UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

මනා ඇරඹුමකින් ඉදිරියට ම යමු

මිනිසුන් වශයෙන් මෙලොව උපත ලැබූ අපි ජීවිතය ජය ගැනීම සඳහා අනේකවිධ වූ ක්‍රියා මාර්ගයන් හි නිරත වෙමු. මෙය ආරම්භ වන්නේ යමක් තේරුම්ගත හැකි වයසේ පටන් ම ය. ලාබාල අවධියේ දී ඉගෙනීම කෙරෙහි ළමුන් හුරු කරවීමට මව්පියෝ අපමණ වෙහෙසෙති. එයට හේතුව යම් ක්‍රියාවක ආරම්භය ශක්තිමත්ව ගොඩනඟාගත හැකි නම් එහි ඉදිරි ගමන්මග සාර්ථක කර ගැනීම එතරම් අපහසු නො වීම යි.  කිසියම් කාර්යයක් ආරම්භ කොට ඉදිරියට පවත්වාගෙන යාමේ දී පුද්ගලයාතුළ විශේෂ ශක්තීන් සයක් පිහිටා තිබිය යුතු බව අත්තකාර සූත්‍රයේ සඳහන් වෙයි. මෙම සූත්‍රය බමුණෙකු ගේ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. එහි ඇතුළත් කරුණු සය දැක්වෙන්නේ මෙසේ ය. ත්වං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ අත්ථි ආරම්භ ධාතු,ති? ...... අත්ථි නික්ඛමධාතු...... අත්ථි පරක්කමධාතු...... අත්ථි ථාමධාතු...... අත්ථි ඨිතිධාතු.... අත්ථි උපක්කමධාතූ’ති . මෙහි දැක්වෙන ‘ආරම්භ ධාතු’ නම් යම් ක්‍රියාවක් ආරම්භ කිරීමයි. එම ක්‍රියාව ඉදිරියට පවත්වාගෙන යාම ‘නික්ඛම ධාතු’ යන්නෙහි අදහසයි. “පරක්කම ධාතු’ යනු බාධා මැඩගෙන ඉදිරියට යාම වන අතර නොසැලී පැවතීම ‘ථාම ධාතු’ නම් වේ. “ඨිති ධාතු” යනු වීර්යයෙහි පිහිටා සිටීමයි. උපක්‍රමශීලී වීම “උපක්කම ධාතු” නම් වෙයි.

ඉතිරිය»

 

  බක් මස අව අටවක පෝය


 බක් මස අව අටවක පෝය අප්‍රේල් 07 වන දා සෙනසුරාදා අපර භාග 11.32 ට ලබයි.
9 වන දා සඳුදා පූර්ව භාග 02.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 08 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 15 වන දා ඉරිදා

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]