UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නිර්භය භූමියකට ළඟා වෙන්නට...

බුදුරජාණන් වහන්සේ, සැවත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලයේ උන්වහන්සේ දිනපතාම ධර්ම දේශනා පවත්වනවා. ඒ ප්‍රදේශවාසී ජනතාව ධර්ම ශ්‍රවණය කරන්නට සන්ධ්‍යා කාලයේ ජේතවනාරාමයට ළඟාවෙනවා. ඇතැම් අය බණ අහලා යනවා. ඒත් අවබෝධයක් ලබා ගන්න උත්සාහ ගන්නේ නැහැ. සමහර පුද්ගලයන් හොඳට බණ අහලා ඒ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට උත්සාහවත් වෙනවා. එක්තරා කෙළෙඹි පුත්‍රයෙක්. තරුණයෙක් මේ බණ අහලා කල්පනා කරනවා. මේ කියන දේශනාවන් මට ගිහි ගෙදර ඉඳගෙන හරියට පිළිපදින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වෙන්න ඕනෑ. ඒ තරුණයා මවුපියන්ගෙන් අවසර ලබාගෙන බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පැවිදි වුණා. බොහොම උත්සාහයෙන් බණ භාවනා කළා. බුදුන් වහන්සේ ළඟ පැවිදිවෙලා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා. කර්මස්ථාන ලබාගෙන අශුභ කර්මස්ථානය තමයි මේ හාමුදුරුවෝ නිතර වැඩුවේ. එහෙම වඩන කොට මේ රූපයේ තියෙන අනිත්‍යතාව මේ රූපය අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි. කියලා ඒ විදියට භාවනා කරනවා. හැම දෙයක් ගැනම අශුභ වශයෙන් බලමින් මේ සංසාර දුක නැති කිරීම සඳහා තමයි මේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කළේ. නමුත් ඒ තරම් උත්සාහයෙන්, වීර්යයෙන් භාවනා කරගෙන නිතර ම ක්‍රියා කළත් මේ ස්වාමින් වහන්සේට සෝවාන් ආදි මාර්ගඵලයක් ලබන්නට කලින් ආයුෂ පිරිහීම නිසා අපවත්වීමට සිද්ධ වුණා.

ඉතිරිය»

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]