UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිව්යෝර්ක් බෞද්ධ විහාරය

 

බොදු පුබුදුව වඩන ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ ප්‍රධාන වෙළෙඳ නගරයකි. එම නගරයේ ක්වීන්ස් ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හිල් සයිඩ් මාර්ගයේ 215 හරස් වීදියේ පාර්ක්සයිඩ් හිල්ස් කොටසේ ස්පෙන්සර් ඇවනියු හි අංක 214/22 දරණ ස්ථානයේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය පිහිටා ඇත. විහාරස්ථානයකට යෝග්‍ය ඉතා දර්ශනීය උස් බිමක පිහිටා ඇති නිව්යෝර්ක් බෞද්ධ විහාරය ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශය පුරා ථෙරවාදී බුදුදහම ප්‍රචාරය කරන ප්‍රබල බෞද්ධ කේන්ද්‍රස්ථානය කි. නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ නිර්මාතෘවරයන් වහන්සේ වනුයේ වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. 1928 දෙසැම්බර් 29 වැනිදා ජන්ම ලාභය ලැබූ උන් වහන්සේ 1941 නොවැම්බර් 06 වැනිදා උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූහ. උන් වහන්සේට විදේශ ධර්මදූත සේවාව වෙනුවෙන් ආරාධනා ලැබෙන්නේ 1970 දී එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායකව වැඩ සිටි මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් වහන්සේ වෙතිනි. ඒ අනුව පියතිස්ස නාහිමියන් එතෙක් වසර 21 ක් පුරාවට ලංකාවේ කරගෙන ආ අධ්‍යාපනික සේවාවට සමු දී ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් හි ඔකන්හෝල්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ ථෙරවාදී බෞද්ධ භික්ෂුවක් ලෙස ධර්මදූත සේවාවට එක්විය. එහි ආරම්භ කළ ධර්ම දේශනා , සම්මන්ත්‍රණ, භාවනා වැඩසටහන් ආදියට දිනෙන් දින ඉංගී‍්‍රසි ජාතිකයෝ ඇදී එන්නට වුහ. ඒ නිසාම බෞද්ධ මධ්‍යස්ථානය ද අනුක්‍රමයෙන් දියුණු වන්නට විය.

ඉතිරිය»

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]