UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මස්පන්නේ ගුණාලංකාර හිමි

මස්පන්නේ ගුණාලංකාර හිමි

කළුතර දකුණු ඈතගම ශ්‍රී විජයාරාමයෙහි මස්පන්නේ ගුණාලංකාර හිමිපාණන් විසින් නිර්මල බුදුදහමේ චිරස්ථිතිය සඳහා කරන ලද්දා වූ ශාසනික මෙහෙර අගය කරනු වස් මෙම සටහන තබමි. ඌව පරණගම ගම්පහ කෝරලේ මස්පන්නේ දිවි ගෙවූ ඒ. වී.ටිකිරි බණ්ඩා සහ එච්.ඇම්. පේමවතී දෙමව්පිය පදවියට පමුණුවමින් 1966 නොවැම්බර් 11 වන දින උපන් අහංගම විතානගේ ගුණසිංහ කුමරු දොළොස් හැවිරිදි වියේදී 1978 මාර්තු 13 වැනි දින බඹරපනේ දයානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මස්පන්නේ ගුණාලංකාර නම් ශාසනික නාමයෙන් පැවිදි වූහ. 1988 ජූලි 7 වැනි දින උපසම්පදාව ලැබූ උන්වහන්සේ ඌව පරණගම විහාරගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙනින් හා වැලිමඩ දික්කාපිටියේ ශ්‍රී විද්‍යාභූෂණ පිරිවෙණින් ශාසනික අධ්‍යාපනයේ ගුරුකුලය ලද සේක. ගුණාලංකාර පොඩිහාමුදුරුවෝ 1994 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියත් 1997 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබ පන්නරය ලද සේක. පිරිවෙන් ගුරු සේවයට අපරිමිත සාධාරණයක් ඉටු කළ ගුණාලංකාර හිමියෝ 1994.01.03 සිට අද වන තෙක් පරිවේනාචාර්යවරයෙකු ලෙසින් ශ්‍රී ධර්මාරාම පිරිවෙනෙහි සේවය කළහ.

ශ්‍රී විජයාරාමයේ ගරා වැටුණු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන ලදී.

ජනතාව සුචරිතයේ පිහිටුවාලීමට අනූපම මෙහෙයක් ඉටු කළ උන්වහන්සේ සිරි සඟබෝ දහම් පාසල තුළින් තරුණ සමිති මඟින් සහ ගමේ පිහිටි සමිති සමාගම් හරහා ජනතා ආකල්ප හඳුනාගෙන තරුණ ප්‍රජාව යා යුතු ගමන් මගට විවරණ දුන් සේක. පුෂ්පාංජලී කලායතනය ආරම්භ කොට තරුණ තරුණියන්ගේ ආකල්පමය වර්ධනය ධනාත්මක ලෙස සමාජගත කිරීමට උන්වහන්සේට හැකිවී ඇත.

2000 සිට ඇසළ මහා පෙරහර වසර 16 පුරාවට අත්‍යලංකාර අයුරින් උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ පැවැත්වෙයි.

 

  ඇසළ පුර අටවක පෝය

  ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]