UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ සදහම් අරණ

බුදුසරණ සදහම් අරණ


ළමා සමාජයේ සාමාජිකයෝ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකත්වය දරන දුවේ පුතේ, මේ වස්සාන කාලය යි. පින් පිරෙන මාසය යි. ඔබත් මවුපියන් සමඟ එක්ව කළ හොඳ ක්‍රියා, පුණ්‍ය ක්‍රියා ගැන නිර්මාණාත්මකව අප වෙත ලියා එවන්න. ඉදිරි කලාපවලදී එම නිර්මාණ පළ කරමු. හොඳම නිර්මාණ සඳහා වන ත්‍යාග ඉදිරියේ දී ලැබෙන්නට සලසමු. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් ඇති අංකය යි.

76. ජී.දහම්සා පෙරේරා
5 ශ්‍රේණිය
ශ්‍රී ධර්මරාජ දහම් පාසල, වාද්දූව

77. බී. අරෝෂා ශෂිප්‍රභා පෙරේරා
6 ශ්‍රේණිය
ශ්‍රී ධම්මපාල ධම්ම විදුහල, රාගම

78. බී. දුලනි පබසරා කුරේ
3 ශ්‍රේණිය
ශ්‍රී ධම්මපාල ධර්ම විද්‍යාලය, රාගම

79. ඩබ්ලිව්.ඩී. තිසලි සෙනල්‍යා
1 ශ්‍රේණිය
දික්හේනපුර ශ්‍රී පුෂ්පාරාම දහම්පාසල, හොරණ.

80. ඩබ්.ඩී. සිනෙත් සන්සිලු
2 ශ්‍රේණිය
දික්හේනපුර ශ්‍රී පුෂ්පාරාම දහම් පාසල හොරණ

81. එස්.එච්. තිසරණී ධනංජනා
8 ශ්‍රේණිය
ශ්‍රී ධම්මානන්ද දහම් පාසල, සීදුව

82. අයි.කේ. විහඟ නිම්සර
4 ශ්‍රේණිය
විමලානන්ද දහම් පාසල

83. නිදුල දින්සඳ මනමේන්ද්‍ර
9 ශ්‍රේණිය
රාජකීය විදුහල, කොළඹ

84. ලියනගමගේ චතුර ධම්මික
5 ශ්‍රේණිය
ගා / ඉදිපලේගොඩ මහ විදුහල, බඹරවාන

85. ඩබ්.ඒ. ඉමේෂා නෙත්මිනි
9 ශ්‍රේණිය
ශ්‍රී සෝමානන්ද දහම් පාසල


උතුම් දානය – ධර්ම දානය

ධර්ම දානය සියලු දානයන්ට වඩා උතුම් යැයි ධර්මයේ සඳහන් වේ. ධර්ම දානය පින් වැඩෙන මහත් කුසල කර්මයක් බව ගමේ පොඩි හාමුදුරුවන්ගෙන් දහම් පාසලේ දී මම ඉගෙන ගත්තෙමි. එබැවින් මගේ පවුලේ සාමාජිකයන් සමග මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී ගමේ පන්සලේ සිල් සමාදන් වු උපාසක උපාසිකාවන්ට ‘බුදුසරණ’ පුවත්පත් ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කිරීමට සහභාගි වූයෙමි. තව ද අපි පවුලේ සියලු දෙනා එක් ව පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයේ දී දානය ගැන කියවෙන කවි පෙළක් ඇතුළත් ධර්ම පත්‍රිකාවක් ද එදින සිල් සමාදන් වූ උපාසක උපාසිකවන්ට බෙදා දුන්නෙමු. ඔබත් මෙවැනි කුසල් වැඩෙන පින්කම් කිරීමට, එවැනි පින්කම්වලට සහභාගි වීමට හැකිතාක් උත්සාහ කරන්න.


සිල් සුවඳ

ගිහි ගෙදර ජීවත්වන අප නිරන්තරයෙන් කාමභෝගි ජීවිතයට යොමු වී සිටිමු. එහෙත් මේ අසාර වූ සංසාර ගමන පිනෙන් පූර්ණ කරගෙන, අනන්ත වූ කුසල් දහම් රැස් කරගත හැකි වන්නේ මේ මිනිස් ජීවිතය තුළ දී පමණි.

සා පිපාසාව ඔබට මෙන් ම මට ද තදින් දැනෙන, වේදනා ගෙනෙන දුක්ඛ සහගත තත්ත්වයක් බව නිසැක ය. නිවසේ ඇති කරන සුරතල් සතුන්ට පිපාසයට පැන් පොදක් තබන්න. අත්තෙන් අත්තට පනින ලේනුන්ට, කුරුලු කොබෙයියන්ට ජල බඳුනක් තබන්න. එය ඔබගේ චිත්ත ප්‍රබෝධයට හේතු වෙයි. දිනෙන් දින ඒවා පිරිසුදු කිරීමට ද මොහොතක් ගත කරන්න. මඝ කුමාරයා අන් අය අතර පැහැදීමට හේතු වූ කරුණක් ලෙස පින්තාලි තැබීම ද සඳහන් ය .

