UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

විඤ්ඤාණය ඉවත් වූ විට සිරුර දරකඩක් වැනිය

ධම්ම පදය බෞද්ධ අත්පොතේ චිත්ත වග්ගයට අයත් ඉහත ගාථාවේ සරළ අදහස වන්නේ “ඉවතලු දර කැබැල්ලක් මෙන් මෙම කය පහවූ සිත් ඇති බැවින් හිස්ව නොබෝ කලකින් පොළොවට පතිත වන්නේය” යනුයි. බුදුරජාණන් වහන්සේ මෙම ශරීරය ලෝකයට උපමා කළා. තමා තුළින් ලෝකය දකින ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා.  ලෝක නිර්මාණය හේතුඵල දහමක් අනුව ඇති වන්නක් බව බුදුරජාණන් වහන්සේ දුටුව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ඇසට නොපෙනෙන ඉතාම සියුම් ධාතු කොටස් තුළින් ලෝකය නිර්මාණය වී ඇති බව බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් ප්‍රත්‍යක්ෂ කළා. පරමාණු, න්‍යෂ්ටික ලෝකයේ ඉතාම සියුම් දෙය බව විද්‍යාඥයින් ප්‍රකාශ කළත් සතරමහා මහා ධාතු එයටත් වඩා සියුම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතරමහා ධාතුන්ගේ හේතුවෙන් සත්ත්වයා සහ ලෝකය නැතොත් සොබාදහම නමැති ඵලය ඇති වන බව සනාථ කළා. ලෝකය යනුද, සත්ත්වයා යනුද, සොබාදහම යනුද හේතුඵල දහමක් පමණය. එය සතරමහා ධාතුන්ගේ හේතුවේ. ඵලයක් පමණය. “ධාතු මත්තකෝ, නිස්සත්තෝ, නිජ්ජීවෝ , සුඤ්ඤෝ මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්‍ය දෙයකි. එසේනම් සොබාදහම සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි.

ඉතිරිය»

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]