UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා ( 08) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්විණි. අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක පල්ලේගම සිරිනිවාස නා හිමි, රුවන්වැලිසෑය විහාරාධිපති පල්ලේගම හේමරතන නා හිමි ඇතුළු මහා සඟරුවන සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, චන්ද්‍රානි බණ්ඩාර, තිස්ස කරලියද්ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් ඩී. විජයරත්න, ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් ජනරාල්, ඩී.වී. බන්දුසේන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සමඟ මෙවර සහල් පිරිනැමීමක්

අනුග්‍රහය සීමාසහිත සිසිල් පාන සහ ආහාරදාන සමිතිය අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවෙන්

මිහින්තලා පුද බිම දියුණු කිරීමට ලේක්හවුස් ආයතනය හැම විට බොදු ජනතාව ඒකරාශී කරගෙන කටයුතු කිරීම පින්දෙමින් පැසසිය යුතු කරුණක් බව මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ ඒ බව සඳහන් කළේ මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව ඉකුත් බක්පුර පසළොස්වක පෝදා මිහින්තලා පුදබිමේ දී සිදුකළ අවස්ථාවේ දී ය. මෙවර කප්රුක් පූජාවේ දායකත්වය සීමාසහිත සිසිල්පාන හා ආහාර දාන සමිතිය අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාව මඟින් දැක්වූහ. එම අවස්ථාවට සීමාසහිත සිසිල්පාන සහ ආහාර දාන සමිතියේ සභාපති එච්.සී.එල්. වික්‍රමසිංහ මහතා ප්‍රධාන, ලේකම් දසනායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ එම සමිතියේ විශාල පිරිසක් සහභාගි වූහ.

ඉතිරිය»

 

බක් අව අටවක පෝය

 

බක් අව අටවක පෝය අප්‍රේල් 19 වන දා බදාදා පූර්ව භාග 02.37 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා බදාදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]