UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 94: කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා

බුදුපිළිමයේ උපත - 94:

කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු සිදු කළ ආදාහන පූජාව පිළිබඳව ද එම ආදාහන පූජාවෙන් පසු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දස කොටසක් අන්තර්ගත කර දස ස්තූප නමින් ස්තූප දසයක් නිර්මාණය කළ බව ද මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ. සිදුහත් කුමරා ශාක්‍ය වංශික වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන කරුණකි. ශාක්‍යයින්ට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේ කොටස කපිලවස්තුවෙහි සාදන ලද ස්තූපයක නිධන් කරන්නට යෙදුණි.

පුරාවිද්‍යා කැණීම් මගින් ධාතු කරඬුව අනාවරණය කරගත් අයුරු

ධාතූන් වහන්සේලා වැඩ සිටි රන්කරඬු

ඒ සමයෙහි වේදේහ පුත් අජාතසත්තු නම් මගධ රජ්ජුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු සඳහා රජගහ නුවර ස්තූපයක් ද කරවා පුදපූජා පැවැත් වූ හ. (මහා පරිනිබ්බාන සූත්‍රය සිංහල පරිවර්තනය සනත් නානායක්කාර පි. 109 – 1999)

සමකාලීන රජකෙනෙකු මැදිහත් වී සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කර ස්තූපයක් කරවා පුද පූජා පැවැත් වූ බව මිස අන්‍ය සර්වඥ ධාතූන් වහන්සේ කොටස් නිධන් කර ඉදි කරවූ ස්තූප කුමන රජකෙනෙක් ඒ කාලයේ දී කරවනු ලැබුවේ දැයි සඳහන් නොවේ. මේ නිසා ම කපිල වස්තුවේ ශාක්‍යයින්ට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකරන ලද ස්තූපය පිහිටි කපිලවස්තු පුරය ගැන විද්වතුන් අතර මත දෙකක් පවතී. එයින් එකක් නම් මෙකල ඉන්දියාවට අයත් පිප්රුවාහි කපිලවස්තු රාජධානියේ සර්වඥධාතූන් වහන්සේලා නිදන් කර සාදන ලද දාගැබ ගැන ය. එය බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් විසින් නිධන් කරන ලද බව සඳහන් වේ.

අනෙක් ස්ථානය මෙකල නේපාලයේ කපිල වස්තු රාජධානිය ඊඪතචභපචඬධබ තිලෝරාකොට් ප්‍රදේශයයි.

සිදුහත් කුමරු ගිහි කාලයේ වසර විසි නවයක් වාසය කළේ ද කපිලවස්තු රාජධානියෙහි ය. ශාක්‍ය වංශිකයන් සමඟ පෞද්ගලික ව වෛර බැඳගත් විඩුඩභ කුමාරයා ශාක්‍යයින්ගේ රාජ්‍යය වූ කපිලවස්තු දේශය විනාශ කිරීමට තුන්වරක් ම උත්සාහ කළේ ය. එම අවස්ථා වළක්වාලීමට හැකි වුව ද තුන්වන අවස්ථාවේ දී ඉතා කෲර ලෙස ශාක්‍ය ජනපදය විනාශ කිරීමට විඩුඩභ කුමාරයාගේ හමුදාව ක්‍රියා කළහ.

චීන ජාතික පාහියන් හා හියුංෂාං හිමියන් පිළිවෙලින් රාජවර්ෂ 5 හා 7 යන සියවස්වල දී කපිලවස්තු රාජධානියට පැමිණි බැව් එම වාර්තාවල සඳහන් වේ. ඒවා පුරාවිද්‍යාඥයන්ට බෙහෙවින් ම උපකාරී වූයේ ය. චීන භික්ෂූන් වහන්සේ දෙනමගේ වාර්තා අනුව උන්වහන්සේලා කපිලවස්තු රාජධානියට පැමිණෙන විට ඒ ප්‍රදේශ කාන්තාර බවට පත් වී තිබුණු බව සඳහන් වේ. ඊට හේතුව ඉහතින් සඳහන් කළ විඩුඩභ කුමරුන්ගේ විනාශකාරී යුද්ධයයි. පුරාවිද්‍යාඥයින් විසින් සිදුකරන ලද කැණීම්වලින් මේ බව හෙළි වී ඇත.

