UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරය

අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරය

සෙංකඩගල පුරවරයේ අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ විහාරය ක්‍රි.ව. 1347 – 1375 සමයේ ගම්පොළ යුගයේ රාජ්‍ය මෙහෙයවූ තෙවන වික්‍රමබාහු රජතුමා විසින් සිය මෑණියන් වූ චන්ද්‍රවති බිසව සිහිපත් කිරීම මුල්කරගෙන අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරය ඉදිකර ඇති බවට පොත පත්හි දැක්වේ. එම වර්ෂය ක්‍රි.ව. 1364 වශයෙන් දැක්වෙන අතර චන්ද්‍රවති බිසවගේ ආදාහන කටයුතුද මෙහිදී සිදුකර සිහිවටනයක් ලෙස චන්ද්‍රවතී නමින් රෝපණය කළ බෝධීන් වහන්සේ නමද අදත් මෙහිදී ප්‍රදර්ශනය වේ. චන්ද්‍රවති බිසවගේ භෂ්මාවශේෂ මෙහි තැන්පත් කළ නිසා ඊටම පූජනීය ස්ථානය ආදාහනමලුව වශයෙන්ද හඳුන්වනු ලබන්නේ ය. වික්‍රමබාහු රජතුමා විසින් ගෙඩිගේ විහාර සම්ප්‍රදාය අනුව මෙහි විහාර මන්දිරයක් ඉදිකොට ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කර සංඝාවාසයක්ද මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කර ඇති බව සඳහන් වේ. සියම් දේශයේ උපාලි මා හිමියන් අස්ගිරිය ගෙඩිගේ විහාරයේ වැඩ සිට ශාසනික මෙහෙවරක යෙදී සිටියදී අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ආදාහනයද මෙහිදී සිදුකර ඇත.

ඉතිරිය»

 

  නිකිණි පුර පසළොස්වක පෝය

  නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 17 වනදා බදාදා අපරභාග 04.27 ට ලබයි. 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]