UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තාවකාලික පැවිදි බව ලැබීම

තාවකාලික පැවිදි බව ලැබීම

තාවකාලිකව පැවිදි බව ලැබීම ආසියානු බෞද්ධ රටවල බෙහෙවින් ජනපි‍්‍රය කාරණයක් බව කියයි. ඊට හේතුව වන්නේ තාවකාලිකව පැවිදි බව ලැබීම තුළින් සමාජයට යහපත් පුද්ගලයකු නිර්මාණය වීමයි.

විශේෂයෙන්ම බුරුමය, තායිලන්තය, තායිවානය වැනි බෞද්ධ රටවල සෑම බෞද්ධයෙක්ම ජීවිතයේ කිසියම් කාලයක් භික්ෂුවක ලෙස පුහුණුවක් ලබා ඒ අනුව තමන්ගේ සිත සකස් කරගෙන සාමාන්‍ය ජීවිතයට හිමි සන්සුන් මනසක් නිර්මාණය කර ගනියි.

එම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ අම්බලයාය කටාන ස්විස් ලංකා සදහම් සෙවන ආයතනය විසිනි. එහි වර්තමාන ආධ්‍යාත්මික උපදේශක වන්නේ ජර්මනියේ ප්‍රධාන සංඝ නායක, ස්විට්සර්ලන්තය ජීනීවා නුවර ජාත්‍යන්තර බෞද්ධ පදනමේ සහ සුරිච් බෞද්ධ විහාරයෙහි ආධ්‍යාත්මික උපදේශක, යටියන සුදස්සන භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය වල්පොල කල්‍යාණතිස්ස නා හිමියන් විසිනි.

ස්විස් ලංකා සදහම් සෙවන භාවනා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරනු ලබන්නේ ස්විට්සටර්ලන්තයේ අන්තර් ආගමික මධ්‍යස්ථානයේ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ, සූරිච් බෞද්ධ විහාරාධිපති කරුවලගස්වැව අනුරුද්ධ හිමියන් විසිනි.

එම වැඩසටහන දෙසැම්බර් මස 14 වන දින සිට දෙසැම්බර් 25 දින දක්වා අම්බලයාය ස්විස්ලංකා සදහම් සෙවන ආයතනය තුළ නේවාසිකව පැවැත්වෙන බව කියයි. එම කාලය තුළ ධර්ම දේශනා පුහුණුවීම්, භාවනා වැඩසටහන් ධර්ම සාකච්ඡා, පිණ්ඩපාත චාරිකාව ආදි පැවිද්දකු සතුවිය යුතු මූලික සුදුසුකම් පුහුණු කරවනු ඇති බවද කියයි. තාවකාලික පැවිද්ද කිසියම් දින කීපයකට පමණක් සීමා වුවත් එය මුළු මහත් ජීවිතය තුළම ආලෝකයක් වන බවද කියයි.

කටාන අම්බලයාය ස්විස් ලංකා සදහම් සෙවන වැඩසටහන් සම්බන්ධීකරණ කළුආරච්චියාගම සුමනරතන හිමියන්ගෙන් වැඩි විස්තර දැනගත හැකි බව ද කියයි.

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]