UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අභියෝග කළ නොහැකි සර්වඥතා ඤාණ

අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගේ සම්බුදු නුවණ ආශ්චර්යවත් එකක්. උන්වහන්සේගේ සම්බුදු නුවණ සර්වඥතා නුවණ වශයෙන් අප හඳුන්වනවා. මේ ලෝකයේ දැනගත යුතු දේවල් යම්තාක් ඇද්ද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒතාක් ය. ඒ වගේම උන්වහන්සේගේ අවබෝධය යම්තාක් වේද, මේ ලෝකයේ දැනගත යුතු දේවල් ඇත්තේ එපමණය. උන්වහන්සේගේ සම්බුදු නුවණට හසු නොවුනා වූ දෙයක් ලෝකයේ නැහැ. දිනක් අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අපූරු ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම දැක තිබෙනවා ක්ෂත්‍රීය පණ්ඩිතවරු, බ්‍රාහ්මණ පණ්ඩිතවරු, ගෘහපති පණ්ඩිතවරු ඒවගේ ම ශ්‍රමණ පණ්ඩිතවරු ඔබ වහන්සේ හමුවීමට පැමිණ නොයෙක් ප්‍රශ්න අසනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මනාකොට, නිවැරැදිවම, පිළිතුරු ලබා දෙනවා. ස්වාමිනි, මේ ආකාරයට හැම ප්‍රශ්නයකටම මනාකොට පිළිතුරු දීම පිණිස කලින්ම සැලැස්මක් ඇතිවද ඉන්නේ? යම් කෙනෙක් පැමිණ මෙසේ ඇසුවොත් මෙසේ පිළිතුරු දෙනවා කියා. එසේ නැත්නම් තථාගතයන් වහන්සේහට ඒ ඒ අවස්ථාවට අනුකූල වූ පිළිතුරු ඒ අවස්ථාවේම ප්‍රතිභානයෙන් වැටහෙනවාද?

ඉතිරිය»

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]