UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මියන්මාරයෙන් ජනපතිට තෑගි ලැබුණු ඇත් පැටවා දළදා මාලිගාවට පූජා කරයි

මියන්මාරයෙන් ජනපතිට තෑගි ලැබුණු ඇත් පැටවා දළදා මාලිගාවට පූජා කරයි

මියන්මාර් රජයෙන් තමාට ලැබුණු හස්ති රාජයා බුදුරදුන්ගේ සු අසූ දහසක් ධර්මස්කන්ධයේ පහස ලද ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් දළදා වහන්සේ වැඩසිටින, දළදා මාලිගාවට පුජා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර එතුමාට නිවන් දකින්නට තරම් හේතුවන පුණ්‍යකර්මයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමියෝ පැවසූහ.

මෙයට පෙර ජනපතිතුමා රුසියාවෙන් තමන්ට ලැබුණු වටිනා අසිපතක් ද තමන් සන්තකයේ තබා නො ගෙන කෞතුකාගාරයට පරිත්‍යාග කළ බව ද උන්වහන්සේ කීහ.

මියන්මාර් ජනරජ – සමූහාණ්ඩුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව ලබාදුන් පාන් ස්වේ මවුන්ග් නමැති අවුරුදු 24 ක් වයසැති ඇතා ජනපතිතුමන් විසින් ශ්‍රී දළදා මාලිගාවට පුජා කිරීම නිමිත්තෙන් පසුගිය දා (08) ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත් වූ උත්සවයේ දී අනු නා හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

පුලතිසි රාජා නමින් මෙරට දී නම් ලද අඩි 08 ක් උස මේ ඇතා බරින් කිලෝ ග්රෑම් 3000 කි. මියන්මාරයේ දකුණු ඛාගෝ ප්‍රදේශයෙන් 1993 මාර්තු මස 04 දින අල්ලා ගෙන තිබෙන මේ ඇතා එරට දැව සංස්ථාව භාරයේ සිටිය දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇත.

ඇතා නිල වශයෙන් දළදා මාලිගාවට බාරදීම සනිටුහන් කරමින් ජනපතිතුමා විසින් රිදී මංජුසාවක බහාලූ සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත බාර දෙනු ලැබුවේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහ නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ය. වර්තමානයේ පෙරහර මංගල්‍යයන් පැවැත්වීමට අලි ඇතුන් අවශ්‍යව තිබෙන බවත් මේ පිළිබඳ වනජීවි ඇමැතිවරයාගේ ද අවධානය යොමු කරන බවත් උන්වහන්සේ කීහ.

මියන්මාරය මගින් මෙරටට ලබාදුන් ඇත්තු තිදෙනෙකු දැනට ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන බවත් විමලධම්ම අනුනාහිමියෝ පැවැසූහ.

එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත, දළදා තේවාව භාර නායක තිබ්බටුවාවේ මේධංකර යන හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ද බුද්ධශාසන හා වනජීවි ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පළාත් සභා ඇමැතිවරුන් වන එදිරිවීර වීරවර්ධන, තිළිණ තෙන්නකෝන්, සතර මහ දේවාල බස්නායක නිලමේවරු, වනජීවි අමාත්‍යාංශ ලේකම් ඩී. බී. මීගස්මුල්ල, බුද්ධශාසන අමාතශාංශයේ ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ යන මහත්වරු සහ මියන්මාර් රජයේ නියෝජිත පිරිසක් ඊට සහභාගි වූහ.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20 වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වනදා අඟහරුවාදාය.

 

මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]