UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බොදු සමුළුව මෙරට දී

2017 නොවැම්බර් 2 වන දින සිට 7 වන දින දක්වා අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ

21 වන ශතවර්ෂය ගෙවෙමින් පවතින අද වන විට, නවීන ලෝකය වඩා ව්‍යාකූල බවට පත්වෙමින් හා ඵලදායී විසඳුම්වලින් බැහැරට ගමන් කරමින් සිටි. ආගමික ගැටුම් හා පළිගැනීම් හේතුවෙන් ඇති වූ කුරිරු ත්‍රස්තවාදී දාමය පුළුල් වී ඇති අතර එය නතර කළ නොහැකි වටපිටාවක් බවට පත්වෙමින් පවතී. තවද සාධක ගණනාවක් හේතු කොටගෙන අප ජීවත්වන පෘථිවිය විශාල අර්බුදයක් අද්දරටම පැමිණ ඇත. නිදසුනක් ලෙස, න්‍යෂ්ටික අත්හදා බැලීම් හා මිල්ටරි තර්ජන ලෝකයේ සාමය හා ස්ථාවරත්වයට විනාශකාරී මාවතක් විවර කර ඇත. ස්වභාව ධර්මයේ මාතාව දෙස බලන කල, අධික සම්පත් පරිභෝජනය හේතුවෙන් පාරිසරික විනාශයන් ඇති වී ඇති අතර දේශගුණික විපර්යාස, ආහාර අර්බුදය, ස්වාභාවික ආපදාවන්, බෝවන රෝග ව්‍යාප්තිය මේ වන විට සුලභව ලොව පුරා දැකිය හැකි ය. අද වන විට අප සියලු දෙනා ජීවත් වන මෙම පෘථිවිය ව්‍යසනකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතින අතරම විද්‍යාව හා තාක්ෂණය ඔස්සේ සමාජය වඩාත් දියුණු අවධියක් දක්වා වර්ධනය වී ඇත. එමගින් මානව වර්ගයා ධනවත් ජීවිතයකට හිමිකම් කීමට සමත් වුවද සමස්තයක් ලෙස අප ජීවත් වන ලෝකය අද මුහුණදෙන මේ අවධානම් තත්ත්වය සැබැවින් ම බරපතළ ය .

ඉතිරිය»

ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පෝදා

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පුර පසළොස්වක පෝය දින චාරිත්‍රානු කූලව පැවැත්වේ. කාර්තික මංගල්‍යය නිමිත්තෙන් ශ්‍රීදළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි ශ්‍රී දළදා මාළිගාවේ කාරිය කරවන කෝරාල කේ.එම්.සී. කරුණාතිලක මහතා නිකුත්කර ඇති දැන්වීමෙන් මෙසේ දක්වා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පිරිසුදු සිතින් පින් කරමු

අද ඉල් පුරපසළොස්වක පෝය දිනය, මේ වර්ෂයේ කඨින පින්කම් කරන අවසාන දවස, මේ වන විට ඔබ එක කඨින පින්කමට පමණක් නොවෙයි. කඨින පින්කම් රැසකට, ඒ හා බැඳුණු තවත් පින්කම් බොහොමයකටත් සහභාගි වී ඇති. ඒ ඒ අවස්ථාවල පොදුවේ පින්කම් ගැන අසන්නටත් ඇති. අද පෝය දවසේ ඒවා නැවත සිහිපත් කර ගනිමු. මොහොතකට සිතා බලන්න. අද ජීවතුන් අතර නැති, මිය පරලොව ගිය ඔබේ වැඩිහිටියන්ට නෑදෑ හිතවතුන්ට ඒ අය උපයා ගත් මිල මුදල්, යාන වාහන, ඉඩකඩම් ආදිය තිබෙන්නට ඇති. පරලොව යන විට ඒ අය ගෙන ගියේ මොනවාද? නෑදෑයෝ යහළු මිත්‍රයෝ ඔවුන් සමඟ ගියා ද? කිසිවෙක් නෑ. සුසාන භූමියට පමණක් ගිහින් ආපසු ආවා. එතකොට දේපළ ගියේත් නෑ. එකට සිටිය අය ගියේත් නෑ. කිසිවක් ම ගෙන ගියේ නැද්ද? ගෙන ගියා. ඒ පව් පින් දෙකයි. මරණින් මතු ජීවිතයට සම්බන්ධ වන්නේ පව් පින් පමණයි. පව් බලවත් වුණොත් පරලොව දී ලැබෙන්නේ දුක, පින ශක්තිමත් වුණොත් ලැබෙන්නේ සැප. අපි කවුරුවත් මෙලොව වශයෙන්වත්, පරලොව වශයෙන්වත් දුක් විඳීමට කැමැති නොවෙමු. කැමති සැපතටයි. දුකට අකැමැති නම් දුක ලැබෙන පව් නොකර ඉන්න ඕනෑ. සැපතට කැමැති නම් සැප ලැබෙන පින් කරන්න ඕනෑ.

ඉතිරිය»

ධර්ම දූත සේවය ඇරඹුණු වගයි

 

අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව එළඹුණු මුල් වස් තුන් මාසය ගත වූ විට ලොව මුල්වරට මහ රහතන් වහන්සේලා සැට නමක් පහළ වූහ. ඒ අනුව එම මහරහතන් වහන්සේලා සැට නම ලොව මුල් වරට ධර්ම ප්‍රචාරක කටයුතුවලට පිටත්ව යාම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයින් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියන් වූ සාරි බැමිණිය සම්‍යග් දෘෂ්ටික වී මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම, සාරිපුත්ත මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ දී පිරිනිවන් පෑම, මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම වැනි වැදගත් ශාසනික සිදුවීම් රාශියක් ඉල් මස පුර පසළොස්වක පොහෝ දා සිදු වී ඇති අතර පසු වස් පවාරණය කළ යුතු දිනය මෙන් ම, කඨින චිවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය යෙදෙනුයේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දා ය. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේලා ද සමඟ පළමු වරට වස් සමාදන් වූ සේක. එම වස් කාලයේ දී ම උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සුත්‍ර දේශනාව පවත්වා එම පස්වග මහණුන් වහන්සේලාට රහත්වීමට මඟ පෙන්වා දුන් සේක. තව ද මෙම වස්කාලයේදීම උන්වහන්සේ යස කුල පුත්‍රයා හා ඔහුගේ යහළුවන් පනස් හතර දෙනෙකුට රහත් මගපල ලැබීමට මග පෙන්වූ සේක.

ඉතිරිය»

පළමු රහතන් වහන්සේ සැට නම ධර්ම ප්‍රචාරයට ගමනාරම්භ කිරීම. සිතුවම සත්සර ඉලංගසිංහ

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]