විද්වතුන්ගේ මත දෙක අනුව ඊඪතචභපචඬධබ නේපාලයේ කපිලවස්තු රාජධානිය ලුම්බිණි පුදබිමේ සිට කි.මි. 30 දුරින් බටහිර දෙස පිහිටා ඇත. ලුම්බිණි පුදබිමේ සිට කිලෝමීටර් 15 දුරින් ඉන්දියාවේ පිප්රුවා නමින් හඳුනාගෙන ඇති කපිලවස්තු පුරය විඩුඩභ කුමරු විසින් විනාශ කරන ලද ප්‍රදේශය ලෙසින් හඳුනාගෙන ඇත. 1897 – 1898 කාලයේ දී පිප්රුවා හි කළ කැණීම් වලදී (ඉන්දියාවේ) ඩබ්.සී. පෙපේ සහ පි.සී. මුඛර්ජි යන මහත්වරුන් විසින් කරන ලද කැණීම්වලදී (ප්‍රධාන ස්තූපයේ නටබුන්) එහි අඩි 18 පමණ යට තිබී ගලින් කළ මංජුසාවක් හමු වී ඇත. එහි තුළ තිබූ කරඬු පහක් ද හමු වී තිබේ. එම එක කරඬුවක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද ලේඛනයක් ද හමු වී තිබේ. ඒ ලේඛනය මෙසේ ය.

ඉයං සලිල නිධරන බුදසභගවතා
සකියානං සුකිති භතානාං සභගිනි කානං - සසුන දලන
මෙහි තේරුම මෙසේ ය.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතු නිධානය දැඩි භක්තියෙන් යුක්ත වූ උන්වහන්සේගේ සහෝදර සහෝදරියන් සහිත ශාක්‍යයන් විසින් කරවන ලදී.

මෙම පුරාවිද්‍යා කැණීම පිළිබඳ අවස්ථා (ස්තර) තුනක් ගැන පුරාවිද්‍යාඥයෝ හෙළි කරති. පළමුවන ස්තරය ධාතු නිධන් කළ ශාක්‍යයන්ගේ කාලය යි. දෙවැනි ස්තරය අයත් වන්නේ රාජවර්ෂ 3 වන සියවසට අයත් අසෝක රජුගේ කාලයට ය. මෙහි තෙවැනි ස්තරය ඉන්පසු රජ වූ කුශාන රාජ වංශික යුගයට අයත් වන්නේ ය. එය රාජ වර්ෂ (ක්‍රි.ව.) දෙවැනි සියවස ට අයත් වේ.

මෙහි ඇති බ්‍රාහ්මී ලේඛනයට අයත් වන අක්ෂර සහ එහි භාෂාව වාක්‍ය ස්වභාවය අසෝක රජුගේ කාලයේ දී ලියන ලද බ්‍රාහ්මී අක්ෂරවල ස්වරූපය දක්නට ලැබේ. මේ නිසා අසෝක රජු විසින් මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කළ ස්තූපය ප්‍රතිසංස්කරණය කිරීමේ දී ලියවන ලදැයි කියනු ලැබේ.

කෙසේ වුවද මෙහි මුල් ම ධාතු නිධානය ශාක්‍යයින් විසින් සිදුකර ඇති නිසා අසෝක රජුගේ කාලයේ දී ද කණිෂ්ක (කුශාන රාජ යුගයේ) රජුගේ රාජ්‍ය කාලයේ දී ද ප්‍රතිසංස්කරණය කරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

මෙසේ ඉන්දියාවේ පිප්රුවා හි කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා 1978 අප්‍රේල් මස 28 වැනි දා ලංකාවට වැඩම කර මහ ජනතාවගේ වැඳුම් පිදුම් සඳහා අවස්ථාව සැලසුණි. 2012 දී ද මෙම කපිලවස්තු ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවීම සිදුකර ඇත.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 93: ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කළවෛශාලිය

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]