UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

25 වන සාංවත්සරික අගොන්ශු ශිෂ්‍යත්ව ප්‍රදානය

ඉතා ගෞරවාන්විත සේ ම පූජනීය තත්ත්වයකින් ඇරඹි අපගේ ශ්‍රී ලංකා සබඳතාවයෙහි ඉතාම වැදගත් වූ සන්ධිස්ථානය වර්ෂ 1994 ජනවාරි 12 වැනි දා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම පිහිටුවීම යි. ඒ තුළින් මේ දක්වා ශ්‍රී ලංකාව කෙරෙහි විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වයන් දැක්වීමට අපට හැකියාව ලැබුණි. මෙවර අප අනුග්‍රාහකත්වයෙන් පවත්වන මෙම රජත ජයන්ති සැමරුම් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය එහි සාර්ථක සන්ධිස්ථානයකි. නොවැම්බර් 04 ප .ව. 2.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

ඉතිරිය»

අද වැඩ සිටින සාමණේර ස්වාමීන් වහන්සේලා අනාගත ශාසනභාරධාරී මහතෙරුන් වෙනවා

සාමණේර භික්ෂූන් වහන්සේලාගේ භික්ෂු ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහනක්

කුඩා වයසේ දී ම, මහත් වූ ද, කුඩා වූ ද, භෝග සම්පත්, නෑසියන්, මව්පියන් අතහැර කසාවත දරාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ අරිඅටඟි මඟ ගමන් කරන පුණ්‍යවන්තයෝ අද ද අප අතර සිටිති. එවැනි පින්වත් සාමණේර ස්වාමින් වහන්සේලා හයසියය නමකට (600) පසුගිය 01 වැනිදා (ලෝක ළමා දිනය) තම ජීවිතයට තවත් අපූරු අත්දැකීමක් එකතු කර ගැනීමට ඉඩ හසර ලැබුණි. ඒ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනා අසපුවේ දී ය. මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක සෙන්තුල් බෞද්ධ විහාරාධිපති ථෙරවාදී බෞද්ධ කවුන්සලයේ අනුශාසක බූටෑවත්තේ සරණංකර නා හිමියන්ගේ මුල්‍ය දායකත්වයෙන්, පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා මත සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් විජිත වෙලගෙදර මහතාගේ උපදෙස් පරිදි, උතුරුමැද සහකාර අධ්‍යාපන....

ඉතිරිය»

ධර්ම දේශනාව:

අත්තූපනායික ධර්මය හඳුනා ගනිමු

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමග කොසොල් ජනපදයේ චාරිකා කරන අතර, එහි වේළුද්වාර නම් බමුණුගමට ද වැඩම කළහ. වේළුද්වාර ග්‍රාමවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු “ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා අපේ ගමට වැඩම කර ඇතැ’යි, යන පුවත ඇසූ හ. එසේම ඒ බුදුරජාණන් වහන්සේ අරහත්, සම්මා සම්බුද්ධ යනාදී ගුණ නවයකින් සමන්විතය හ, යන කීර්තිරාවය ද ප්‍රදේශය පුරා ක්‍රමයෙන් පැතිර ගියේ ය. තව ද උන්වහන්සේ මේ ලෝකයෙහි දතයුතු සියල්ල දැන සිටින බවත්, ඒ සියල්ල මුල, මැද, අග මනාකොට දේශනා කරන බවත්, එබඳු ආර්ය උතුමන් වහන්සේලා දැකීමෙන් යහපතක් වන බවත්, වටහාගත් ඔවුහු බුදුරජාණන් වහන්සේ කරා පැමිණ එකත්පස්ව සිටිය හ. පසුව උන්වහන්සේට මෙසේ සැළ කළහ. “ස්වාමීනි, අපි අඹු දරුවන් පෝෂණය කරමින් විවිධ බැඳීම් සහිත ව වාසය කරමු. සිනිඳු සඳුන් ගල්වාගෙන සිටිමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී පැළඳගෙන වාසය කරමු. මෙසේ කාමභෝගී ජීවිත ගත කරන අපි මරණින් පසු සුගතියට පැමිණීමේ ප්‍රාර්ථනා ඇත්තෝ වෙමු. එබඳු අපට ඔබ වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා.”

ඉතිරිය»

අනුසස් දෙන පින්කමක බල මහිමය

කඨින සිවුරු පූජාව වසරකට වරක් පමණක් සිදුකරන මහත් වූ පින් රැස් කර ගැනීමට හැකි උතුම් පින්කමකි. වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේ නමක් සිටීම, දායකයෝ විසින් සංඝයා වහන්සේට පූජා කර සංඝයා වහන්සේ විසින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට දියයුතු වීම, එතැන්හි දී ම කපා මසා සකස් කර ගත යුතු වීම, ආදී කරුණු රාශියක් එකතු වීමෙන් සිදුවන පින්කමක් හෙයින් කඨින පූජාව දුර්ලභ පින්කමක් ලෙස සැලකේ. කඨින පින්කම සැදැහැවත් බෞද්ධයන්ට කළහැකි ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. එහි ආනිශංස තිස් කල්පයක් අපාගත නො වීමට හේතු වන්නකි. සත්‍ය ලෙස ම පංච ශීලය ආරක්ෂා කරමින්, දැහැමි ජීවිතයක් ගත කරන අයෙකු කරන වස් ආරාධනාවෙන් ලැබෙන ආනිශංස ඉමහත් ය. හේතුව මේ සඳහා වැඩි කාලයක් සූදානම් වීමයි. කුසලයක ආනිශංස වැඩි වන්නේ සීලය ප්‍රධාන කරගෙන දරන පරිශ්‍රමය අනුව ය. වස් කාලය අවසානයේ චීවරයක් පූජා කිරීමෙන් පමණක් කඨිනානිසංස ලබාගත නො හැක. එසේ ම, අතහිත දීමෙන් ම පමණක් සම්පූර්ණ අනුහස් සපුරා ලද හැකි බව සිතීම ද වැරැදි ය. එහෙත් කෙසේ හෝ මෙබඳු පින්කමකට සම්බන්ධ වීම ද ආනිසංස දායක ය.

ඉතිරිය»

මුගලන් තෙරණුවෝ රහත් වීම

 

වප්අව අටවක පෝය


වප්අව අටවක පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා පූර්ව භාග 11.11 ට ලබයි. නොවැම්බර් 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 7 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]