UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර: බෞද්ධ ශිෂ්ටාචාරය - 01
අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර:

බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අභ්‍යාස අංක – 06

1) ස්ථානෝචිත ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ සතු විශිෂ්ඨ ප්‍රඥා ගුණයකි. මෙම ප්‍රඥාව අයත් වන බුදුරදුන් සතු ඥාන සම්පත්තිය වූයේ,

1. දසබල ඥානයන්ය
2. අෂ්ට විද්‍යාවන්ය
3. පසළොස් චරණ ධර්මයන්ය
4. ත්‍රිවිද්‍යාවන්ය
5. අෂ්ට පර්ෂද්‍ය අකම්ප්‍ය ඥානයන්ය

2) බුදුරජාණන් වහන්සේ වෙතින්ම ශ්‍රමණ භූමියට පත්ව වැරැදි සහගත හැසිරීම්වල නිරතවූ භික්ෂූන් බුද්ධ කාලයේද විසූහ. එසේ වැරැදි සහගත හැසිරීම් වල නිරතවූ භික්ෂූන් වහන්සේ නමක් වූයේ,

1) ආනන්ද තෙරුණ්ය
2. සැරියුත් තෙරුණ්ය
3. සුනක්ඛත්ත තෙරුණ්ය
4. අංගුලිමාල තෙරුණ්ය
5. රාහුල තෙරුණ්ය

3) සිදුහත් කුමරුගේ දේහ ලක්ෂණ අනුව හෙතෙම ගිහි ගෙයි වාසය කළහොත් නිතැතින්ම සක්විති රජ බවට පත්වන බව බමුණන් ප්‍රකාශ කළ අතර සිය පුත්‍රයා සක්විති රජෙකු කිරීම පියා වූ සුද්ධෝදන රජුගේ මුලික අභිප්‍රාය විය. මේ සඳහා කුමරුට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා යොමු කරන ලද්දේ,

1) අසිත තවුසා වෙතටය
2) කොණ්ඩඤ්ඤ තවුසා වෙතය
3) ධජ බමුණා වෙතය
4. ලක්ඛණ බමුණා වෙතය
5.) සර්ව මිත්‍ර බමුණා වෙතය

4) බුදුරජාණන් වහන්සේගේ දෛනික චර්යා පිළිවෙතෙහි වර්ෂ 45 ක් කාලය තුළම පවත්වාගෙන ආ අපූර්ව කාර්යයක් ලෙස සැලකිය හැක්කේ

1. සෑම දිනකම ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩීමයි
2. සෑම මොහොතකම භික්ෂූන්ට අවවාද අනුශාසනා කිරීමයි
3. අළුයම නැගිට මහා කරුණා සමාපත්තියට සමවැදි සත්වයාගේ ස්වභාවය දෙස බැලීමයි
4. සෑම සිද්ධියක් පාදක කරගෙන විනය නීති පැනවීමයි
5. අළුයම නැඟිට තම වැඩ කටයුතු යුහුසුළුව කිරීමයි

5) බුදුදහමේ දැක්වෙන සාමඤ්ඤ ඵල, මංගල, පරාභව යන සූත්‍රයන් බුදුරදුන් දේශනා කරණ ලද්දේ ප්‍රශ්න ඇසු විට ඊට පිළිතුරු වශයෙන්ය. මෙය තථාගතයන් වහන්සේ තුළ පැවති ධර්ම දේශනා ක්‍රමයන්ගෙන් එකකි. එය නම්,

1) අත්ථජ්ඣාස දේශනා ක්‍රමයි
2) පර්ජ්ඣාස දේශනා ක්‍රමයයි
3) පූච්ඡාවසික දේශනා ක්‍රමයයි
4) අට්ඨුප්පතික දේශනා ක්‍රමයයි
5.ඨපනීය දේශනා ක්‍රමයයි.

