UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නෙත් සිත් පහන් කරවන කොළඹ නවම් මහා පෙරහර

සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේ දෙනටම අග්‍රශ්‍රාවක තනතුර පිරිනැමූ ඓතිහාසික ආගමික දිනය නවම් පුර පසළොස්වක පොහොය දවසයි. ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවූ ඓතිහාසික දිනය ද මෙම නවම් පුන් පොහොයයි. එවන් වූ ශාසනික ඓතිහාසික අනුස්මරණීය සිද්ධීන් ලොවට සිහිපත් කරවමින් තෙරුවන් වෙත පිදෙන පූජෝපහාරයක් ලෙස නවම් මහා පෙරහර වීදි සංචාරය කිරීම සුවිශේෂී වෙයි. පෙරහරක් තුළ දක්නට ලැබෙන සියලු අංගෝපාංග නවම් මහා පෙරහර තුළ අන්තර්ගතය. මෙරට පැවැත්වෙන කිසිදු පෙරහරකට නොදෙවැනි අයුරෙන් පෙරහර සංවිධානය කර වීදි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

මහ බෝ මහා සෑ අටමස්ථාන වන්දනා අසිරිමත් මහා පින්කමක්

හෙළ රජ දරුවන්ට, රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදා ර රණවිරුවන්ට, අපවත් වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේට පින් පමුණුවන අසිරිමත් පින්කමකි. ස්වර්ණමාලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාම, චෛත්‍යයන් ස්ථානවල අටපිරිකර දහස් ගණන් තැන්පත් කර අසූහාර දහසක් පිත්තල පහන් දල්වා මල් පූජා කොට මෙම අසිරිමත් පින්කම් සිදු කරනු ලබයි. අටපිරිකර පූජාකිරීමටත් ආලෝක පූජාවට හා දිළිඳු විහාරස්ථාන බුදු මැදුරු, ආවාස, වැසිකිලි ඉදිකරදීමට ආධාර කිරීමෙන් හා එදින අනුරාධපුරයට පැමිණ වනමල්, නෙලුම් මල්, බෙහෙත් ඖෂධ ලබාදීමටත් සහාය දැක්විය හැකියි. ගැබිණි මව්වරුන්ට අවශ්‍ය මදුරු දැල්, බෙට් ෂීට්, පිටිකිරි ආදී දේ සපයා දීමෙන් ද මේ අසිරිමත් පින්කමට දායක විය හැකියි. කොළඹ 7, ශ්‍රී සම්බෝධි විහාරයේ බෞද්ධයා නාලිකාවට පැමිණ මාර්තු මාසය පුරාම අටපිරිකර, පූජා ද්‍රව්‍ය, ආලෝක පූජා, ශබ්ද පූජා ආදිය ද පිරිනැමිය හැකිය.

ඉතිරිය»

බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා - අගමැති රනිල් වික්‍රමසිංහ

බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පත් මහ නායක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරුන්ගේ අවශ්‍යතාව පරිදි ක්‍රියාත්මක කැරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරු දෙනම හමුවේ (13) පැවසූහ. ඒ සම්බන්ධව අවශ්‍ය දේ මහ සඟරුවන අවශ්‍ය පරිදි සාකච්ඡා කැර අවසන් එකඟතාවකට පැමිණ රජයට බාර දෙන ලෙසත්, යෝජනා ක්‍රියාත්මක කිරීමට පමණක් රජය මූලිකත්වයෙන් කරන බවත් ඒ මහතා කීය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තම අත්බැව් දිනීම ඉතා උතුම්ය

තමා දිනන ලද්දේ ඒකාන්තයෙන්ම උතුම් ය. යම් මේ සෙසු ජනයා වනාහි දිනන ලද්දේ උතුම් නොවේ. තමාගේ සන්තානය දමනය කිරීමෙන් නිතරම සන්සුන් හැසිරීම් ඇති එබඳු පුද්ගලයෙකු විසින් දිනන ලද්ද දෙවියෙකුට පරාජය කළ නොහැකිමය. ගන්ධබ්බයෙක්ද නොපරදවයි. බ්‍රහ්මයා හා මාරයා ද නොපරදවයි. වසරේ එළඹෙන දෙවන නවම් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුදු සසුනෙහි සුවිශේෂී දිනයකි. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සිදුවීම් කිහිපයක් මෙම පුන් පොහෝ දිනයට සම්බන්ධ වේ. ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත්, මුගලන් දෙදෙනා වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම සහ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර චාපාල චේතිය අසළ දී ආයුසංස්කාරය අත්හැරීම ද ඇතුළත් වේ. භික්ෂූන් වහන්සේලා සමඟිව රැස්වී සංඝයාගේ යහපත වෙනුවෙන් සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම මින් අවධාරණය කොට ඇත.

ඉතිරිය»

ලේක්හවුස් ආදි කර්‍තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ මහගෙදර ලෙස විරුදාවලී ලබා ඇති ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ දිවංගත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙසත් උසස් බෞද්ධ ජන නායකයෙකු සහ දානපති පරිත්‍යාගශීලියෙකු ලෙසත් හැඳින්විය හැකිය.  ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ මහගෙදර ලෙස විරුදාවලී ලබන ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ දිවංගත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙසත් උසස් බෞද්ධ ජන නායකයෙකු සහ දානපති පරිත්‍යාගශීලියෙකු ලෙස හැඳින්විය හැකිය.

ඉතිරිය»

කොළඹ නවම් මහා පෙරහර 21, 22 පැවැත්වෙන ගංගාරාම විහාරස්ථානය.
සේයාරුව - සමන් ශී‍්‍ර වෙදගේ

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]