UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලක්වැසි ජනතාව දළදා පෙරහැර ආශිර්වාද මංගල්‍යයක් ලෙසින්ද සලකනු ලැබේ

ලක්වැසි ජනතාව දළදා පෙරහැර ආශිර්වාද මංගල්‍යයක් ලෙසින්ද සලකනු ලැබේ

ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ අනුරාධපුර යුගයේ කිත්සිරිමෙවන් රාජ සමයේදීය. එම රජතුමා දළදා වහන්සේ විෂයෙහි පුද පූජා පැවැත්වූ බවත් නව ලක්ෂයක් වියදමින් දළදා පෙරහැර පැවැත්වූ බවත් වාර්ෂිකව පෙරහැර පැවැත්විය යුතු බවට ලේඛනයක් පිහිට වූ බවත් දාඨාවංශයේ සඳහන් වේ.

එම රාජ නියමය අනුව එදා පටන් මෙදා දක්වාම විවිධ වෙනස් වීම් වලට භාජනය වෙමින් වුවද අඛණ්ඩවම පැවැත්විණි. එය වත්මනෙහි මෙරට ඇති විශිෂ්ටතම සංස්කෘතික මංගල්‍යය බවට පත්ව ඇති බවට සැක නැත.

සිංහල ජාතියේත් බෞද්ධ සංස්කෘතියේත් ප්‍රෞඩත්වය මැනැවින් පසක්වන මෙම මහා ඇසළ පෙරහැර හුදෙක් සංස්කෘතික උළෙලක්ම පමණක් නොව දළදා වහන්සේ විෂයෙහි පැවැත්වෙන පූජෝපහාර-යක්ද වෙයි. අපේ ලක්වැසි ජනතාව දළදා පෙරහැර ආශිර්වාද මංගල්‍යයක් ලෙසින්ද සලකනු ලැබේ.

අතීතයේ විවිධ රජවරුන් යටතේ විවිධ පුද පූජා මෙන්ම සංස්කෘතික අංගයන් ද එකතු වෙමින් පැවැත්වුණු මෙම ඇසළ පෙරහැරට මහනුවර විසූ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ සතර දේවාල පෙරහැරද දළදා පෙරහැරට විශේෂයෙන් එකතුකොට තිබේ.

මෙනයින් බලන කල දළදා පෙරහැර ලක්වැසි දනන්ගේ සහජීවනය විදහාපාන සංස්කෘතික මංගල්‍යයක් ලෙසින්ද සැලකිය හැකිය.

එබැවින් කවර සාධක පැමිණියද මෙම ඓතිහාසික ඇසළ මංගල්‍යය පෞරාණික චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරමින් ඉදිරියටත් පවත්වා ගෙනයාම රට කරවන රජයේ මෙන්ම අප කාගේත් වගකීමක් වෙයි. දළදා සමිඳු පිහිටෙන් සැමට යහපතක්ම වේවායි ආශිංසනය කරම්හ.

 

  නිකිණි පුර පසළොස්වක පෝය

  නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 17 වනදා බදාදා අපරභාග 04.27 ට ලබයි. 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]