UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති පණ්ඩිත ගිරාඹේ ආනන්ද නා හිමියන් වෙත නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය අසළ දී පුරා දින හතක් පින්කම් රැසක් සිදු කෙරිණි. එම පින්කම් මාලාව මංජුල පතිරණ මහතා සහ අනුෂ්කා මල්ගොල්ල මහත්මිය විසින් සංවිධානය කර තිබූ අතර පින්කම් මාලාවේ මුල්‍ය දායකත්වය ද දරා තිබුණි.

ඉතිරිය»

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

නාරාහේන්පිට අභයාරාමයේ අභිනවයෙන් ඉදිකළ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය මහා සංඝ රත්නයෙහි ආශීර්වාදයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇතුළු මැතිඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි 25 වන දා පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පිරිහීමේ දොරටු වසා තබමු

දියුණුවන්නා හා පිරිහෙන්නා ලෙහෙසියෙන් හඳුනාගත හැකිය. ධර්මයට කැමැති වන්නා දියුණුවෙයි. ධර්මයට අකැමැති වන්නා පිරිහෙයි. දියුණුවන්නා පළමුවෙන්ම ශ්‍රද්ධාවෙන් ධර්මයට රුචිකරයි. දියුණුව හා පරිහානිය කෙරෙහි තදින්ම බලපාන්නේ ජාතිය,කුලය, ගෝත්‍රය නොව ඔහු ජීවත්වන පරිසරයයි. තමන්ගේ ආශ්‍රයට සමීපවන අයගේ ගති ලක්ෂණ තමන් වෙත එන්නේ නොදැනුවත්වමය. කරවල කැබැල්ල දුර්ගන්ධය. එය ආවරණය කළ අසුරණය පිරිසුදු වුවද පසුව දුර්ගන්ධය. එමෙන්ම සුදුහඳුන් කැටය සුවඳවත්ය. එහි ආවරණයද සුවඳ හමයි. යහපත් චරිත ඇසුර තුළින් යහපත් චරිත ගොඩනැගේ. අසත්පුරුෂ ධර්මය යනු අසත්පුරුෂයාගේ ගති සිරිත් ස්වභාවය හා අදහස් උදහස්ය. ඒවා කෙරෙහි යමෙක් රුචි කෙරේ නම් ඔහුද, අසත්පුරුෂ ඇසුර පි‍්‍රය කරන්නෙකි. දෙවැනි පිරිහීමේ දොරටුව අසත්පුරුෂ ආශ්‍රයයි. බුදුදහමේ පිරිහීමේ දොරටු පහක් විස්තර කරයි. නිදනසුළුකම, නිතර නිතර බොහෝ වශයෙන් කථාකරමින් කල්යැවීම, උත්සාහය නැතිකම, කම්මැලිකම, ක්‍රෝධ බහුලවීම යනුවෙනි.

ඉතිරිය»

නැණ පහන් දැල්වීමට සෙවණ හදන මහ යතිවරයාණෝ

පන්නිල ආනන්ද නාහිමියන්ගේ පාසල් ගොඩනැගිලි ඉදිකරවීමේ ව්‍යාපෘතිය යටතේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල දැනට ඉදිවෙමින් පවතී. අලවල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලද ඉදිවෙමින් පවතී. එමෙන්ම ඉකුත් වසරේ දී මුල්ගල තබන ලද වේයන්ගොඩ ශාන්තමරියා විද්‍යාලයේ ගණිත හා විද්‍යාගාර ගොඩනැගිල්ල ද මේ වන විට ඉදිකරමින් ඇත. එමෙන්ම තිහාරිය අල් අස්හාර් මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලද ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් දැනට ඉදිවෙමින් පවතී.

ඉතිරිය»

ගාල්ල – උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යය

ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරය වසර 120 ට අධික ඉතිහාසයකට නෑකම් කියන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයට අයත් ඉපැරැණි විහාරස්ථානයකි. ගාලු දිසාවේ පැවැත්වෙන ආගමික කාර්යයන්වල දී ප්‍රමුඛස්ථානයක් ගන්නේ මෙම විහාරස්ථානයයි.  මෙහි ආදි කර්තෘවරයාණන් වහන්සේ පනන්ගල දේවරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය. ඉන් පසු විහාරාධිපති පදවියට පත්වන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනදුන් විශ්ව කීර්තිධර ගාලු පළාතේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ ලෝක බෞද්ධ සාම මහා සංඝ සම්මේලනයේ ප්‍රධාන සභාපතිධූරය හෙබ වූ නෙළුවේ ශ්‍රී ගුණානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය.

ඉතිරිය»

සිදුහත් කුමරු සතර පෙරනිමිතිවලින් දෙවන පෙරනිමිත්ත දැකීම.
සිතුවම - පුන්සර උදාර

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන දා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]