UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුණෑගල රිදීගම රිදී විහාරය

 

කුරුණෑගල රිදීගම රිදී විහාරය

කුරුණෑගල රිදීගම ඓතිහාසික රිදී විහාරය මහ රහතන් වහන්සේලා වැඩ සිටි වන්දනීය පූජනීය පුණ්‍ය භූමියකි. උන්වහන්සේලා වැඩ සිටි ලෙන්වල බ්‍රාහ්මී අකුරෙන් ලියන ලද ලිපි රැසක් රිදී විහාර කන්දේ පිහිටි ලෙන්වලින් හමුවේ. රිදී විහාරය අනුරාධපුර යුගයේ සිට ලාංකේය ඉතිහාසයට එක්වන පුදබිමකි. පොළොන්නරුව යුගයේදී ද ප්‍රකටව තිබූ පුණ්‍ය භූමියකි. කුරුණෑගල කැප්පිටිගල මාර්ගයේ සැතපුම් පහළොවක පමණ දුර ගෙවා රිදීගමට ළගා විය හැකි ය. එතැන් සිට රිදී විහාර පුදබිමට යා හැකි මාර්ග දෙකක් වේ. ඒ පෞරාණික පිය ගැට පෙළ මග ඔස්සේ ය. නැතහොත් නව මාර්ගය ඔස්සේ ය. රිදී විහාර භූමියෙහි පිහිටි ප්‍රධාන විහාරය වන මහා විහාරය හෙවත් පාත විහාරය උස ශෛලමය ලෙනක්තුළ පිහිටා ඇත. එම විහාරය තුළ සම්බුද්ධ ප්‍රතිමා නිර්මාණය කර තිබේ. ඒ අතර රනින් නිමවා වීදුරු අල්මාරියක් තුළ තැම්පත් කර තිබෙන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ දුටුගැමුණු රජු දවස එතුමා දඹදිවෙන් කරවා අනුරපුරයට වැඩමවා එහි සිට පෙරහරකින් ද, අනතුරුව ඉන්ද්‍රගුප්ත රහතන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ද එම ස්ථානයට වැඩම කරවා ඇති බව කියැවේ.

ඉතිරිය»

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]