UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධි සිල් ලබති

අධි සිල් ලබති

සිරිවිමල හිමි

පී.ජී.වීරකෝන් බණ්ඩාර හා පී.ඩබ්.අනුලා කුමාරි දෙපොළට දාව උපන් පී.ජී. තිලංක බණ්ඩාර නමින් 1995.09.01 දින මහනුවරදී උපත ලබා සුදුසු අධ්‍යාපනය හදාරා පාදුක්ක ශ්‍රී සේලවනාරාම විහාරයේදී දේවහන්දියේ ධම්මාරාම නාහිමි හා නාමල් ඔය ඉන්ද්‍රසාර හිමි යන දෙනම ගුරු දේවයන් කරගෙන 2008.05.01 වන දින පල්ලේවත්තේ සිරිවිමල හිමි නමින් පැවිදිබිමට ඇතුළත් වූහ.

මරදාන ධර්මදූතාශ්‍රම මහ පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය හදාරන අතර බොරැල්ල ශ්‍රී ජයවර්ධනාරාමාධිපති දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමි, බත්තරමුල්ල ශ්‍රී සුදර්මාරාමාධිපති දේව හන්දියේ ජිනරතන නාහිමි,පාදුක්ක සේලවනාරමාධිපති නාමල්ඔය ඉන්ද්‍රසාර නාහිමි යන නාහිමිවරුන්ගේ ශිෂ්‍ය පල්ලේවත්තේ සිරිවිමල පොඩි ස්වාමින් වහන්සේ පසුගිය 15 වැනිදා කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී උපසම්පදාවට පත්වූහ.

සිරිවිමල පොඩි හාමුදුරුවන්ගේ මංගල ධර්ම දේශනය මෙම (26) වන දින රාත්‍රී 7.00 සිට 8.00 දක්වා බත්තරමුල්ල ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.


උඩුරාවණ නාලක හිමි

මහනුවර ශ්‍රීමත් අනගාරික මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය,අනුරාධපුර සේනානායක විවේක සෙනසුන මීගමුව ශ්‍රී සම්බුද්ධාරාමය, අලවතුගොඩ සුමනාරාමය , මහනුවර ධර්මරාජ මාවතේ සිරි සුමනාරාමය යන විහාරයන්හි අධිපති උඩරට අමරපුර නිකායේ මධ්‍යම හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමියන්ගේ සහ කැනඩාවේ මිසිසාගාහි වෙස්ට්එන්ඩ්’ බුඩිස්ට් සෙන්ටර්හි අධිපති කැනඩාවේ ප්‍රධාන සංඝනායක කුළුගම්මන ධම්මාවාස හිමිගේ ශිෂ්‍ය නමක් ලෙස දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක උඩුරාවන නාලක සාමණේර නම 2016 ජූලි 9 වෙනි (නවවෙනි) දින උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානායක මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නුවරඑළියේ චන්දජෝති නාහිමිපාණන් ප්‍රධාන විනයවාදිනි කාරක සංඝ සභාව විසින් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ඇත.

මහනුවර කීර්ති ශී‍්‍ර රාජසිංහ පොත්ගුල් විහාරයේ සමාධි දහම් පාසලේ ධර්මාචාර්ය හිමි නමක් ලෙස දශක දෙකක කාලයක් තිස්සේ ධර්ම අධ්‍යාපන කටයුතුවල නිරතවන උඩුරාවන නාලක හිමි වත්තේගම කුඩුගල මාර්ගයේ අංක 152 හි පදිංචි ජයවීර බණ්ඩාර අත්තනායක සහ ඩබ්ලිව්. එම්. නවරත්න මැණිකේ යන දෙදෙනාගේ කනිටු පුත්‍රයා වේ. උඩුරාවණ නාලක හිමි පිළිගැනීමේ උත්සවය ජූලි 19 වෙනිදා සවස 2.30 ටත් මංගල ධර්ම දේශනාව එදිනම සවස 4.00 ට පැවැත්වේ.


වැවගම ශාසනරතන හිමි

වැවගම ශ්‍රී සද්ධර්මාරාමය, නාගස්වැව ශ්‍රී සාමවිහාරය යන උභය විහාරාධිපති ශී‍්‍ර සද්ධර්මාරාම පරිවෙනාධිපති නැගෙනහිර පළාත් ගුරු උපදේශක, වැවගම සද්ධාමංගල හිමියන්ගේ ශිෂ්‍ය නව මැදගම වැවගම ශ්‍රී සද්ධර්මාරාම පිරිවෙන්හි මූලික අධ්‍යාපනය ලබා ගිරාදුරුකෝට්ටේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන්හි ප්‍රාචීන පණ්ඩිත උපාධිය හදාරා දැනට වැවගම සද්ධාරාම පිරිවෙන්හි ආචාර්ය වැවගම ශාසනරතන සාමණේරයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පානදුර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී මෙම මස 14 වනදා අධිසිල් ලැබීමට නියමිතය

 උන්වහන්සේ ආර්.එම්. සුජීව සම්පත් මහතාගේ සහ එච්.එම්. චන්ද්‍රා කුමාරි දම්පතීන්ගේ එකම දරුවාය.

