UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

 

අනුරාධපුරයේ දී පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

ඉතිහාසය පුරාම ලක්දිව රජකළ විවිධ රජවරු අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට විවිධාකාරයෙන් බෝධිපූජා පවත්වා තිබේ. වර්තමානයේ දී ජය ශ්‍රී මහා බෝසමිඳුන්වෙත වාර්ෂිකව පවත්වන ප්‍රධාන පූජා හෙවත් මංගල්‍යය හතරක් දැකගත හැකි ය. ඒවා නම් දුරුතු මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, පරණ අවුරුදු මංගල්‍යය,නානුමුර මංගල්‍ය හා කාර්තික මංගල්‍ය වේ. මෙම මංගල්‍යය අතුරින් විශේෂතැනක් ගන්නා ‘දුරුතු මංගල්‍යය’ ‘අගසස්දානය’ ‘අලුසහල් මංගල්‍යය’ හෙවත් ‘අලුත් සහල් මංගල්‍යය’ මෙවර පැවැත්වෙන්නේ 51 වැනි වතාවට ය. කෘෂිකර්ම අමාත්‍යංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, විසින් උතුරු මැද පළාත් සභාවේ ද රජයේ විවිධ දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල ද අනුග්‍රහය ඇතිව සමස්ත ශ්‍රී ලංකාවේ ගොවිජනතාවගේ ආශිර්වාදාත්මක සහභාගීත්වයෙන් 2018 අප්‍රේල් මස 08 වන දින පෙරවරුවෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා උසස් අයුරින් සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති ස්‍යාමෝපාලි මහානිකායේ, මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්ම රක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ය.

ඉතිරිය»

 

  බක් මස අව අටවක පෝය


 බක් මස අව අටවක පෝය අප්‍රේල් 07 වන දා සෙනසුරාදා අපර භාග 11.32 ට ලබයි.
9 වන දා සඳුදා පූර්ව භාග 02.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 08 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 15 වන දා ඉරිදා

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]