UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

වටගොඩ – පූඩළුඔය , ශ්‍රී සුධර්මාරාම විහාරයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී විසුද්ධානන්ද දහම් පාසලේ සිසු දරු දැරියන් මෙසේ සදහම් අරණෙහි සාමාජිකත්වය ලබා ගෙන ඇත.

321. ආර්.පී. රන්දිලු මෙන්පිත් රාජකරුණා
4 ශ්‍රේණිය

322. ආර්. ක්‍රිෂාන්
5 ශ්‍රේණිය

323. එච්.එම්. පෙහාරා දිල්මානි
5 ශ්‍රේණිය

324. කේ.කේ. කවිඳු ලක්ෂාන්
7 ශ්‍රේණිය

325. ඩබ්.ෂෙහාන් උමේෂන
8 ශ්‍රේණිය

326. ඩබ්.අරෝෂ දිල්ශාන් කුමාර
8 ශ්‍රේණිය

327. ආර්.කේ. සදිප් දිලුක්ශාන්
8 ශ්‍රේණිය

328. එම්.ජී. නිපුන් සඳකැළුම්
8 ශ්‍රේණිය

329. ඩී.එම්.ඉසුරු ඉදුනිල්
10 ශ්‍රේණිය

340. ඩී.කේ.ජී. මන්දුල ලසන්ත
10 ශ්‍රේණිය

341. යූ.ජී.දර්ශන මධුසංඛ
10 ශ්‍රේණිය

342. ඩී.එම්.කේ.ජී. සචිනි භාග්‍යා
10 ශ්‍රේණිය

343. කවිඳු නගුලේශ්වරන්
11 ශ්‍රේණිය

344. ජී.එච්.චාරුනි දිල්රුක්ෂි
11 ශ්‍රේණිය

345. එම්.ජී. උපුල් ජීවන්ත
11 ශ්‍රේණිය


පන්සිල් සුරකිමු

සමාජයේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමේ ශක්තිමත් අඩිතාලම පංච ශීලය යි. පන්සිල් රැකීමේ ප්‍රතිඵලය සමාජයට කාන්දුවන අයුරු විමසා බලමු. ජීවිත සුරක්ෂිතභාවය පළමු අංකය යි. සියලු සත්ත්වයෝ ම මරණයට බිය වෙති. එයින් මුළු සමාජය ම මුදවා ගැනීම ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් සිදුවේ. එමෙන් ම අප සතු දේපළ මිල මුදල් පිළිබඳ අයිතිය පැහැර නො ගන්නා බවට සහතිකයක් ලැබෙන්නේ අදත්තාදානයෙන් වැළකීමේ ශික්ෂා පදයෙනි.

සත්ත්ව සංහතියේ පැවැත්ම හා පවුල් ඒකකය පවත්වා ගැනීම සමාජ අවශ්‍යතාවයකි. එහිදී සම්මත සීමා ඉක්මවා සමාජ විරෝධි ලෙස කටයුතු කිරීමෙන් වැළකීම කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂා පදයෙන් ඉටුවේ. සමාජ සාමයට හා එකමුතු බවට ජනතාව අතර කතිකාව අවශ්‍ය යි. බොරුව සමාජයේ සන්නිවේදනය වුවොත් මිනිස් සබඳතා පළුදු වී විශ්වාසය හා සාමය විනාශ වී යෑමෙන් වැළකී සමාජ ඒකාග්‍රතාවය ඇතිවීමට මුසාවාදයෙන් වැළකීම හේතු වේ.

සමාජයේ යහපත් අරමුණු නො තකා මිනිසා විෂමාචාරයට පෙළඹවීමේ හේතුකාරකයක් වන සුරාවෙන් ගලවා සදාචාරවත් ගුණ ගරුක සමාජයක් මිහිතලයේ ගොඩනැඟීම සුරාවෙන් වැළකීමේ ශික්ෂා පදයෙන් ඉටු වේ. පන්සිල් රැකීමෙන් තමා මෙලොව පරලොව සැනසීම ලබන්නා සේ ම පවතින හා අනාගත සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීමට අධිෂ්ඨාන කරගමු.

