UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

තල්අරඹේ සිරි සුදස්සි රූමස්සල නා හිමි

උපතින් හැත්තෑ අටවන විය සපුරන රූමස්සල නා හිමියන් වෙනුවෙන් මාර්තු 03 දින ගාල්ල රූමස්සල පිරිවෙනේ දී ජන්ම සමරු පින්කම් රැසක් පැවැත්වේ.

1940 දී දකුණුලක ගාලු දිස්ත්‍රික්කයේ තල්අරඹ නම් ග්‍රාමවරයේ දී දයාසේන නමින් පින්වත් කුමරු උපත ලදහ. 1955 මැයි මස 09 වන දින කොග්ගල තලාතුඩුව අරණ්‍යසේනාසනයේ දී සසුන් ගතව 1960 ඔක්තෝබර් 29 දින ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ නිර්මාතෘවර රාජකීය පණ්ඩිත කඩවැද්දුව ජිනවංශ මා හිමි හා මාතර ඥානාරාම මා හිමි යන උතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා දොරපේ ඉන්දෝහාස නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් මහෝපාධ්‍යාය ධූතංගධාරී මඩවල ධම්මතිලක මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් කොග්ගල නදී උදකුඛේප සීමාමාලකයේ දී උපසම්පදා විය.

මූලික අධ්‍යාපනය ගාල්ල වැලිවත්න විජයානන්ද පිරිවෙන අහංගම දිගරැද්ද ශ්‍රී විද්‍යාචන්ද්‍ර යන ආයතනය හා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය, ගංගොඩවිල විද්‍යෝදය විශ්වවිද්‍යාලය (හින්දි භාෂා උපාධිය හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය (ශාස්ත්‍රපති) ආදී විද්‍යාස්ථානවලින් උසස් අධ්‍යාපනය ද ලැබූහ. පිරිවෙන් ගුරු පුහුණුව රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ද ලබා ගත්හ. භාරත දේශයේ ප්‍රධාන සංඝ නායක හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන් යටතේ ඉන්දියාවේ ධර්ම දූත පූහුණුව ද ලබා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දී මහාචාර්ය භදන්ත ආනන්ද කෞශල්‍යාන මා හිමි යටතේ හින්දි භාෂා පුහුණුවක් ලබා ගත්හ. අම්පාර දිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙනෙහි පරිවෙණාධිපති වශයෙන් ද ක්‍රියා කළේ ය.

අතිදුෂ්කර, උපද්‍රව හා අභියෝග ඉදිරියෙහි නොසැලී ගාල්ල රූමස්සල කන්දේ 1974 දී පොල්අතුවලින් ආවරණය කළ කුටියකින් ආරම්භ කළ ආවාසය සාමණේර හිමිවරුන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන විද්‍යාස්ථානයකි. තවද කතරගම පෙරගිරිගම ‘බෞද්ධාශ්‍රමය’ යන නමින් විහාරස්ථානයක් ද මෑත භාගයෙහි ආරම්භකොට සසුනට දායාද කොට ඇත.

ඉගෙනුමෙහි දක්ෂතාවය විදහා දක්වමින් බෞද්ධාචාර්ය ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේ දී ශාස්ත්‍රපති ප්‍රවීණාචාර්ය විනයාචාර්ය සහ කම්මට්ඨානාවාචාර්ය (භාවනා පුහුණුව) වැනි විවිධ උපාධි සහ පාඨමාලා ගණනාවක් සමත් වී ඇත තව ද 2018 දී (එනම් මෙම සමරු පින්කම් අතරතුර දී) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙතින් ශ්‍රී වනරතන ඉන්දෝභාස වංසාලංකාර ධර්මශාස්ත්‍රශූරී, කම්මට්ඨනාචාර්ය’ යන ගෞරව නාමයෙන්ද පිදුම් ලබති.

තෛ‍්‍රනිකායික භික්ෂු සංඝයා අතරෙහි ද සම්භාවනාවට පාත්‍ර වූ උන්වහන්සේට තෛ‍්‍රනිකායික එක්සත් භික්ෂු බලමණ්ඩලය මගින් අධිකරණ සංඝ නායක පදවියක් ද පිරිනමා ඇත. සැත්තෑ අට වන වියට පා තබන නා හිමිපාණන් වහන්සේට ලෝසසුන් වැඩ වඩන්නට දිගාසිරි සම්පත් තෙරුවන් බෙලෙන් ලැබේවායි පතමු.


මයිලපිටියේ ජිනසේන නා හිමි

1965 දෙසැම්බර් 27 මහනුවර මයිලපිටියේ එම්.කුඩාබණ්ඩා මහතාට හා එම්.කුමාරි හාමි මහත්මියට දාව නිමල් ජයසිංහ නමින් ඉපිද 1981 ජනවාරි පළමුවැනිදා තෙළඹුගල නිග්‍රෝධාරාම පිරිවනේ දී මයිලපිටියේ ජිනසේන නමින් පැවිදි විය.

