UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය - 13: වන්දනීය පූජනීය දළදා වහන්සේ

ශ්‍රී දළදා පුරාණය - 13

වන්දනීය පූජනීය දළදා වහන්සේ

ලක්දිව අවසන් භාගයෙහි සිටි නායක්කාර වංශික රජවරුන් පවා දාළදා වහන්සේ පණ මෙන් ආරක්ෂා කළ බව දළදා පුරාණය පිළිබඳව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් ව ඇත. එසේම දළදා පරිශ්‍රය තුළ ඇති නාථ, විෂ්ණු, කතරගම , පත්තිනි යන සිව් මහා දේවාලවල දේවමණ්ඩලය විසින් ද දළදා වහන්සේ ආරක්ෂා කරන බව බෞදධයන්ගේ විශ්වාසයයි.

ක්‍රි.ව. 1818 පෙබරවාරි 19 එවක ආණ්ඩුකාරවරයා විසින් ශ්‍රී වික්‍රමසිංහ රජතුමා අත්අඩංගුවට ගත් අවස්ථාෙවි දී දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ නමක් පමණක් නොව, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හිමි පුද්ගලයාට පමණක් රාජ්‍ය බලය හිමි වන බව ද එංගලන්තයේ ඉංග්‍රීසි ආණ්ඩුවට දන්වා යවා ඇත. එබැවින් දළදා වහන්සේ ආරක්ෂා කිරීම කළ යුතු බව ඔහු විසින් ද ඉංග්‍රීසි ආණ්ඩුවට දන්වා යවන ලදී. ඉංග්‍රීසි ආණ්ඩුවේ සිටි පිරිසක් මෙන්ම අන්‍යාගමික පිරිස් විරුද්ධව කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ ආගමි ස්ථාන ද මාලිගාව අවට ඉදිකිරීමට කටයුතු කර ඇති බවත් පැවසේ. එය වර්තමානයේ දළදා මන්දිරය අවට දක්නට ලැබේ.

1818 දී ඌව කැරැල්ල ආරම්භ වුයේ ද දළදා වහන්සේ ආරක්ෂා කරගැනීමේ එක් අභිලාෂයක් ඇතිවය. එය අසාර්ථක වුවද, ඉංග්‍රී‍්‍රිසි ආණ්ඩුව තරමක් නම්‍යශීලී බවට පත්ව දළදා වහන්සේගේ අයිතිය මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ මහානායක මා හිමිපාණන් වහන්සේලාට හා නිලමේවරුන්ට සන්නසකින් බාර කර ඇත. ඒ අනුව වර්තමානය දක්වාම එම ක්‍රමෙවිදයට අනුව දළදා වහන්සේ ආරක්ෂා කරනු ලබයි. දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය නැතිව රාජ්‍ය බලය බාරගත නොහැකි බවට සාධක නොයෙක් අවස්ථාවලදී දැක ගත හැකිය.

විශේෂයෙන්ම නායක්කාර වංශික රජවරුන් ගේ මෞලි මංගල්‍යය නාථ දේවාල භූමියෙහි චෛත්‍ය අසල පවත්වා ඇති අතර ඉන් අනතුරුව දළදා වහන්සේ අභියසට ගොස් රාජ්‍ය බාරගෙන කටයුතු කළ බවට තොරතුරු මහා වංශයේ සඳහන් වේ. ඒ අනුව ලක්දිව සෑම කටයුත්තකදී ම දළදා වහන්සේගේ ආශිර්වාදය නැතිව කටයුතු නොකළ බව පැහැදිලිය. දළදා හාමුදුරුවන් වහන්සේගේ ප්‍රාතිහාර්යය නිසාම බොහෝ පිරිස් භාරහාර වී ඇත. එම තත්ත්වය වර්තමානයෙහිදීත් දැක ගත හැකි ය. විශේෂයෙන්ම රැකියාවක් ලබාගැනීම, විභාග සමත් වීම, දරුවන් ලැබිම ආදී අවස්ථාවන්හි දී දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා බාර වන අවස්ථාවන් දැකිය හැකිය. සෙංකඩගල ප්‍රදේශයෙහි යම් කිසිවෙකුට දරුවෙකු ලැබුණ අවස්ථාවක දී පළමු කොටම දරුවා දළදා වහන්සේට පුජා කිරීම සිරිතක් වශයෙන් සිදුකරනු ලැබේ.

දුර්භික්ෂ, නියඟ කාලයන් නිමා කිරීමේ බලයක් දළදා වහන්සේට තිබෙන බවට විශ්වාසයක් ද පවතී. විශේෂයෙන් ම පෙරහර අවස්ථාවන්හිදී වර්ෂාව නොලැබුණහොත් පෙරහර නිවැරැදිව නොපැවැත් වුණ බවට මතයක් ද බෞද්ධයන් අතර පවතී. යටත් විජිත සමයේ වසර දහයක් පමණ දිගු කාලයක් නියඟය පැවැති අතර මහජනතාවගේ දැඩි ඉල්ලීමට අනුව ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් දළදා දැක්මක් පැවැත් වූ බවත් ,ඉන්පසු මහා වැසි ඇද වැටී නියඟය අවසන් වූ බවත් , මහා වංශයේ සඳහන් වේ. එය දළදා වැස්ස යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වා ඇත. අනතුරුව ඉංග්‍රීසීන් විසින් දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා බිය පක්ෂපාතීව කටයුතු කර ඇත.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිසිම පුද්ගලයෙකුගේ හිතූ මනාපය පරිදි දැක බලාගැනීමේ අවස්ථාව ලැබෙන්නේ නැත. දළදා හාමුදුරුවන් වහන්සේ දැනට කරඬු හතක් මත තැන්පත් කර ඇති බැවින් එම කරඬු විවෘත කිරීම උදෙසා මල්වතු අස්ගිරි මහානායක මා හිමිපාණන් වහන්සේලා හා දියවඩන නිලමේතුමන් අනිවාර්යෙන් ම සහභාගී විය යුතු ය. එම අවසරය මත දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට අවසරය ලැබෙන බව සඳහන් කළ හැකි ය. බෞද්ධ ජනතාව පමණක් නොව අන්‍යාගමික නායකයන් හා ජනතාව පවා දළදා හාමුදුරුවන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් දක්වන බව සඳහන් කළ හැකි ය.


ශ්‍රී දළදා පුරාණය - 12 : සිරි දළදා අසිරිය

 

 නවම් පුර පසළොස්වක පෝය


 නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 30 වන දා අඟහරුවාදා අපරභාග 10.25 ට ලබයි. 31 වන දා බදාදා අපරභාග 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 07 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]