දිනෙන් දින පින් වැඩෙන කුසල කර්ම ඔබ ද නො පමාව කරන්න. අද අද ම හැකිතාක් කුසල කර්මවලට දායක වෙන්න. මෙලොවින් රැගෙන යන එක ම දෙය අප සිදුකළ කුසල හා අකුසල ක්‍රියාවන් ම ය. පින් රැස් කිරීමට ලොකු කුඩා භේදයක්, දුප්පත් පොහොසත් භේදයක් නැති බව සිතන්න.


පින් කිරීමේ අනුසස්

ගෙවී ගිය පොහොය දිනට පෙර දින අපි අම්මා සමඟ අපේ පන්සලේ ඩෙංගු මර්ධනය කිරීම සඳහා පැවැත්වූ ශ්‍රමදානයකට සහභාගි වූයෙමු. අම්මා පැමිණ සිටි වැඩිහිටියන් සමඟ එක් වී පන්සල් භූමිය පිරිසිදු කළාය. කුඩා අපි බෝධිය අවට පයට පෑගෙන වියළී ගිය බෝ පත් අතින් එකතු කළෙමු. එය දුටු අපේ පන්සලේ නායක හාමුදුරුවෝ එම සද්ක්‍රියාව මහත් ආනිශංස ගෙන දෙන බව පෙන්වා දුන්හ. බුදු බණ ඇසුරින් පුංචි කතන්දරයක් කියා දෙමින් අපගේ සිත් සතුටු කළහ. ඒ වගේ ම බිනර මස පසළොස්වක පොහෝ දිනයේ දී අම්මා සහ තාත්තා සමඟ විහාරස්ථානයට ගොස් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරන ලද උතුම් බුද්ධ පූජාවට සහභාගි වූයෙමු. ඒ උතුම් පූජාව අවසානයේ දී බිනර මාස පොහොය දින බෞද්ධ අපට වැදගත් වන ආකාරය පිළිබඳ ව පන්සලේ ලොකු හාමුදුරුවෝ අපට කියා දුන්හ.


පින් පිරෙන වස්සානය

මේ වස්සාන කාලය යි. පින් පිරෙන මේ කාලයේ දී මම කළ පුණ්‍ය ක්‍රියා රාශියකි. සෑම දවසක ම සවසට දෙමාපියන් සමඟ පන්සල් ගොස් වන්දනාමාන කිරීම අතපසු නො කරමි. මාගේ උපන්දිනය දා උදේ මහා සඟරුවනට හීල්දානය පූජා කිරීමට හැකිවීම සිතට මහත් සතුටකි. පන්සලේ ආලෝක පූජාවට සහභාගි වීමට ද අවස්ථාව ලැබුණි. මේ ගෙවුණ වස් දිනයන් හි සෑම පෝයකටම සිල් සමාදන් වූයෙමි. ඒ වගේ ම අහිංසක සතුන්ට ඇප උපස්ථාන කිරීමට ද මම අමතක නො කළෙමි. මේ සෑම පුණ්‍ය ක්‍රියාවක්ම නිර්වාණාවබෝධයට හේතු වේවා යනු මාගේ ප්‍රාර්ථනාව යි.


නිතර පින් කරමු

මෙලොව එළිය දකින දරුවා ජීවිතය යහපත් කර ගන්නේ මවුපියන් ගේ ආභාෂයෙනි. බුදුරජාණන් වහන්සේ වදාළේ දරුවන් පවින් වළක්වා ගැනීමත්, යහපතෙහි යෙදවීමත් මවුපියන් ගේ වගකීමක් බවයි.

දිනපතා ම අඳුර වැටීගෙන එන විට,අම්මා, තාත්තා, හා නංගී සමඟින් එක් වී මම ද නිවසේ බුද්ධ වන්දනාව සිදු කරමි. පාසල් යන්නට පෙර මවුපියන්ට වඳිමි. පාසල් අවසන් වූ විට පංති භාර ගුරුතුමියට වැඳ නිවස බලා යමි. දනට පිනට මුදලින් හා ආහාරපාන ආදියෙන් සංග්‍රහ කිරීමට උත්සාහ කරමි. මාගේ උපන් දිනය දාට පන්තියේ යහළු යෙහෙළියන්ට පැන්සල්, පොත් ආදිය තෑගි කරමි. මම මෙයින් බලාපොරොත්තු වන්නේ ජීවිතයට ආශිර්වාදය ලබා ගැනීම යි.

 

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය සැප්තැම්බර් මස 27 වනදා බදාදා අපරභාග 07.08 ට ලබයි. 28 වනදා අපරභාග 09.36 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් මස 05 වනදා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]