6) දිනක් බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ මහපටඟිල්ලේ නිය පිටට පස් ස්වල්පයක් ගෙන භික්ෂූන්ට පෙන්වා දෙන ලද්දේ තම නිය පිටේ ඇති පස් ස්වල්පයට වඩා මහ පොළොවේ ඇති පස් ප්‍රමාණය ඉතා විශාල බවයි. මෙම නිදර්ශනයෙන් උන්වහන්සේ විදහා දැක්වූයේ,

1.මිනිසුන් අතර පැවිදි ජීවිතයට ඇතුළත් වන පිරිස නිය පිටැති පස් තරම් ඉතා අල්ප බවයි.
2.මිනිසුන් අතර සදාචාරවත් ජීවිතයක් ගත කරන පිරිස නිය පිට ඇති පස් තරම් ඉතා අල්ප බවයි.
3.සතුන් අතර සිට මිනිසුන් සේ උපදින පිරිස මගේ නිය පිට ඇති පස් තරම් සේ ඉතාම අල්ප බවයි
4) මිනිසුන් අතර සිටින වැරදි ක්‍රියාවල යෙදෙන පිරිස මාගෙ නිය පිට ඇති පස් තරම් ඉතාම අල්ප බවයි.
5) මිනිසුන් අතර සිට සත්ත්වයන් සේ උපදින පිරිස නිය පිට ඇති පස් තරම් ඉතා ස්වල්ප බවයි .

7) අටලෝ දහමෙහි නපුර වඩාත් තදින් දැනෙන්නේ අලාභය, අයස, නින්දා හා දුක ඉදිරියේය. අප තථාගතයන් වහන්සේද එසේ මුහුණ දුන් අවස්ථා ගණනාවක්ම ත්‍රිපිටකයේ දැක්වේ. එවැනි තත්වයකට ඉන්ද්‍රඛීලයක් සේ මුහුණ දීමට හැකි වු බුදුරදුන්ගේ මෙම ගුණය හඳුන්වනු ලබන්නේ,

1.)මහා කරුණා ගුණය යනුවෙනි
2) සත්ථා ගුණය යනුවෙනි
3) පුරිස දම්ම සාරතී ගුණය යනුවෙනි
4) අරහං ගුණය යනුවෙනි
5.) තාදි ගුණය යනුවෙනි.

8) පැවිද්ද යනු ජීවිතයට අයත් සියල්ල අත් හැරීමයි. මෙසේ ආරම්භ කරන භික්ෂු ජීවිතය අල්පේච්ඡ වූ එකකි. භික්ෂුව යනු සිවුරු දරන්නා වූ පිඬු පිණිස හැසිරෙන්නා වූ සසර බිය දකින්නා වු අයෙකි. මුල් කල බුදුරදුන් තුළ පැවිද්ද හා උපසම්පදාව විමධ්‍යගත කළ අතර මේ නිසා පැවිද්ද හා උපසම්පදාව ක්‍රම කීපයකට සිදු වූහ. එම ක්‍රම අතර ඕවාදපටිග්ගහන පැවිදි උපසම්පදාවෙන් පැවිදි බව ලැබු පළමු ශ්‍රාවකයා වූයේ,

1)සුනීතය
2) රාධ බමුණාය
3) පිප්පලී මාණවකයාය
4) කොණ්ඩඤ්ඤ තවුසාය
5) සෝපාකය ( )

9) “යේ ධම්මා හේතුප්පභවා – තේසංහේතු තථාගතෝ ආහ

තේසංච යෝ නිරෝධෝ – ඒ වංවාදි මහා සමනෝ”
මෙම ගාථාව දේශනා කරණ ලද්දේ

1)අස්සජි තෙරුන් විසින් කෝලිත පරිභ්‍රාජකයාටය
2) අස්සජි තෙරුන් විසින් උපතිස්ස පරිභ්‍රාජකයාටය
3)පුණ්ණ තෙරුන් විසින් සුනාපරන්ත ජනපද වාසීන්ටය
4)ආනන්ද තෙරුන් විසින් කොසොල් ජනපද වාසීන්ටය
5) බුදුරදුන් විසින් අස්සජි තෙරුන් හටය

