UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණය හා අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පූජා පෙළහර මැයි මස 12 වන දා

විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණය හා අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පූජා පෙළහර මැයි මස 12 වන දා

මහා සංඝරත්නය වෙත නිවැරැදිව ත්‍රිපිටක ධර්මයෙහි අර්ථය විනිශ්චය කරන සාම්ප්‍රදායික ථෙරවාද ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම හා ධර්මවිනය ආරක්ෂා කිරීමෙහිලා වර්තමාන භික්ෂුව සතු කාර්ය භාරය පිළිබඳ දැනුවත් කිරීම සහ ශික්ෂාකාමී, ධර්මධර, භාවනාවට ලැදි උතුම් භික්ෂු ජීවිතයක් තුළින් නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා වූ විශිෂ්ට ධර්මාර්ථ පිළිබඳ දැනුවත් කිරීම. ආදී අරමුණු ඇති ව දහස් නමක් මහා සංඝරත්නය උදෙසා විභජ්ජවාද අභිධර්ම සම්භාෂණය පැවැත්වීම සඳහා කටයුතු යොදා තිබේ. අනුරාධපුර ස්වර්ණමාලි මහසෑරදුන් අභියස මැයි මස12 දින උදෑසන 7.00 සිට සවස 03.00 දක්වා පැවැත්වෙන මෙම විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණයට සමගාමීව ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පූජා පෙළහර නමින් සුවිශේෂී පින්කම් මාලාවක් ද එදින සන්ධ්‍යාවෙහි සිදු කිරීමට කටයුතු යොදා ඇති බව.

මාන්කඩවල නන්දරතන හිමියන් සහ කොත්මලේ කුමාරකස්සප හිමියෝ දන්වා සිටිති. මැයි මස12 දින උදෑසන 5.30 ට හීල් දානය හා උදෑසන 7.00 ට විභජ්ජවාද සම්භාෂණය ආරම්භ කෙරෙන බැවින් 11 දින ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩම කිරීම වඩා යහපත් වන බව දන්වා සිටින අතර, මැයි මස 11 වැනිදා වැඩම කරන ගෞරවනීය මහා සංඝරත්නය සඳහා සම්බන්ධීකරණ කටයුතු අනුරාධපුර, ජය ශ්‍රී මහා බෝධිය මහාවිහාරීය ධර්මශාලා මණ්ඩප පරිශ්‍රයේ දී සිදු කෙරෙන බව ද දන්වා සිටියි. මේ දිනයන්හි දී දන්සල් දිමට කැමැති පින්වතුන් 0777255883 මහේෂ් යහම්පත් වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

 

  බක් මස අව අටවක පෝය


 බක් මස අව අටවක පෝය අප්‍රේල් 07 වන දා සෙනසුරාදා අපර භාග 11.32 ට ලබයි.
9 වන දා සඳුදා පූර්ව භාග 02.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 08 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 15 වන දා ඉරිදා

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]