උඩුනුවර තෙළඹුගල නිග්‍රෝධාරාම පරිවෙණාධිපති විමලපිටියේ ඤාණවංස නා හිමියන් යටතේ 1981 ජනවාරි 01 වැනිදා පැවිදි බවට පත්ව 1982. ජුනි 02 ගම්පොල හින්නාරන්දෙනිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයට වැඩම කර එම විහාරය සංවර්ධනය කළ හ.

1982 ජුනි 02 හින්නාරන් දෙනිය බෝධිරාජාරාම විහාරයේ පොල්අතුසෙවිළිකල මඩුවට වැඩම කළ සේක.

කැකිරාව මුරුංගාහිටිය ගම්මානයේ නිග්‍රෝධාරාම නමින් විහාරස්ථානයක් ආරම්භ කරන ලදී.

හින්නාරන්දෙනිය දරුවන් උදෙසා ප්‍රංඥාවංශ නමින් දහම් පාසලක් ආරම්භ කරන ලදී. බෝධි රාජ කුළගණ සමිතිය. ශ්‍රී බෝධිරාජ ප්‍රජාසත්කාර පදනම, කිරින්ද සමගි සුභසාධක සමිතිය ඇතුළු විවිධ ස්වෙච්ඡා සමිති සමාගම් ආරම්භ කරමින් විශාල මෙහෙවරක් ඉටු කරන ලදී. උඩුනුවර ප්‍රාදේශීය සංඝ සභාව මෙන්ම උඩරට සිරි අත්ථදස්සි සංඝ සභාව උන්වහන්සේ වෙත ප්‍රාදේශීය නියෝජ්‍ය ලේඛක ධුරය පිරිනැමූ අතර උඩුනුවර ප්‍රාදේශීය අධිකරණ සංඝ නායක පදවියද පිරිනමන ලදී. නිරෝගි දිගාසිරි සම්පත් සැලසේවා.


තල්වත්තේ ඉන්ද්‍රජෝති හිමි

වාද්දුව තල්පිටියේ දළදාවත්ත පුරාණ මහා විහාරාධිපති පානදුර තොටමුණබද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි අපවත් වී වදාළ විහාරාධිපතිව වැඩ සිටි පණ්ඩිත තල්වත්තේ ඉන්ද්‍රජෝති හාමුදුරුවන් වහන්සේ ගේ ජන්ම දිනය සමරා වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ මහා පින්කම මෙම මස 18 ඉරුදින ධර්ම මන්දිරයේ දී පැවැත්විණි.විහාරස්ථ කාර්ය සාධක සමිතිය (දායක සභාව) මගින් එය සංවිධානය කර තිබිණි.


නාවලපිටියේ සරණජෝති හිමි

සෙංකඩගල පුර මුල්ගම්පොල ග්‍රාමයේ ජී.බී.එඩ්මන් මහතා හා එච්.එම්.සෝමාවති මහත්මියට දාව 1955 සැප්තැම්බර් 06 උපත ලැබූ කුමරා මහනුවර ඩී.එස්. සේනානායක විදුහලට ඇතුලත්ව සිප්සතර හදාරා ධර්ම විද්‍යාලයේ අධ්‍යාපනය ලබා 1966 ගම්පොල කුරුඳුවත්ත කොළුවල ශ්‍රී බෝධිරාජාරාමාධිපති මොරගොල්ලේ ජිනරතන නා හිමියන්යටතේ ගම්පොල රන්තැටිය පිරිවෙනේදී නාවලපිටියේ සරණජෝති නමින් පැවිදි විය.

1967 දී මොරගොල්ලේ ජිනරතන හිමියන්ගේ මග පෙන්වීම යටතේ ගම්පොල රන්තැටිය පිරිවෙනේ අධ්‍යාපනය ලබා ගන්නා ලදී.

1978 දී උපසම්පදා විය. අනතුරුව සරසවි වරම් ලබා 1985 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලදී. ගුරු සේවයට එක්වූ උන්වහන්සේ පොළොන්නරුව ගිරිතලේ කලක් සේවය කළ අතර වත්තල හුණුපිටිය බණ්ඩාරනායක මහා විදුහලෙහි ගුරුවරයෙකු ලෙස ගොස් විදුහල්පති ලෙස ද සේවය කළ අතර මහර කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේද සේවය කරන ලදී.

2002 දී යටපාන ශ්‍රී ජිනේන්දාරාම විහාරයේ විහාරාධිපති ලෙස පත්විය. ධර්ම ග්‍රන්ථ හා සංස්කෘතික සාහිත්‍ය ග්‍රන්ථ 45 රචනා කරන ලදී. කඩා වැටී තිබූ විහාර ස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සම්පූර්ණ කරමින් වයපාන ගමට නව ආලෝකයක් එක්කරන ලදී. උන්වහන්සේගේ පැවිදි දිවියට වසර 50 ක් සපිරේ. ශ්‍රී දළදා සමිඳු සරණින් දිර්ඝායුෂ ලැබේවා.

 

 මැදින් පුර අටවක පෝය


 මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]