UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක 2016.05.06

නිවන් දක්නා ජාති දක්වා

 

සියලු සිතිවිලිවලට මුල් වන්නේ සිතය. එසේ මුල් වන සිත මගින් කුසල්, අකුසල් දෙකම රැස් කරනු ලැබේ. සිතට බාහිර වශයෙන් පැමිණෙන ලෝභ, ද්වේෂ, මෝහාදිය නිසා සිත කිලිටට පත්වේ. සියලු සිතිවිලි පහළවන හෙවත් හට ගන්නා සිත නරකට අයහපතට යොමුවීමෙන් නරක හෙවත් අකුසල්ද ඒ සිත සුමඟට යොමුවීමෙන් යහපත හෙවත් කුසල් ද රැස් කරනු ලැබේ.

භවගාමී සසර පුරා සත්ත්වයා එසේ කුසල් අකුසල් රැස්කරනුයේ අනාදිමත් කාලයක සිටය. සත්ත්වයා එසේ අනන්ත අප්‍රමාණ කාලයක් සසර ඒ මේ අත සැරිසරනුයේ සිත මනා ලෙස සකස් කර ගත නොහැකි වූ හෙයිනි. නරක, අයහපත් සිත මුල් වී කළ ක්‍රියාවෙන් ලැබෙන විපාකය කටුකය. අමිහිරිය. වේදනාකාරීය. දුක් සහිතය. තමා කළ අකුසලය ගොනු පසුපස ඇදී යන ගැල මෙන් සසර පුරා දුක් විපාක පිණිස හේතු වේ.

යහපත් සිතින් කළ හා කරන ක්‍රියාවෙන් ලැබෙන ඵලය මිහිරිය. එය සැප පිණිස වේ. තමා පසුපස පැමිණෙන සෙවණැල්ල මෙන් සසර පුරා සැප විපාක ගෙන දෙයි. මෙසේ සැප විපාකත්, දුක් විපාකත් උදාකරනුයේ අන් අයෙකු විසින් නොව තමා විසින්ම බව වටහාගත යුතුය. එසේ සුළු අවබෝධයක් හෝ ඇති අයෙකු කයෙන් , වචනයෙන්, සිතෙන්, අයහපත කිරීමට පෙළඹෙන්නේ නැත. ඇතැම් විට මනුෂ්‍ය යන උසස් නාමය ලද මනුෂ්‍යයා ඔහුගේ සිතිවිලි හා ක්‍රියාකාරකම් මත ඔහු උසස් හෝ පහත් අයෙකු කරනු ලබයි. පුද්ගලයා උසස් හෝ පහත් කරනුයේ අන් කවරෙකු හෝ නොව තමාමය.

නරක සිතිවිල්ලෙහි නරක වචනයෙහි හා නරක ක්‍රියාවෙහි ඇති බියකරු තත්වය නොදන්නා බොහෝ දෙනා ඒ නරක මතින් තව තවත් අසහනයට, වේදනාවට පත්කරවනු ලැබේ. මිනිසත් භවය ලබා ගැනීම පවා කෙතරම් දුර්ලභද අපහසුද එහෙත් එසේ ලබා ගත් දුර්ලභ මිනිස් දිවිය මගින් සරු ඵල නෙළා ගැනීමට උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනෙකුද මනුෂ්‍යයා නිවැරැදි නොවන නිසාම කෙතරම් නම් අඳුරට පත්වෙනවාද ගැල අදනා ගොනු එය කොතෙක් කල් ඇද්දත් නවතාලන්නට හැකි නොවේ. ඒ තමාගේම වරදින් කළ අකුසල විපාක දීමය.

තමා යන එන විට සෙවණැල්ලද ඒ අනුව යයි. එයි නිදන, හිඳින කවර විටෙක වූව සිරුර අනුව සෙවණැල්ලද පසු පසම එයි. ඒ සෙවණැල්ලේ ස්වභාවයයි. ප්‍රසන්න සිතින් කළ කී දැයෙහි සැප විපාකද එසේ ලබා දෙයි. මෙසේ සැපටත් දුකටත් හේතුවන්නේ තමන්ගේ යහපත් අයහපත් සිතිවිලිවල විපාකයයි. නරක නපුරු සිතිවිල්ලෙහි විපාකය ගැනවත් නොසිතන ඇතැම් මනුෂ්‍යයන් මෙලොව ස්ථීර ලොවක් යැයි සිතා තමා ගැන පමණක් වෙහෙසී කටයුතු කරනු ලැබේ. තමන් වෙසෙන සමාජයට සුළු වශයෙන් හෝ උදව්වක් උපකාරයක් කළ නොහැකි වුවද කරදරයකින් හිංසාවකින් පීඩාවකින් තොරව ජීවත්වීමට උත්සාහ කිරීම පවා තමාටත් සමාජයටත් මහත් යහපතක් සෙතක් ගෙන දෙයි.

කුසල් චෛතසිකයට කුසල සිත් පෙරටු වන අතර කුසල් කරන්නන් උපනූපන් තැන සුවපත්ව වාසය කරයි. කුසල් සිත පෙරටු කර ගැනීමෙන් එසේ සුවපත් විය හැකිව තිබියදී අකුසල් චෛතසිකයන් පෙරට ගෙන දුක් විඳීමට යොමු වන්නේ ඇයිදැයි මොහොතක් සිතා බැලීම වටී. සසර තමා කළ හොඳ , නරක අනුව මිනිස් ලොව දී ජීවත්වීමට සිදුවෙයි. සසර තත්වය එසේ වටහා ගැනීමට පහසුවෙන් තේරුම් ගැනීමට හැකියාව තිබියදීත් තවත් අඳුරට සසර ජීවිතය ගෙනයාමට පෙළඹෙන්නේ කුමක් නිසාදැයි සිතා බැලීම වටී. පව් කරන කලට ඒවා මිහිරිය. එහෙත් එහි විපාක විඳින කල දුක් සහිතය. කටුකය. සසර තත්වය ගැන මොහොතක් හෝ සිහිකර අමිහිරි දුක් වේදනා විඳීමට සිදුවන පව්වලින් වැළකෙමු. කුසලයෙහි යෙදෙමු. එය සසර සැපත පිණිසම පවතී. නිවන් දක්නා ජාති දක්වා සුවපත්ව විසීමට නුවණැස මෙහෙයවමු.

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]