 


පේරවැල්ලේ සුමේධ හිමි

බණ්ඩාරවෙල ඉණිකම්බැද්ද ශ්‍රී බෝධිරාජාරාමාධිපති බණ්ඩාරවෙල කුඩා කුසුමි බාලිකා ජාතික පාසලේ ධර්මාචාර්ය පල්ලේවෙල විමලධම්ම හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වන බ/ ධර්‍මවිජය මහපිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන පේරවැල්ලේ සුමේධ හිමියන් සහ වීදුරුපොල සුධමිම යන සාමණේර භික්ෂූන් වහන්සේලා දෙනම ජූලි මස 9 වන දින විදුරුපොල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථ උපෝසථාගාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.

පේරවැල්ලේ සුෙමිධ හිමියන් පේරවැල්ලේ රඹාරාව රත්නසිරි නිවසේ පදිංචි ආර්. එම්. සුදු බණ්ඩා රත්නායක හා ආර්. එම්. මල්ලිකා රත්නායක යන මව්පිය දෙපළගේ පුත්‍රරත්නය විය. විදුරුපොල සුධම්ම හිමියන් විදුරුපොල කදුරුවෙල, සපුගස්තැන්නේ පදිංචි එච්. එම්. ගුණසේකර හා ඩී. එම්. තිලකා කුමාරි දිසානායක යන මව්පිය දෙපළගේ පුත්‍ර රත්නය වේ.


වාද්දුව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරය ඇතුළු චතුර් විහාරස්ථානාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන හිමියන්ගේ සහ දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරාධිකාරි මාතලගම නන්දසාර හිමියන්ගේද ශිෂ්‍ය සිව්නමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීම ජූලි මස 08 වැනි දින බලපිටිය මහා කප්පින වලව්වේ උදක්කුඛේප සීමා මාලකයේදී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක සද්ධම්මවංශපාල ගණාචාරිය අහුන්ගල්ලේ සිරිසීල විසුද්ධි මහා ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කිරීමට නියමිතව තිබුණි.

උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලද්දේ රාජකීය පණ්ඩිත උපාධි අපේක්ෂක කිතලගම සුචිත්ත, වැල්ලෙතොට සුදේව, කිතලගම සුසීල සහ බුත්තල සුමංගල යන කුඩා ස්වාමීන් වහන්සේලා සිව් නමය.

උපසම්පදා ශීලයෙහි පිහිටු වූ එම ස්වාමින් වහන්සේලා දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයට වඩම්මා ගෙන එම ජූලි 10 වැනිදා පස්වරු 02.00 ට වස්කඩුව වාඩියමංකඩ හත්දින්න සිට පෙරහරකින් සිදු කෙරෙන අතර දහම් සභාව එදින පස්වරු 04.00 ට අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ අනුනායක ත්‍රිපිටකාචාර්ය කොස්ගොඩ සුභූති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම දහම් හමුව අවසානයේ උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබු ස්වාමීන් වහන්සේලාගේ මංගල ධර්ම දේශනා පැවැත්විණි.


මාතර, තෙලිජ්ජවිල, සමරසිංහාරාම විහාරවාසී කහඳ කල්‍යාණවංශ හිමියෝ ජූලි මස 16 වැනිදා උපසම්පදාව ලබති. මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ උපෝසථාගාරයේ දී අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් ප්‍රධාන මහා සඟරුවන වෙතින් කල්‍යාණවංශ හිමියෝ උපසම්පදා භූමියට පත් වෙති. ඒ හිමියන්ගේ මංගල ධර්ම දේශනාව ඇසළ පුර පසළොස්වක පොහෝ දින පස්වරු 4.00 ට සමරසිංහාරාමයේ දී සිදු කෙරේ. කල්‍යාණවංශ හිමියෝ ශාසනයට සේම අසරණ වැඩිහිටියන්ට පිහිටවීම සඳහා මහඟු සේවයක් කරන හිමිනමකි. පසුගියදා අසරණ වැඩිහිටි යුවළකට නිවසක් සාදා දීමට ද මුල් වූහ.

 

  ඇසළ පුර අටවක පෝය

  ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]