UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන් 1 වසර සිසු හමුව කනංකේ රාජ මහා විහාර පිරිවෙනේදී

අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ උපදෙස් අනුව, මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන 1 වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සුහද හමුව හා වැඩමුළුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පල්ලේගම වංගීස, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දියලපේ සිද්ධත්ථ හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කෘත්‍යාධිකාරි පරිවේණාධිපති සංගමයේ හා ගුරු උපදේශක මණ්ඩලයේ සහයෝගයෙන් කනංකේ රාජමහා විහාර පිරිවෙනේ සංවිධානයෙන් මෙම මස 27 දින පෙරවරු 08.00 සිට ප.ව. 04.30 දක්වා පැවැත්වේ.

ඉතිරිය»

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 76 වන සංවත්සරය 4 වනදා

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 76 වන සංවත්සර පින්කම හා වෑවල සැලීනා අල්විස් ගුණරත්න වැඩිහිටි නිවාසයේ 45 වන සමරු පින්කම මාර්තු 04 වනදා පිළියන්දල වෑවල වැඩිහිටි නිවාසයේදී පැවැත්වේ. තරුණ බෞද්ධ සමිතියේ අනුශාසකත්වය දරණ විහාරස්ථානයන්හි විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය වෙත එදින දවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමෙන බව තරුණ බෞද්ධ සමිතියේ සභාපති සාමවිනිසුරු ජිනේන්ද්‍රදාස ද කොස්තා මහතා කීය.

ඉතිරිය»

 

අභියෝග කළ නොහැකි සර්වඥතා ඤාණ

අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගේ සම්බුදු නුවණ ආශ්චර්යවත් එකක්. උන්වහන්සේගේ සම්බුදු නුවණ සර්වඥතා නුවණ වශයෙන් අප හඳුන්වනවා. මේ ලෝකයේ දැනගත යුතු දේවල් යම්තාක් ඇද්ද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒතාක් ය. ඒ වගේම උන්වහන්සේගේ අවබෝධය යම්තාක් වේද, මේ ලෝකයේ දැනගත යුතු දේවල් ඇත්තේ එපමණය. උන්වහන්සේගේ සම්බුදු නුවණට හසු නොවුනා වූ දෙයක් ලෝකයේ නැහැ. දිනක් අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අපූරු ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම දැක තිබෙනවා ක්ෂත්‍රීය පණ්ඩිතවරු, බ්‍රාහ්මණ පණ්ඩිතවරු, ගෘහපති පණ්ඩිතවරු ඒවගේ ම ශ්‍රමණ පණ්ඩිතවරු ඔබ වහන්සේ හමුවීමට පැමිණ නොයෙක් ප්‍රශ්න අසනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මනාකොට, නිවැරැදිවම, පිළිතුරු ලබා දෙනවා. ස්වාමිනි, මේ ආකාරයට හැම ප්‍රශ්නයකටම මනාකොට පිළිතුරු දීම පිණිස කලින්ම සැලැස්මක් ඇතිවද ඉන්නේ? යම් කෙනෙක් පැමිණ මෙසේ ඇසුවොත් මෙසේ පිළිතුරු දෙනවා කියා. එසේ නැත්නම් තථාගතයන් වහන්සේහට ඒ ඒ අවස්ථාවට අනුකූල වූ පිළිතුරු ඒ අවස්ථාවේම ප්‍රතිභානයෙන් වැටහෙනවාද?

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

බුද්ධිමය වාසනාව

සකල ජන මන ආනන්ද කරවූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ මෙලොව පරලොව දියුණුව උදෙසා හොඳ සමාජ ආශ්‍රයක් අවශ්‍ය බව මෙම ගාථා ධර්මයෙන් පෙන්වා වදාළ සේක. පුද්ගලයෙකු සමාජගත වන්නේ දෙමවුපිය ආශ්‍රයෙන් හා පාසල් අධ්‍යාපනයෙන් අනතුරුවය. එහෙයින් මූලික දැනීම හා ශික්ෂණය අවශ්‍යවන්නේ එම යෝග්‍යතම කාල පරිච්ඡේදයටය. දූදරුවන් හදන වඩන දෙමවුපියන් දරුවන්ට පෙරදිගින් රක්ෂාවරණය සපයන අතර දරුවන් වෙනුවෙන් ප්‍රධානා කාරණ පහක් ඉෂ්ට සිද්ධ කළයුතු වග සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන්නේ ය.

‘පාපා නිවාරෙන්ති – පවින් වැළැක්වීම,
‘කල්‍යාණෙනිවෙසෙන්ති – යහපතේ යෙදවීම,
‘සිප්පං සික්ඛාපෙන්ති’ – ඉගැන්වීම,
‘පතිරූපෙන දාරෙන සංයොජෙන්ති’ – ආවාහ විවාහ කරදීම,
‘දයාජ්ජං නීය්‍යාදෙන්ති’ – දායාදදීම යනුවෙනි.

මෙම කරුණු පසම දූදරුවන් සමාජගත කිරීමේදී අත්‍යවශ්‍යවන අතර එයින් එකක් හෝ ක්‍රියාත්මක නොවී නම් දෙමවුපිය, දූ දරුවන් අතර අන්‍යෝන්‍ය සුහදතාවය හා විශ්වාසය දුබලවී කුමන කාරණයකදී හෝ ජීවන ගමන අඩාලවන්නේ ය.

ඉතිරිය»

නළඟනන්ගේ විප්‍රකාර දැකීම.
සිතුවම - පුන්සර උදාර

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]