UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

පිරිහීමේ දොරටු වසා තබමු

දියුණුවන්නා හා පිරිහෙන්නා ලෙහෙසියෙන් හඳුනාගත හැකිය. ධර්මයට කැමැති වන්නා දියුණුවෙයි. ධර්මයට අකැමැති වන්නා පිරිහෙයි. දියුණුවන්නා පළමුවෙන්ම ශ්‍රද්ධාවෙන් ධර්මයට රුචිකරයි. දියුණුව හා පරිහානිය කෙරෙහි තදින්ම බලපාන්නේ ජාතිය,කුලය, ගෝත්‍රය නොව ඔහු ජීවත්වන පරිසරයයි. තමන්ගේ ආශ්‍රයට සමීපවන අයගේ ගති ලක්ෂණ තමන් වෙත එන්නේ නොදැනුවත්වමය. කරවල කැබැල්ල දුර්ගන්ධය. එය ආවරණය කළ අසුරණය පිරිසුදු වුවද පසුව දුර්ගන්ධය. එමෙන්ම සුදුහඳුන් කැටය සුවඳවත්ය. එහි ආවරණයද සුවඳ හමයි. යහපත් චරිත ඇසුර තුළින් යහපත් චරිත ගොඩනැගේ. අසත්පුරුෂ ධර්මය යනු අසත්පුරුෂයාගේ ගති සිරිත් ස්වභාවය හා අදහස් උදහස්ය. ඒවා කෙරෙහි යමෙක් රුචි කෙරේ නම් ඔහුද, අසත්පුරුෂ ඇසුර පි‍්‍රය කරන්නෙකි. දෙවැනි පිරිහීමේ දොරටුව අසත්පුරුෂ ආශ්‍රයයි. බුදුදහමේ පිරිහීමේ දොරටු පහක් විස්තර කරයි. නිදනසුළුකම, නිතර නිතර බොහෝ වශයෙන් කථාකරමින් කල්යැවීම, උත්සාහය නැතිකම, කම්මැලිකම, ක්‍රෝධ බහුලවීම යනුවෙනි.

ඉතිරිය»

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන දා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]