UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කප්රුක් පූජාවක් සහිත ගිරි භණ්ඩ පූජාවක්

ඓතිහාසික මිහින්තලේ මහසෑයට ගිරිභණ්ඩ පූජාවත්, ලේක්හවුස් ආයතනයේ මූලිකත්වයෙන් සෑම පුර පසළොස්වක පොහෝ දිනකම සිදුකරන කප්රුක් පූජාවත් මිහින්තලා රාජමහා විහාරාධිපති, වළවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි 2017 – ජනවාරි 12 දුරුතු පුරපසළොස්වක පොහෝ දින ඉබ්බාගමුව නැලව පොත්ගුල් විහාරයේ හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

බුදුසරණ පුවතට යහපත් ප්‍රතිචාර

ඉපැරණි විහාරයක් වූ ගල්ගමුව නාන්නේරිය අමුණුකොලේ ශ්‍රී අභිනවාරාමය පිළිබඳ ඔක්තෝබර් 22 වැනිදා ‘බුදුසරණ’ පුවත්පතේ පුවතක් පළවිය. එම පුවතට දැනට දසතින් යහපත් ප්‍රතිචාර ලැබී ඇත. ගරාවැටෙන විහාර ධර්ම ශාලාව, බෝධිඝරය, විහාරය සංවර්ධනය කිරීමට එහි ප්‍රතිඵලයක් වශයෙන් උපාලි කුමාරරත්නට පින් පිණිස සුනේත්‍රා කුමාරරත්න මහත්මිය ආධාරය විහාරාධිපති වල්පොල විජිත හිමියන්ට පරිත්‍යාග කරන ලදී. ‘බුදුසරණ’ පුවත්පතේ පළවු පුවත බැලීමෙන් අනතුරුව සුනේත්‍රා මහත්මිය එම ගරාවැටෙන විහාරය සංවර්ධනය කිරීමට උරදීම මහා පින්කමක් බව කියයි. එයට සමගාමීව දසතින්ම ආධාර ගලාඑන්නට පටන්ගෙන ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දියුණුවට සුදුසු පුද්ගල ඇසුර

සිඟාලෝවාද සූත්‍රයෙහි වදාළ පරිදි පාප මිත්‍රයින් සිව් දෙනෙකි. හිස් අතින් නිවසට පැමිණ නොයෙක් හිතවත්කම්, ඇඟෑලුම්කම් පෙන්වා නොයෙක් ලෙසින් ඇති නැති ගුණ වර්ණනා කොට මිතුරාගෙන් යම් කිසිවක් ගෙන යන්නට මාන බලන ‘අඤ්ඤදත්ථූහර’ මිත්‍රයා ඉන් පළමුවැන්නාය.

න භජෙ පාපකෙ මිත්තෙ
න භජෙ පුරිසාධමෙ
භ ජෙථ මිත්තෙ කල්‍යාණෙ
භ ජෙථ පුරිසුත්තමෙ

සැදැහැවත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව ධම්මපදයෙහි ඇතුළත් ඉහත දැක් වූ ගාථා ධර්මයෙහි අදහස නම් පවිටු මිතුරන් ඇසුරු නො කළ යුතුය, අධම මිනිසුන් භජනය නො කළ යුතුය. කල්‍යාණ මිත්‍රයන් ම සේවනය කළ යුතුය. උතුම් මිනිසුන් ම සේවනය කළ යුතුය. යන්නයි.

ඉතිරිය»

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ

හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන් වහන්සේ ජිවමානව වැඩසිටිනා ගංගාරාම නම් වූ පුදබිමෙහි වැඩවසනා හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන් වහන්සේගේ සඟ පරපුරේ සිව්වන මහ නායකයාණන් වහන්සේ පිළිබද උන්වහන්සේගේ හැත්තෑතුන්වන ජන්ම දිනය දා උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු පතමින් කෙටි සටහනක් තැබීමට අවස්ථාව ලැබීම, හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන්ගේ ගිහි සිසු පරපුරෙන් බිහිවූ මා ලද මහත් වාසනාවකි. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ යනු හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන නා හිමියන්ගේ ගංගාරාම සඟ පරපුරේ වර්තමාන නායක හිමිපාණෝ මෙන්ම, හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන නා හිමියන්ගේ අපරිමිත පරිශ්‍රමයේ ප්‍රතිඵලයෙන් බිහිවූ විද්‍යෝදය සරසවියේ කීර්තිමත් ආදි විද්‍යාර්ථ හිමි නමකි. මම වූ කලී, හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ අපරිමිත පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසට බිහිවූ ආනන්ද විද්‍යාලයෙනුත්, විද්‍යෝදය සරසවියෙනුත් අකුරු කර එම සරසවියේ වර්තමාන උප කුලපතිවරයා වන්නෙමි.

ඉතිරිය»

වල්පොළ ගුණරතන නා හිමි

ගාලු පළාතේ වල්පොළ ගම්මානයේ නුවර යුගයට නෑකම් කියන පෞරාණික විහාරස්ථානයක් වනුයේ වල්පොළ ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරයයි. එහි වර්තමාන අධිපති ගෞරව ශාස්ත්‍රවේදී ,ත්‍රිපිටකවේදී වල්පොළ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පුදනු ලැබූහ.

ඉතිරිය»

සිදුහත් කුමරු හා යශෝධරා කුමරිය අතර සරණ මංගල්‍යය. සිතුවම - පුන්සර උදාර

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]