10) ගිහි අයෙකු උත්තරීතර වු පැවිදි බව ලබා ගන්නේ පහත සඳහන් කවර පරමාර්ථයක් මුදුන් පමුණුවා ගැනීමටද

1.(ඥාති මිත්‍රාදීන්ගෙන් ගරු බුහුමන් ලැබීමටය.
2.පහසුවෙන් ජීවනෝපාය ගෙන යෑමටය
3) මහජනයාගේ වැඳුම් පිදුම් ලබා ගැනීමටය
4)අඹු දරුවන්ට යුතුකම් ඉටු කිරීමටය
5.ගිහි ජීවිතය සම්බාධක සහිත කෙලෙස් ඇතිවන තැනක් බැවින් ඉන් මිදීමටය. ( )

පිළිතුරු

1-5 , 2-3, 3-1,4-3,5-3,6-3,7-5,8-3,9-2,10-5

අභ්‍යාස අංක – 7

1)කණිෂ්ක රජතුමා බුදු සමය වැළඳ ගැනීමෙන් අනතුරුව බුදුසමයේ සංරක්ෂණය, සංවර්ධනය හා ව්‍යාප්තිය වෙනුවෙන් මහත් මෙහෙවරක් ඉටුකළ පාලකයෙකි. බුදුසමයේ උන්නතිය වෙනුවෙන් මෙතුමා කළ ප්‍රමුඛ කාර්යයක් වන්නේ,

1.දුසිල් මහණුන් සසුනෙන් නෙරපා ශාසනය පිරිසුදු කිරීමය.
2.ථෙරවාදී බුදුසමය දේශාන්තරයන්හි ව්‍යාප්ත කිරීමය
3.ථෙරවාදි ධර්ම සංගීතියක් පැවැත්වීමට අනුග්‍රහ දැක්වීමය
4.විසිරී පැවති ථෙරවාදී ධර්මය ඒකරාශි කිරීමය
5. ධර්මය තඹ තහඩුවල ලියා තැන්පත් කිරීමය

2) පැරැණී ශ්‍රී ලංකාවේ විවිධ ඇදහිලි හා විශ්වාස මෙන්ම භාරතයේ ප්‍රකටව පැවති ආගමික සංවිධාන වල ක්‍රියාකාරිත්වයන්ද පැවැති බව ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙයි. ජෛනාගම මෙරට පැවති බවට සාක්ෂියක් ලෙසින් ඇතැම් ජෛන සාධුවරුන් උදෙසා පණ්ඩුකාභය රජු ආරාම ඉදිකරදීම පෙන්වා දිය හැකිය. එවැනි එක් ජෛනාගමික සාධුවරයෙක් වූයේ,

1)ව්‍යාධදේවයාය
2)ජුතින්ධරය
3)කුම්භාණ්ඩය
4. මහෙජය
5) වෛශ්‍රවණය

3)අතීතයේදි බ්‍රහ්ම දේශය හෙවත් ස්වර්ණ භූමිය යනුවෙන් හඳුන්වා තිබු බෞද්ධ රාජ්‍ය වර්තමානයේ හඳුන්වනු ලබන්නේ,

1)තායිලන්තය නමින්ය
2) චීනය නමින්ය
3.මියන්මාරය නමින්ය.
4.කොරියාව නමින්ය
5.ජපානය නමින්ය

4)තායි භික්ෂු ශාසනය “ධම්මයුත්තික නිකාය” හා “මහා නිකාය” යනුවෙන් වෙන් කොට විනය නීති දැඩි ලෙස පවත්වා ගෙන යාමට අනුබල දෙන රජතුමා නම්,

1.සූර්යවංශික රාම රජතුමාය
2.අනවරථ රජතුමාය
3.ධම්මචේතිය රජතුමාය
4.මොන්කුත් රජතුමාය
5.කේයංසිත්ථ රජතුමාය

