UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර උලුක්කුලම සිරි සුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය

අනුරාධපුර උලුක්කුලම සිරි සුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය

බුදුදහමින් පෝෂණය වූ දැහැමි සමාජයක් උදෙසා සමාජය මෙහෙයවමින් බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා මහඟු සේවාවක් ඉටුකරන රජරට ප්‍රසිද්ධ පුණ්‍යායතනයක් ලෙස අනුරාධපුර උලුක්කුලම සිරි සුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය හැඳින්විය හැක.


ශාස්ත්‍රපති යට්ටෝගොඩ සුමනවංශ නා හිමි ශාස්ත්‍රවේදී පණ්ඩිත
උලුක්කුලමේ සුමනරතන හිමි

අනුරාධපුර – පුත්තලම් පාරේ මහබුලංකුලම මැදි කොටගත් උලුක්කුලම නමැති රමණීය ගම්පියසේ සිරිසුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබේ.

උලුක්කුලම හා ඒ අවට වෙසෙන ග්‍රාමවාසීන්ගේ උදව් උපකාර ඇතිව එම භාවනා මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ සියම් මහා නිකායේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ,උතුරු මැද පළාතේ රජරට පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක, සිරිසුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානාධිපති ,සිරිසුමන පරිවේණාධිපති ශාසන ශෝභන කම්මට්ඨානාචාර්ය කලාසූරී ධර්මප්‍රභ ධීරා නන්දාභිධාන ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති යට්ටෝගොඩ සුමනවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

සුමනවංශ නායක ස්වාමීන් වහන්සේ, අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ, අපවත්වී වදාළ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, රජරට පාර්ශ්වයේ නිර්මාතෘ මතුගම ශ්‍රී ධීරානන්ද නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ද වේ. සිරිසුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟ මතුගම ශ්‍රී ධීරානන්ද නාහිමියන්ගේ අනුශාසනා මත මෙහි 1993 වසරේදී “සිරිසුමන පිරිවෙන” ද ආරම්භ කිරීමට සුමනවංශ නාහිමියෝ සමත් වූහ. පැවිදි ශිෂ්‍යයින් 12 දෙනෙකු ගෙන් අරඹන ලද සිරිසුමන පිරිවෙනෙහි දැනට ශිෂ්‍ය සංඛ්‍යාව 40 කට වැඩිය. මෙහි පරිවේණාධිපති ධුරය ඉසිලුවේද සුමනවංශ නා හිමියන්ය. වසර 25 ක් පමණ පරිවේණාධිපති ධුරය ඉසිලූ සුමනවංශ නාහිමියෝ 2016 ජනවාරි 01 වැනි දින විශ්‍රාම ලැබු අතර එතැන් සිට උන්වහන්සේ සියලු කටයුතු විහාරාධිකාරි , සිරිසුමන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, ශාස්ත්‍රවේදී පණ්ඩිත උලුක්කුලමේ සුමනරතන හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පිරිසට භාරදී දැනට කැබිතිගොල්ලෑව වහල්කඩ ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩවාසය කරයි.

රජරට උලුක්කුලම නමැති දුෂ්කර ප්‍රදේශයක භාවනා මධ්‍යස්ථානයක් හා පිරිවෙනක් ආරම්භ කිරීමේදී සුමනවංශ නාහිමියන් විඳි දුක් ගැහැට අපමණය. උන්වහන්සේගේ මේ සියලු කටයුතුවලට අතහිත දුන්නේ ප්‍රදේශවාසී ජනතාවය. උන්වහන්සේ කැලෑවෙන් ගහන විහාර භූමිය තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය ඇතිකරන යමක් කළ යුතු බව ඉටා ගත්හ.

 

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ මහබුලංකුලම උලුක්කුලම නම්වූ රමණීය ගම්පියස ආසන්නයේ මෙම භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇත.මේ එහි ප්‍රධාන වහල්කඩ වේ.

එම උත්සාහයේ හා අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙස විහාරභූමිය තුළ අගසව් ස්වාමීන් වහන්සේලා සහිත අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමා ඉතා අලංකාරවත් අයුරින් නිර්මාණය කර තිබේ. මේ අතර බුදුන්වහන්සේ මහ රහතුන් වහන්සේ සමඟ සදහම් චාරිකාවේ යෙදෙන අයුරුද මූර්තිමත් කර ඇත. එමෙන්ම සතර බුදුවරයින් වහන්සේලාගේ ප්‍රතිමා, බුදුන්වහන්සේ පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම, මුචලින්ද නාගදරණය,ආදී නිර්මාණ ද මූර්තිමත් කර ඇත. බෝධීන් වහන්සේ වටා රන්වැටක් ඉදිකිරීම, ධාතු මන්දිරයක් තැනවීම, අභිනවයෙන් ධර්මශාලාවක් හා පිරිවෙන් ශාලාවක් ඉදිකිරීම ආදිය සුමනවංශ නාහිමියන් විසින් දැනට නිමකොට ඇති විහාරකර්මාන්ත ලෙස දැක්විය හැකිය.

බෝධීන් වහන්සේ රන්වැටකින් ආවරණය කර ඇති අතර ඒ අසලම තනවා ඇත්තේ ධාතු මන්දිරයයි.
 
අභිනව පිරිවෙන් ශාලාව හා ධර්මශාලාව

උලුක්කුලම සිරිසුමන විදර්ශනා භාවනා මධ්‍යස්ථානය මේ වන විට ඉතා දර්ශනීය පූජා භූමියකි. දැනට විශාල අඩුපාඩුවක්ව පවතින්නේ සුමනවංශ නාහිමියන්ගේ නව සංකල්පයක් හා උන්වහන්සේගේම කලා නිර්මාණයෙන් ඉදිවුන අටවිසි බුදුන් වහන්සේලා සඳහා අංග සම්පූර්ණ ස්ථිර වහලයක් නොමැති කමය.

මෙම වහලය ඉදිකිරීම සඳහා මුළු වියදම රුපියල් ලක්ෂ හතක් බව ගණන් බලා තිබේ.

විහාර භූමියේ මූර්තිමත් කර ඇති අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ අගසව් ප්‍රතිමා වහන්සේලා විහාර සංකීර්ණය තුළ ඉදිකොට ඇති සතර බුදුවරයන් වහන්සේලාගේ ප්‍රතිමා. බුදුන්වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සදහම් චාරිකාවේ නිරතවන අයුරු මෙසේ මූර්තිමත් කර ඇත.
 
 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]