UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිළිටි සිතක ස්වභාවය

කිළිටි සිතක ස්වභාවය

කිළිටි සිතක් සහිත පුද්ගලයාගේ කි‍්‍රයාකාරකම් පහක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒ අනුව තමා විසින් තමා පිළිබඳ විමර්ෂණයක යෙදීමෙන් තමාගේ ස්වභාවය තීරණය කළ හැකි යි. පාලියෙහි හිරි නමින් හඳුන්වනු ලබන පව් කිරීමට ඇති වන ලජ්ජාව පළමු කාරණාවයි. පව් හෙවත් අකුසල් කිරීමට ලජ්ජා විය යුතු යි. පව් කිරීමට හෙවත් අකුසල් කිරීමට ලජ්ජා නොමැතිකම අහිරි නමින් හඳුන්ව යි.

එවැනි පුද්ගලයන් වර්තමාන සමාජයෙහි බහුලව දක්නට ලැබෙ යි. ලජ්ජාවක් බයක් නැතිව කයෙන් වචනයෙන් අයහපත් ක්‍රියා කර යි. කළ අකුසල ක්‍රියාවන් බයක් ලජ්ජාවක් නැතිව ප්‍රසිද්ධියේ වුවත් ප්‍රකාශ කිරීමට පෙළඹෙ යි. ජීවිතයේ පළමු බොරුව ප්‍රකාශ කිරීම අපහසු වුවත්, දෙවන, තුන්වන වතාවන් හි එම අකුසලය කිරීමට හුරු පුරුදු වෙයි. නොකිය යුතු බව තමාගේ හෘද සාක්ෂිය දැනගත් විට එය ඔහුගේ සිතට වද දුන්න ද, හුරු පුරුදු වීමත් සමඟ සාමාන්‍ය ස්වභාවයට පත් වෙයි. එවැනි පුද්ගලයන් මේ සමාජයෙහි කෙතරම් ජීවත් වෙනවා ද? පුද්ගලයාගේ කටින් කයින් කරනු ලබන ක්‍රියාදාමයන් හි පවතින කිළිටි නොකිළිටි බව පින පව කුසල් අකුසල් පිළිබඳ නිර්ණායකයන් බණ පොතේ සඳහන්ව පවතී.

බණ පොතේ කාරණා නොදන්නා පුද්ගලයෙකුට තමාගේ හෘද සාක්ෂියට එකඟ නොවන ක්‍රියා පව් වශයෙනුත් හෘද සාක්ෂියට එකඟ වන කාරණා පින් වශයෙනුත් හඳුනාගත හැකි යි. පොදු සමාජය විසින් එය යහපත අයහපත වශයෙන් හඳුන්වනු ලබයි. ආගමික සමාජය විසින් එය පින පව වශයෙන් හඳුන්වනු ලබයි. ධර්මයෙහි එය කුසල අකුසල වශයෙන් හඳුන්වයි. මානසික දියුණුව පුද්ගල ජීවිතයට අත්‍යවශ්‍ය ය. ඒ නිසා නිතර නිතර තමා පිළිබඳ විමර්ෂණයක යෙදිය යුතුයි.

තමන් සිතන කාරණාව ම ඔප්පු කිරීම සඳහා විමර්ෂණයක යෙදෙනවාට වඩා සත්‍ය අසත්‍ය කුමක් ද? ආර්ය අනාර්ය මාර්ගය කුමක් ද? යනුවෙන් නිවැරැදිව වටහා ගත යුතු යි. ලාභ මාර්ගය කුමක් ද? නිවන් මාර්ගය කුමක් ද? හඳුනාගෙන ගමන් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයේ ගමන් කරන බව පෙන්වමින් ලාබ මාර්ගයක ගමන් නොකළ යුතුයි. අහිරික නම්, පවිකරන්නා අකුසල් කිරීමට බිය නොමැතිකමයි. කේළාම් කියමින්, බොරු කියමින්, අනෙකා හෙළා දකිමින් තමා සම්පූර්ණ නිවැරැදි පුද්ගලයෙකු ලෙස සිතමින් අනෙකාගේ අඩුව ම ප්‍රකාශ කරයි.

යහපත් බවක් ප්‍රකාශ කළත් අවසානයෙහි කුඩා ප්‍රමාණයක හෝ අඩුවක් තබයි. අනෙකා පිළිබඳ ව කිසියම් විරෝධයකින් මානසික පීඩනයකින් පෙළෙන ඇතැම් පුද්ගලයන් දක්නට ලැබෙයි. ඒ සඳහා මානසික ප්‍රතිකාර ලබාගත යුතුයි. අනෙකා පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින්, ක්‍රෝධයෙන්, අසුබම දකිමින් වැරැදිම සමාජගත කිරීමට පුදුම මානසික පීඩනයකින් කටයුතු කරයි. ඔබ සිතන කාරණා හදවතට එකඟ වෙනවා ද? යන්න ඔබ ම සිතන්න. ඇතැම් පුද්ගලයන් සිතන ආකාරයයි හදවතෙහි ස්වභාවයයි දෙයාකාරයකින් යුක්ත වෙයි. සිතින් සිතන කාරණාව හදවතට එකඟ විය යුතුයි.

අනෙකාගේ අඩුව ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම ලජ්ජාවට කාරණාවක් වෙයි. ඔහුගේ අඩුපාඩු පෙන්වාදෙමින් එය හදාගත යුතු ආකාරය ඔහුට පහදා දී අවවාද කිරීමෙන් වරදක් සිදු නොවුණත් , ඔහුට නොදන්වා ගම , පළාත තුළ ප්‍රකාශ කරමින් ප්‍රචාරය කිරීම බරපතළ අකුසලයක් වෙයි. යමෙකු ඔබට තවකෙනෙකු පිළිබඳව එසේ ප්‍රකාශ කරන අවස්ථාවන්හි ඔබ ඔහුට දොස් නොකිව්වත් ඔහුගේ සිතෙහි ස්වභාවය හඳුනාගන්න. යහපත උදව්ව කළ පුද්ගලයාගේ ම ඇද දකිනවා නම්,එය ඔහුගේ ව්‍යාධියක් වෙයි.

පවට ලැජ්ජා බය නැතිකම කිළිටි ජීවිතයක එක කාරණාවක් වෙ යි. සමාජයක ජීවිත් වීෙමි දී ලජ්ජා බය පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය වෙයි.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]