නුගේගලයායේ මංගල හිමි
ශ්‍රී බෝධිලංකාර මූලික පිරිවෙන
කතරගම


සංඝමිත්තා තෙරණිය

 

ධර්මාශෝක රජතුමා රජකම් කළේ දඹදිව ය. ධර්මාශෝක රජතුමාගේ දියණිය වන්නේ සංඝමිත්තා තෙරණිය යි. සංඝමිත්තා තෙරණිය මිහිඳු මහරහතන් වහන්සේගේ සොහොයුරිය යි. සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කළේ දේවානම්පියතිස්ස රජතුමාගේත්, අනුලා දේවියගේත්, මිහිඳු මහරහතන් වහන්සේගේත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස යි. ඒ ගමනේ මුලික අරමුණ වූයේ මෙරට කාන්තාවන් පැවිදිබිමට ඇතුළත් කිරීම යි. මෙහිදී සංඝමිත්තා තෙරණිය සමඟ තවත් භික්ෂුණීන් පිරිසක් මෙරටට වැඩම කිරීමත් සමඟ ඔවුන් මෙරටට පැමිණි දෙවැනි ධර්ම දූත පිරිස ලෙස සැලකේ.

මෙරට කාන්තාවන් පැවිදි කිරීම සඳහා සංඝමිත්තා තෙරණිය වඩින විට දඹදිව ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව ද,රැගෙන පැමිණි අතර, අද එය මහමෙව්නා උයනේ පිහිටුවා ඇත. මෙහෙණි සස්න ආරම්භ කිරීමට මෙරටට පැමිණි සංඝමිත්තා තෙරණිය වෙතින් පැවිදි වූ මුල් ම කාන්තාව වූයේ අනුලා දේවිය යි. පසුව ඇගේ පන්සියයක් පිරිස ද ශාසනයට ඇතුළු වූහ. මෙම පුවත දේවානම්පියතිස්ස රජතුමාට සැලවීමෙන් පසු එතුමා ඇත්හල සමීපයේ සංඝමිත්තා තෙරණිය වෙනුවෙන් මෙහෙණවරක් ඉදි කළේය. එය “හත්ථාල්හක” මෙහෙණවර නමින් ප්‍රසිද්ධියට පත් වූ අතර, සංඝමිත්තා තෙරණිය බොහෝ කලක් එහි වාසය කළා ය.

කිසාන් රන්සික අමරසිංහ,
5 වසර
සිරි වජිරාරාම දහම් පාසල,
බම්බලපිටිය.


තෙරුවන් ගුණ

සසර සරණ සැමට පිහිට බුදුගුණ සරණේ
මනස රකින සොඳුරු දහම බුදු බණ සරණේ
කළණ මිතුරු දිවිය සදන සඟ ගුණ සරණේ
දැහැමි සැමට හිමි වේ අම දම් සරණේ

නාකුඹුරේ කස්සප හිමි
3 ශ්‍රේණිය
ශ්‍රී බෝධිලංකාර පිරිවෙන, කතරගම.


සිරිපා ගිරිහිස මුදුන

දසකෙන් දසකෙට නැඟ නැඟ ආවේ
ජීවිත සිරිපා ගමන යි මළුවේ
නැවතී බලමුකො අපි ඉර සේවේ
ආපසු බහිනා කාලය ආවේ

පහත බලන කොට බයත් හිතෙනවා
කළ පින් නැති විට එහෙම දැනෙනවා
පින් කොට ඇත්නම් සතුට ලබනවා
කළ පින නිතරම පස්සෙන් එනවා

