UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

පන්නිපිටිය ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයට මියන්මාර් දේශයෙන් වැඩම කරවන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (15) පැවැත්විණි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමි, ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නා හිමි, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි, යටිරාවන සීලානන්ද නා හිමි ප්‍රමුඛ මහ සඟරුවන සහ අමාත්‍ය දයා ගමගේ , බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

අත්තනගල්ල තිහාරිය අල් අසාර් මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් කෝටි දෙක හමාරක මුදලක් වැය කරමින් අත්තනගල්ල රජමහා විහාරාධිපති, ආචාර්ය මහෝපාධ්‍යාය පන්නිල ආනන්ද නා හිමියන් විසින් ඉදිකරවන ලද තෙමහල් පාසල් ගොඩනැගිල්ල ඉකුත්දා (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කළ අවස්ථාව. එම අවස්ථාවට දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි, වැලමිටියාවේ කුසලධම්ම නා හිමි,ආචාර්ය පන්නිල ආනන්ද නා හිමියන් ඇතුළු මහ සඟරුවන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ අමාත්‍ය ඒ එච්.එම්. ෆවුසි , නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු සහ ආරාධිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

පුරා විද්‍යා සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා විහාරස්ථානවලට මූල්‍ය ආධාර ලබාදීමේ පළමු පියවර වශයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා (15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත්විණි. විහාරස්ථාන 150 ක් සඳහා අදාළ චෙක්පත් ප්‍රදානය එහි දී සිදු කෙරුණු අතර සංකේතාත්මකව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චෙක්පත් ප්‍රදානය සිදු කළේ ය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි හා වැඩබලන ලේඛකාධිකාරි පොළොන්නරුව සෝමවතී රජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි, එහි දී අනුශාසනා පැවැත්වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එම උත්සව සභාව ඇමතූහ. රට පුරා විහාරස්ථාන 500 ක් නියෝජනය කරවන මහා සංඝ රත්නය ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

මොරටුව ලුනාව ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ රන්දෝලි මහ පෙරහර ඉකුත් 16 වනදා පැවැති අතර එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සධාතුක කරඬුව වාසනා හස්තිරාජයාගේ පිට මත රන්සිවි ගෙය තුළ තැන්පත් කරනු ලැබිණි. විහාරාධිපති දොඩම්පහළ සිද්ධාර්ථ නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිටිනාමළුවේ පඤ්ඤාවංශ හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පෙරහර පැවැත්විණි. විහාරාධිපති නාහිමියන් වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහි දී අටපිරිකර පූජා කළ අවස්ථාව.

ඓතිහාසික රිදී විහාරයේ වාර්ෂික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර ඉකුත් දා (18) පැවැත්විණි. එදින සුබ නැකතින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික රිදී විහාර භාරකාර තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නා හිමියන්ගේ සුරතින් රිදීවිහාර පෙරහරේ නිලමේ චූල බණ්ඩාර ගුණතිලක මහතා වෙත සධාතුක කරඬුව භාරදුන් අවස්ථාව.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]