UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඇසළ පෝදා සිදුවූ ඓතිහාසික අනාවරණය

 

බුදුවරයෙකු ලොව පහළවන්නේ කුමක් සඳහා ද? කවර ගැටලුවක් විසඳාගැන්මට ලෝකයට මග පෙන්වීම පිණිසද?, මෙම ප්‍රශ්නයට දිය යුතු පැහැදිලි වූත්, පෙළ දහමට අනුකූල වූත් ධර්මානුකූල පිළිතුර නම්, “බුදුවරයෙකු උපදිනුයේ සසර දුකත්, දුක්ඛ නිරෝධයත් ප්‍රකාශ කරනු පිණිසය” යන්නයි. දුක යනු මානව සංහතිය ඉදිරියේ ඇති පෞද්ගලික වූත්, සාමාජික වූත් සියලු ගැටලු ඉක්මවා සිටින . එකී ගැටලු සියල්ල විසඳාගත්ත ද නොවිසඳී පවත්නා ගැටලුව ය.  දේශය කුමක් වුවද, කාලය කුමක් වුවද, ජාතිය කුමක් වුවද සමස්ත සත්ව සංහතියම මහා දුෂ්කරතාවයකට , මහා අමාරුවකට පත්ව සිටිති. ජාතිය, එනම් නැවත නැවතත් උපත ලැබීම, ජරාව, එනම් උපන් සත්වයාගේ දිරායාම, මහලුවීම, ව්‍යාධිය, එනම් අනේකාකාරවූ රෝග පීඩාවනට නැවත නැවතත් ලක්වීම මරණය එනම් ඒ ඒ සත්වයන් උපන් සත්ව නිකාය හැරයාම , දිවි තොරවීම සියල්ල අත්හැරයාමට සිදුවීම, අපි‍්‍රයයන් හා එක්වීමෙන්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමෙන් කැමති දේ නොලැබීමෙන් සැකෙවින් කිවහොත් රූපස්කන්ධාදී වශයෙන් දක්වන ලද උපාදාන කොටගත් පඤ්චස්කන්ධයෙන් විඳීමට සිදුවී ඇති කටුක , අප්‍රසන්න ,අසහනකාරී , තුච්ඡ , අර්ථශූන්‍ය, අතෘප්තිකර අත්දැකීම් අසාර,අපරිපූර්ණ පීඩාජනන අත්දැකීම් දුක්ඛ යන්නෙන් ප්‍රකාශිතය. බුදුවරු, විද්‍යාවෙන් අන්ධව අඳුරෙහි අතපතගාමින්, තණ්හාවෙන් මුසපත්ව නිබඳවම අනේකාකාර දැ සොයා යන මානව වර්ගයා තුළ ඉහත කී දුක පිළිබඳ අවදිකමක්, අවබෝධයක් ඇති කරනු පිණිසම ලොව පහළ වෙති.

ඉතිරිය»

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]