යුතුකම් සිල් ගුණ පුරලා ඇත්නම්
තව කුමටද ලොව බැඳෙනා සෙල්ලම්
මෙතැනින් පසුවට එන්නේ බැරිකම්
ගොන්කම් නවතා කර ගමු පින්කම්”

නිට්ටඹුවේ අමරකීර්ති හිමි
1 ශ්‍රේණිය
සුගත ධර්මායතනය, ගල්කිස්ස


උඩුගං බලා යෑමට සැරසෙමු

උඩුගං බලා පිහිනීම බෞද්ධ පරමාදර්ශය යි. අපගේ පරම අධිෂ්ඨානය එය විය යුතු යි. ලෝකය අනුසෝතගාමී කියා අපද අනුසෝතගාමී විය යුතු ද? නැත. අප පටිසෝතගාමී විය යුතු ය. දුරාචාරයෙහි යෙදෙන්නන් අතර සුචරිතයෙහි යෙදෙන්නන් විය යුතුය. ප්‍රාණඝාතයෙහි යෙදෙන්නන් අතර ප්‍රාණින් ආරක්ෂා කරන්නන් විය යුතුය.ධර්මයෙහි නො හැසිරෙන අය අතර , ධර්මාචාරින් විය යුතුය. මෙය උඩුගම් බලා යෑමක් ලෙස මම දකිමි.

මඩ සහිත ජලයෙහි මා හටගෙන එම ජලය සමඟ නො ගෑවී ඉහළ නගින නෙළුමක් සේ අප දිවිය ගත කළ යුතු වේ. කෙලෙස් සහිත සමාජයේ ම ඉපදී කෙලෙස් සමඟ මිශ්‍ර නො වී ගුණ ධර්මයන්ගෙන් පිරිපුන් වි නිවැරැදි ලෙස ලෝකය දෙස බැලීමට අපහට හැකිනම් එය පටිසෝතගාමීත්වයට මුල පිරීමකි. අප දියුණූු කරගත් කවර හෝ ගුණාංගයක් වේ ද, එය තව තවත් දියුණු කර ගැනීම මිස පිරිහීමකට ලක් නො කළ යුතු ය. එසේ නො වුවහොත් එය කෙලෙස් සමඟ යළි මිශ්‍ර වීමකි. උඩුගංබලා යාම අපහසු ය. එනමුත් වීර්යවන්තයාට එය ඉතාමත් පහසු ක්‍රියාවකි. වීර්යය යොදා ලෝකයෙහි සැබෑ තතු තේරුම්’ කර ගැනීමට නො මඳව වෙහෙස වෙමු.

යූ.ජී. නෙත්මි කාවින්ද්‍යා
11 ශ්‍රේණිය ,
මධ්‍ය විද්‍යාලය – ඉබ්බාගමුව


තිලොවග බුදු පියාණෝ

තිලොවට තිලක අප සම්බුදු පියාණෙනි
ඔබ ගුණ ඇසෙන විට අප හද නිවීමෙනි
බුදු ගුණ දෙසන විට තුන් ලොව එළිය වුනි
මුදුනත අත් තබා වඳිනෙමි හඳ පිරි දයාවෙනි

තුන් ලොවට ම බුදු බණ දෙසන විට
තුන් ලෝකෙම බුදු ගුණ ගැයෙන විට
ඒ පින් බලෙන් අප හද පිරුණු විට
සදහට යන්නෙමි දුක් කතරින් දුරට

කේ.දුමිඳු ලක්ෂාන් කුමාරසිංහ
11 ශ්‍රේණිය,
සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යාලය,
නුගේගොඩ


මිහිඳු හිමි වැඩිය දා

ඉෂාර නයනක පීරිස්
1 ශ්‍රේණිය
ශ්‍රී සුමේධ ධර්මෝදය
දහම් පාසල, විල්පත

 


පොසොන් උදාව

හසඳි සවිත්මා ගුණරත්න
1 වසර
ජනාධිපති විද්‍යාලය
දොඩන්ගොඩ

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]