UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නිර්වාණ සුවයම වර්ණිතය

ලොව අතිඋත්තම සැපත සාධනය කළා වූ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ඒ අත්‍යුත්තම සැපය උදෙසා පාරමී දම් පූරණය කරන අයගේ උපයෝගීත්වය සලකා දෙලෝ සැප සාදනා කරුණු බොහෝ දේශනා කළ සේක. ඒ අතර බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය වන ධම්මපදයෙහි නාග වර්ගයෙහි දෙලෝ සැපත සාදනා කරුණු කිහිපයක් දැක්වෙයි. පූර්ව ගාථා රත්නය ඒ අතරින් කරුණු සතරක් අන්තර්ගත ය. මෙම කරුණු සතර වෙසෙසින් දක්වන්නේ ගෘහස්ත දිවිපෙවෙත ගත කරනුවන්ට පහසුවෙන් ම කරගත හැකි වටිනා පුණ්‍ය ක්‍රියා බැවිනි. සැපය වූ කලී,ලොව කවුරුත් විඳීමට කැමැත්තෝ ය. නමුදු එසේ වින්දනය කරන සැපයන් ඒ ඒ පුද්ගලයාට අනුව විවිධ ප්‍රමාණ වේ. ලෞකික, ලෝකෝත්තර, භෞතික, අධිභෞතික , බාහිර, අධ්‍යාත්මීය ආදි අයුරින් ඒ සැපත ප්‍රභේද වේ. ලෞකිකත්වය තුළ ඇති නාම මාත්‍රික තාවකාලික සැපය යන්න බුද්ධාදී උතුමෝ පිළිකෙව් කළහ. ලෝකෝත්තරත්වය තුළ ලබන සැපය වූ සදාකාලික වු නිවන් සුවය ම වර්ණිත ය. එසේ වු ලෝකෝත්තර සැප සාධනය පිණිස උපකාරී වූ ගුණ ධර්ම පුරුදු පුහුණු කිරීම හෙවත් නිවන් සඳහා කුසලයෙහි අවශ්‍යතාවය වෙයි. තමා ලද සිවුපසයෙන් මව්පිය උපස්ථානය සිදුකළ භික්ෂුවගේ ක්‍රියාව අනුමත කරමින් බුදුරජාණන් වහන්සේ, සැපත පිණිස හේතුවන කරුණු හතරක් මෙසේ දෙසා වදාළ සේක.

ඉතිරිය»

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]