UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාවක් පේරාදෙණියේදී

2560 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මෙවර මැයි මාසයට යෙදෙන වෙසක් පුන් පොහොය මුල්කරගෙන පුරා දින 60ක් මුළුල්ලෙහි සිදු කෙරෙන ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාව පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම මහා විහාරය කේන්ද්‍රකොටගෙන තෙවන වතාවටත් පැවැත්වීමට විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ හා මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පණ්ඩිතාචාර්ය වත්තේගම ධම්මාවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිරි සුබෝධ වෙසක් මහෝත්සව කමිටුව මගින් විධි විධාන යොදා ගෙන යයි. මීට පෙරද මෙවැනිම මහා ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා දෙකක් 2006, 2011 යන වර්ෂයන්හී සුබෝධාරාම වෙසක් සති පින්කම් මාලාවන්ට සමගාමීව පවත්වා ඇත.

ඉතිරිය»

රජත ජයන්තිය සමරන බඹරැන්ද මාලියද්ද පුරාණ විහාරස්ථ සිරි උපතිස්ස දහම් පාසල

දහම් පාසල තරම් නූතන යුගයේ අභියෝග හමුවේ සමාජය තුළ ගලා යන වෙනත් සමාජ ආයතනයක් නැති තරම් ය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, ශ්‍රීමත් හෙන්රි ස්ට්ල් ඕල්කට්තුමා, බිවැස්කී මැතිණිය වැනි ප්‍රගතිශිලින්ගේ නොමඳ කැපකිරීම හමුවේ ශ්‍රී ලංකාවේ දහම් පාසල ආරම්භ වේ. මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර මැතිවරණ බල ප්‍රදේශයේ දික්වැල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් බඹරැන්ද, නැගෙනහිර මාලියද්ද ග්‍රාමයේ පිහිටි මාලියද්ද පුරාණ විහාරස්ථ සිරි උපතිස්ස දහම් පාසල පිහිටා ඇත. ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් 39 අතර වැඩිම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් සිටින දහම් පාසල මෙම දහම් පාසලයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බෝධි පූජාව

සසර සැරි සරන අපමණ සත්ත්වයන්ට මඟ නොමඟ දක්වන්නා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට දාන සීලාදී දස පෙරුම්දම් පාරමී, උප පාරමී, පරමත්ථපාරමී වශයෙන් පුරා අන්තිම ආත්ම භවයේ දී මායා කුසින් බිහිව ක්‍රමයෙන් රාජකුමාරයෙක්ව හැදී වැඩී සියලු සැප සම්පත් හැරදමා සයවසක් තවුස්දම් පුරමින් මහා දුෂ්කර ක්‍රියාවක් කොට දඹදිව බුද්ධගයාවේ බෝධිවෘක්ෂ මූලයේ දී උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත් වී වදාළ සේක.  බෝධි වුච්චති චතු සුමග්ගේසු ඤාණං යනුවෙන් විවරණ දක්වා ඇති බෝධිය නම් සර්වඥතාඤාණයයි. එය අවබෝධ කරගැනීමෙහිලා ආසන්නම උපයෝගීතාවය වශයෙන් අතීතයේ නියතවිවරණ ලැබීමාදී කෙතරම් උපකාරක ධර්ම පැවතියද ලොව්තුරා බුද්ධත්වයේ දී අපරාජික පරියංකය පිහිටි අස්සත්ථ වෘක්ෂරාජයාට බෝධීන් වහන්සේ වශයෙන් බුදුරදුන් ජීවමාන කාලයේ මෙන්ම මෙතෙක් වසර 2600ට අධිකව පූජ්‍යතම සංකේතය වශයෙන් වන්දන මානන පූජා සත්කාරයට භාජන වන්නේ ය.

ඉතිරිය»

සංකල්ප විහාරයේ දී මල් ලක්ෂයක් පූජා කිරීමේ පින්කමක්

පිළියන්දල මාකන්දන වැලිතොටුවත්ත ‘සංකල්ප’ ගම ශ්‍රී සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික මල් ලක්ෂයක් පූජා කිරීමේ පින්කම මෙවරද මාර්තු 22 මැදින් පෝදා සවස 6.00 ට පැවැත්වේ. ඉන්දියාවෙන් රැගෙන එන ‘දාස් මල්’, ‘රෝස මල්’, ‘නෙළුම්, අරලිය සමගින් මල් හාරලක්ෂයක් පූජා කිරීමේ පින්කම සවස 6.00ට බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ. එම දින පෙරවරු 5.00 සිට දවස පුරා දාන, ශීල, භාවනා ඇතුළත් මහා පින්කම් මාලාවක්ද, සවස 5.30ට මල් තැන්පත් කිරීම, සවස 6.00ට මල් පූජා කිරීමේ මහා පින්කමද, මල් භාර ගැනීමේ විශේෂ කාර්යාලය මෙදින පෙරවරු 8.00 සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස විවෘතව පවතී. දාස් මල් සහ නෙළුම් මල් අවශ්‍ය අය කාර්යාලයට මුදල් ගෙවා මල් ලබා ගත හැකි බවද කියයි.

ඉතිරිය»

දහම් ගුරු පුහුණු සැසිය දෙදිනක්

බුද්ධ ශාසන අමාත්‍යාංශය , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව , බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2016 කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දෙදින දහම් පාසල් ගුරු පුහුණු සංස්කරණ සැසිය මාර්තු 05 සහ 06 යන දිනවලදී පෙරවරු 8 සිට මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේදී පැවැත්වේ.

ඉතිරිය»

අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම. සිතුවම - සරත් නන්දකුමාර

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]