UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අව අටවක 2016.12.21

පරිසරය සුරකිමු

මහ මඟ යන එන විට ඒ මඟට වැටී තිබෙන යමක් දුටුවිට එය ඉවතට දැමීම යහගුණයකි. එවැනි දෑ දැක නොදුටුවකු සේ යෑම අයහපත්කමය. ඇතැම්විට කොළ අත්තක්. කටු අත්තක්, නැතහොත් වීදුරු කැබැල්ලක් කෙසෙල්, අඹ ලෙලි ආදිය ද මහ මඟ වැටී තිබෙනු දැකිය හැකි ය. එවැනි අවස්ථාවක එය ඉවත් කර දැමීම මහ අනතුරක් වළක්වා ගැනීමට සහාය දැක්වූවෙකු ලෙස අගය කළ හැකිය. පෙර අපේ මුතුන් මිත්තන් දවස එබඳු අවස්ථා කොතෙකුත් විය. දෙපයෙන් ඇවිද යන විට පයෙහි වැදෙන කවර බාධකයක් දුටුවද එය ඉවත්කර දැමුයේ තමා මෙන් වෙනත් අයෙකුට ද එවැනි අවස්ථාවක් අත්විඳීමෙන් වළක්වා ගැනීම සඳහා ද විය.

මෙකල ඇතැම්විට කෑම අසුරා ඇති ඇතැම් ඉටිකොළ, ප්ලාස්ටික් දවටන යන එන මඟ දමා තිබෙන අයුරු දක්නට ලැබීම සුලභ දසුනකි. එබඳු ඉවත දමන අපද්‍රව්‍යවල ඇතැම් විට ජලය පිරී එහි ඩෙංගු ආදී විවිධ රෝගකාරකයන් බෝවී සමාජයට මහත් පීඩාවක් ගෙන දෙයි. නොසැලකිලිමත් බව හේතුවෙන් එහි ආදීනවයන් විඳීමට අවට වැසියනට සිදුවන බව අමතක නොකළ යුත්තකි.

කුඩා කල පටන් හොඳ යහපත් ගුණ වර්ධනය කර ගන්නේ නම් ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරව ගත සිත වැඩෙත්ම මහා සමාජ සේවකයෙකු, පරාර්ථකාමියෙකු බවටද පත්වේ. කවර පරිසරයක ජීවත් වුවද පරිසරයට උපකාරයක් කරනු මිස විනාශයක් නොකළ යුත්තේ අප ද පරිසරයේ ම කොටස්කරුවන් වන හෙයිනි. ඇතැම් විට ඇතැම් අයෙකු තම ආහාර පාර්සලය ප්‍රයෝජනයට ගෙන එහි ඇසුරුම් ද්‍රව්‍ය පවා නිසි අයුරෙන් ඉවත් කිරීමටවත් කටයුතු නොකරන අවස්ථා ද දක්නට ලැබේ. එබඳු අවස්ථාවන් නිසාම විවිධ කෘමි සතුන් බහුලව ව්‍යාප්ත වී යාමට ද ඉඩ ඇත. එමගින් අනෙකුත් අයට විවිධ රෝගාබාධයන්ට මුහුණ දීමට සිදුවන බව මොහොතකටවත් සිතන බවක් නොපෙනේ.

තම පහසුව අගනේ ය. තමා මෙන් අනෙකාගේ පහසුවටද හැකිතාක් සහාය විය යුතු ය. උපකාර කළ යුතුය. යමක් ගැන නුවණින් විමසා යහපත උදෙසා කටයුතු කිරීම බුද්ධිමත් මනුෂ්‍යයාගේ සිරිත ය. එසේ නොකළ විට සමාජයට අත්වන්නේ කනගාටුදායක තත්ත්වයකි. එබඳු සිද්ධීන්වල මූලික හේතුව නම් අනෙකා ගැන නොසිතීම ය. නොසැලකීම ය. සමාජයේ කවරෙකු වුවද සමාජ හිතකාමී අයෙකුවීම සමාජයට කෙතරම් යහපතක් උදාකරන්නේ දැයි විමසා බැලිය යුතු වේ.

තමා යන එන ගමන් බිමන්වලදී තම සුව පහසුවට ගෙන යන දෑ පරිහරණයෙන් පසු අපද්‍රව්‍ය ලෙස මුදාහරින්නේ පරිසරයට නම් තමා යන එන ගමනෙන් ප්‍රයෝජනයක්වේදැයි සිතිය යුතු කරුණකි. වන්දනා ගමනක් විනෝද ගමනක් යන විටක පවා ඇතැම්විට පරිසරයට හානි පමුණුවන දෑ රැගෙන ඒමෙන් වළකින්නයැයි ඉල්ලීම් කිරීමට හෝ නීති පැනවීමට පවා සිදුවන්නේ ඇතැමෙක් පරිසරය ගැන මොහොතකටවත් නොසිතීම හේතුවෙනි. සුළු පිරිසක් එසේ කළ ද වැඩි පිරිසක් තමා යන එන ගමන් බිමන්වලදී පරිසරයට හානි පැමිණවීමෙන් හැකිතාක් වැළකීමට කටයුතු කරනු දක්නට ලැබේ. එබඳු අයට පැසසුම හිමිවිය යුතු ය. එහෙත් සුළු පිරිසකගෙන් වන අයහපත් ක්‍රිය නිසා මහ පිරිසකට විවිධ කරදරවලට මුහුණදීමට සිදුවීම අනුමත කළ හැකි නොවේ.

නිවසක කාර්යාලයක වැඩ බිමක ආදී කවර තැනකදී වුවද පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් හැකිතාක් වැළකිය යුතු ය. අනෙකාගේ සෞඛ්‍යයට තර්ජනයක් වන කිසිවක් හෝ නොකිරීම සිය වගකීම මෙන්ම යුතුකම බව අවබෝධ කර ගත යුතු වේ. ගුණ ගරුක නොවන විට මිනිස්කම බැහැර වෙයි. කවර සමාජයක වුවද ගුණගරුක බවට, යහපත්කමට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

අපද්‍රව්‍ය එකතු කරන ස්ථාන පැවතිය ද, ඊට අදාළ බඳුන් තිබුණද ඇතැමෙක් ඒවා නොදුටු අයුරෙන් කටයුතු කරනු පෙනේ. ඇතැම් විට තම නිවසේ අප ද්‍රව්‍ය යන එන විට මහ මඟට දමා යන අවස්ථාද නැතුවා නොවේ. පරිසරයේ සොබාසිරි රැකගැනීමටත්, පරිසරය සුන්දර අයුරෙන් පවත්වාගෙන යාමටත් කාරුණික විය යුතු ය. තම නිවස පවිත්‍රව තබා ගැනීමට දරන වෙහෙස අවට පරිසරය පිරිසුදුව තබා ගැනීමට ද වැය කළ යුතු ය. මැසි මදුරුවන්ගෙන් පමණක් නොව විවිධ කෘමින්ගෙන් සිදුවන විපත් වළක්වා ගැනීමටද එය මහෝපකාරී වෙයි.

පොදුවේ පරිහරණය කරන දෑ, එසේ අනෙකුත් අයටද පරිහරණයට ආරක්ෂා කළ යුතු ය. එකිනෙකා එසේ අනෙක් අය ගැන සිතීමෙන් ම ඒවායේ ආරක්ෂාවද තර වේ. බස්රියේ, දුම්රියේ ගමනාගමනය කිරීමේ දීද අනෙකුත් අයටද සුවපහසුව ගමන් බිමන් යාමට ඇති පහසුකම් විනාශ කළ යුතු නොවේ.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]