5.මිහිඳු මා හිමියන් මෙරටට පැමිණ මුල්දින කිහිපය තුළ දී දේශනා කරන ලද සූත්‍ර ලෙස සඳහන් වන්නේ,

1.චුල්ලහත්ථිපදෝපම, ආසිවිසෝපම,මහාසමය යන සූත්‍රය
2. චුල්ලහත්ථිපදෝපම, අනමතග්ගිය, දේවදූත යන සූත්‍රය
3.චුල්ලහත්ථිපදෝපම ,දේවදූත, කූටදන්ත යන සූත්‍රය
4.චුල්ලහත්ථිපදෝපම, අනමතග්ගිය ,මහා සුදස්සන සූත්‍රය
5.චුල්ලහත්ථිපදෝපම ,අග්ගික්ඛන්ධොපම ,සාමගාම යන සූත්‍රය

6)භික්ෂුණීන් සඳහා මෙරට ඉදිකළ ප්‍රථම ආරාමය ලෙස වාර්තාගත වන්නේ මින් කුමන ස්ථානයද

1.වෙස්සගිරිය ආරාමයයි
2) පාචීනාරාමයයි
3) ඉසුරුමුණියයි
4) හත්ථාල්හක ආරාමයයි
4) ථූපාරාමයයි

7)භාරතය තුළ බෞද්ධ ග්‍රන්ථ විනාශ වෙද්දි එම ග්‍රන්ථ එක් රැස් කොට ඒවා සිය දේශයේ භාෂාවට නගා සංරක්ෂණය කිරීම පිණිස දායකත්වය සපයන ලද බෞද්ධ රට වන්නේ මින් කුමක්ද

1.බුරුමයයි
2) තායිලන්තයයි
3) ජපානයයි
4.කොරියාවයි
5.චීනයයි

8) සසෙන් යනු ධ්‍යාන මුද්‍රාවෙන් හිඳගෙන කරනු ලබන ශූන්‍යතා භාවනාවයි. එසේ භාවනා කිරීමෙන් ක්‍රමික ව හෝ ක්ෂණික ව බුද්ධත්වය ලැබිය හැකි බව සෙන් ඉගැන්වීමයි. මේ බුද්ධත්වය හැඳින්වීම සඳහා භාවිතා කරනු ලබන්නේ,

1.බොන් යන්නය
2.මත්සුරි යන්නය
3.බුත්සු යන්නය
4.සතොරි යන්නය
5.ජෝදෙ යන්නය

9) පොළොන්නරු යුගයේ විසූ ගුරුළු ගෝමීන්ගේ අමාවතුර නම් සම්භාව්‍ය සිංහල ගද්‍ය ග්‍රන්ථයෙන් විස්තර වෙන්නේ බුදුරදුන්ගේ

1.අරහං ගුණයයි
2) සුගතෝ ගුණයයි.
3.පුරිසදම්ම සාරථි ගුණයයි
4)සත්ථා දේවමනුස්සානං ගුණයයි
5)භගවා ගුණයයි

10) මථුරා බුදු පිලිමයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ මින් කුමක්ද

1.ශාක්‍යසිංහ ලීලාව, විවෘත නෙත් ස්වාභාවික හිසකෙස්ය
2.ශාක්‍යසිංහ ලීලාව, විවෘත නෙත්, කැරළි ගැසුණූ හිසකෙස්ය
3.ශාක්‍යසිංහ ලීලාව, අඩවන් නෙත්, ස්වාභාවික හිස කෙස්ය
4.ශාක්‍යසිංහ ලීලාව, අඩවන් නෙත්, කැරළි ගැසුණු හිසකෙස්ය
5.ශාක්‍යසිංහ ලීලාව, මන්දස්මිතය, ස්වාභාවික හිස කෙස්ය

පිළිතුරු

1-5, 2-3, 3-3,4-4,5-2,6-4,7-5,8-4,9-3,10-2


පසුගිය සතියෙන්: අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර: - 01

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]