. (අං.නි. ආයාචමනා සූත්‍ර . 318 පිටුව)

ප්‍රශ්නය

ගෞතම බුදුරදුන් දරු පරපුර හා කුල පරම්පරා විනාශ කිරීමට කටයුතු කරන්නෙකි (ම. පා. මහා කන්දක 90 පිටුව) යනුවෙන් විවේචනයට ලක්වූහ. එහෙත් පසුබට නො වූහ. විමසීමක් කරන්න.

පිළිතුර

සැරියුත්, මුගලන් දෙදෙනා වහන්සේ හමුවන අවස්ථාව වන විට සෑහෙන ශ්‍රාවක පිරිසක් දහම් පණිවුඩය රැගෙන චාරිකාවෙහි යෙදීසිටි බව පිළිගත හැකි ය. එසේ ම යසකුල පුත්‍ර, ජටිල සොහොයුරන් වැනි ප්‍රකට පුද්ගලයන් භික්ෂු ශාසනයට පිවිස සිටි බව පෙනේ. සංජය වැනි කීර්තිමත් පරිබ්‍රාජකයන්ගේ, කෝලිත උපතිස්ස වැනි අග්‍ර ශිෂ්‍යයන්ද මෙසේ භික්ෂු ශාසනයට ඇතුළත්වීම එකල සමාජයේ සාකච්ඡාවට ලක් වූබව දක්නට ලැබේ. ශීඝ්‍රයෙන් පැතිර යන බුදුදහම, වැඩෙන සඟ සසුන, සතර දිග් භාගයේ සැරිසරන ධර්ම දූතයන්, පැවිදි උපසම්පදාව ලබන ප්‍රසිද්ධ පුද්ගලයන්, පැවිදි වන්තවූවන්ගේ සංඛ්‍යාත්මක වර්ධනය යන කරුණු දැක නොසතුටට උදහසට පත් වූවෝ මෙසේ බුදුරදුන් විවේචනය කරමින් චෝදනා කළහ. සමාජයේ ප ැතිර ග ිය මෙබඳු චෝදනා සහ ජනමතයන්ගෙන් තථාගතයන් වහන්සේ නො සැලුණහ. පැවිද්ද සඳහා බලහත්කාරයෙන් පුද්ගලයන් නො ඇද ගන්නා අතර සිය කැමැත්තෙන් පැමිණ පැවිදිවන බවත් එහිලා නුවණැත්තන් විසින් ඊර්ෂ්‍යා නොකළ යුතු බවත් ප්‍රකාශ කරවූහ. උන්වහන්සේගේ අකම්ප්‍ය භාවයත්, බුද්ධිමය නිදහසට ගරු කරමින් ධර්ම ප්‍රචාරය සිදු කිරීමත් නිසා එම ද්වේශ සහගත චෝදනා සහ ප්‍රචාර වැඩිකල් රැඳී නො පැවතුණි

 

දුරුතු පුර අටවක පෝය


දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]