UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සමඟ මෙවර සහල් පිරිනැමීමක්

අනුග්‍රහය සීමාසහිත සිසිල් පාන සහ ආහාරදාන සමිතිය අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවෙන්

මිහින්තලා පුද බිම දියුණු කිරීමට ලේක්හවුස් ආයතනය හැම විට බොදු ජනතාව ඒකරාශී කරගෙන කටයුතු කිරීම පින්දෙමින් පැසසිය යුතු කරුණක් බව මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ ඒ බව සඳහන් කළේ මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව ඉකුත් බක්පුර පසළොස්වක පෝදා මිහින්තලා පුදබිමේ දී සිදුකළ අවස්ථාවේ දී ය. මෙවර කප්රුක් පූජාවේ දායකත්වය සීමාසහිත සිසිල්පාන හා ආහාර දාන සමිතිය අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාව මඟින් දැක්වූහ. එම අවස්ථාවට සීමාසහිත සිසිල්පාන සහ ආහාර දාන සමිතියේ සභාපති එච්.සී.එල්. වික්‍රමසිංහ මහතා ප්‍රධාන, ලේකම් දසනායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ එම සමිතියේ විශාල පිරිසක් සහභාගි වූහ.

ඉතිරිය»

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උළෙල

19 වන සියවසේ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමෙහි පුරෝගාමී වූ, කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණේ ආදි කර්තෘ බෝධිසත්වගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 106 වෙනි ගුණ සමරු උළෙල අප්‍රේල් 29 වන සෙනසුරාදා පස්වරු 3.00 ට කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේගේ හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් පරිවෙණාධිපති බලන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විද්‍යෝදය පිරිවෙණේ දී පැවැත්වීමට විද්‍යෝදය පිරිවෙණේ ආදි ශිෂ්‍ය සංගමය කටයුතු සංවිධානය කොට ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කෙලෙස් නසන බලධර්ම

ඒ තථාගත බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙකි. දිනක් එහි වැඩම කළ සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ ඛිණාසමබල සූත්‍රය දේශනා කළ සේක. එහිදී සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් යම් බලයන්ගෙන් යුතු වූ රහතන් වහන්සේ නමක් මා ගේ ආශ්‍රවයෝ ගෙවී ගියහ’යි, ආශ්‍රවයන්ගේ නැතිවීම ස්ථිර කළේද? ඒ රහතන් වහන්සේ ගේ ආශ්‍රවයන් ගෙවීමට, ක්ෂය කිරීමට හේතු වූ බලධර්මයෝ කොතෙක් වේද?යි විමසූහ. එහිදී සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, “මේ ශාසනයෙහි රහතන් වහන්සේ අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ධර්මයෝ තත්ත්වූ පරිද්දෙන් දකින්නෝය. කාමයන්ගේ, ආදීනව, කාමයෝ අඟුරුවළක් ආදි උපමාවලින් තත්ත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකින්නෝය. උන්වහන්සේගේ සිත විවේකයට නැඹුරු වූයේ වෙති. නිවනට අවනත වූයේ, නිවනට බරවූයේ වෙති. කෙලෙසුන්ගෙන් දුරු වූයේ වෙති. සතර සතිපට්ඨානය වඩනා ලද්දෙක් වන උන්වහන්සේ පඤ්ච ඉන්ද්‍රියෝ මැනවින් වැඩූ අය වෙති. සතර ඍද්ධි පාදයෝ වැඩු වෝ වෙති. සප්ත බොජ්ඣංග ධර්මයෝ වැඩුවෝද වෙති. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනා ලද්දෝ වෙති” යනුවෙනි.

ඉතිරිය»

දාන ආනිශංසයෙහි වෙනස

ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වන දාන ,සීල,භාවනා ක්‍රමයෙන් වඩවා ගන්නවා නම්,මේ භවයේදීම එහි ආනිශංස ලෙස සතුට ලැබෙයි. ඉධ නන්දති යනුවෙන් එම අවස්ථාවෙහිම විශාල සතුටක් ලැබෙයි. පෙච්ච නන්දති ඇසුවත් සතුටක් ලැබෙයි. කත පුඤ්ඤෝඋභයත්ත නන්දති ඒ අවස්ථාවෙහිදීත් පසුවත් සතුටින් සිටී. සතුටින් සිටීමට හැකිවීම වටිනාම ආනිශංසයක් වෙයි. උදාහරණයක් ලෙස අෂ්ටපරිස්කාරයක් හිස මත තබා ගමන් කරන වේලාවෙදී දැනෙන සතුට අල්ලපු වත්තෙන් කෙසෙල් කැනක් කපා කර තබාගෙන යන පුද්ගලයෙකුට මේ ආත්මය තුළ ලැබෙන්නේ නැහැ.අටපිරිකරක් හිස මත තබාගෙන අතගස්වමින් යන පුද්ගලයෙකුට මොන තරම් සම්මත ක්‍රියාවක් කරනවාද? යන විශ්වාසය ඔහුට තිබෙනවාද?අනුන්ගේ වත්තක කෙසෙල් කැනක් කපාගෙන යන පුද්ගලයාට තිබෙන්නේ අසම්මත ක්‍රියාවක් කරනවා යන අසහනකාරී චෛතසියක්. ඔහු අසහනයෙන් සැම විටම වටපිට බලයි. පන්සලට දානය රැගෙන යන පුද්ගලයා මොනතරම් සතුටක් ලබනවාද?ඉධ නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝඋභයත්ත නන්දති. එය දිට්ඨ ධම්ම ෙවිදනීය ආනිශංසය වෙයි.

ඉතිරිය»

සිතුවම - පුන්සර උදාර

 

බක් අව අටවක පෝය

 

බක් අව අටවක පෝය අප්‍රේල් 19 වන දා බදාදා පූර්ව භාග 02.37 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා බදාදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]