UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාළිගාවේ අළුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අළුත්සහල් මංගල්‍යය මේ මස 23 වෙනිදාට යෙදෙන පුර පසළොස්වක පෝදින චාරිත්‍රානුකූලව පැවැත්වේ. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි කාරියකරවන කෝරාල කේ. එම්. සී. කරුණාතිලක මහතා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයෙන් සඳහන්වන පරිදි ශුභ නැකැත් වේලාවන් අනුව පල්ලේකැලේ දළදා මාළිගාවේ අටුවෙන් ගෙනඑන ලද වී සහල් ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි ධාන්‍ය තැන්පත් කිරීම සිදුකිරීම චාරිත්‍රයෙන් පසු මේ මස 23 උදේ 10.43 දකුණු දිශාභිමුඛවන ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි අළුත් සහලින් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධ පූජා මංගල්‍යය සිදුකෙරේ.

ඉතිරිය»

කැලණිය දුරුතු මහා පූජෝත්සවය

කැලණි දුරුතු පින්කම් මාලාවේ සුවිශේෂාංගය මෙවර අත්‍යාලංකාරයෙන් හා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන පෙරහැර මහෝත්සවයයි. පිළිවෙලින් ජනවාරි 20 වන දින උඩමළුවේ පෙරහැර ද ජනවාරි 21 හා 22 වන දින අවසන් රන්දෝලි මහා පෙරහැර ද පැවැත්වේ. ලක්වැසි අපට ආවේණික වූ පොදු හැදියාව හෙවත් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය අපූර්ව වූ ත් අනන්‍යවූ ත් ලක්ෂණවලින් පොහොසත් වෙයි. තථාගත බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ තෙරුවන මමත්වයෙන් ගරුකොට ආරක්ෂා කරමින් වෙහෙර විහාර මෙන්ම බෞද්ධ සම්ප්‍රදායයන් හා සිරිත් විරිත් සුරක්ෂිත කොට පෝෂණය කිරීම තම දිවියේ එක් කොටසක් ලෙස සළකන ලක්වැසියෝ ගැඹුරු අවබෝධයකින්ද සුවිශේෂී කැපවීමකින්ද ඊට දායක වෙති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සත්‍ය කථා කිරීමද, නොකිපීමද, සුළු දෙයක් හෝ දීමද සැප ලැබීමට කරුණුය


අද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කරන ධර්මාවවාදය ධම්මපදයේ ක්‍රෝධ වර්ගයේ එන ගාථවක් ඇසුරු කරමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකිය. “ඇත්ත කීම, කෝප නොවීම, යමෙක් යමක් ඉල්ලූවිට සුළු දෙයක් හෝ දීම,යන මේ කරුණු තුනෙන් දෙවියන්ගේ සමීපයට යන්නේය”. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට මුගලන් මහරහතන් වහන්සේ මුල්කොට දේශනා කරන ලද්දකි. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ තම ඍද්ධි ශක්තියෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන ලදී. එහි දී විවිධ දෙවිවරු උන්වහන්සේට වන්දනා කිරීමට පැමිණි අතර සතුටු සාමීචියෙන් අනතුරුව ඒ ඒ දෙවිවරුන් දිව්‍ය සම්පත් ලැබීමට සිදුකළ පින්කම් මොනවාද? යන්න අසා දැනගන්නා ලදී. පසුව දිව්‍ය ලෝකයේ සිට නැවත ජේතවනාරාමයට වැඩම කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “ ස්වාමිනි, ඇත්ත කී පමණෙකින් , කෝප නොවීමෙන්, තිඹිරි, කැකිරි, පලා ආදි සුළුදෙයක් දුන් පමණෙකින් කෙනෙකුට දිව්‍ය සම්පත් ලැබිය හැකි දැයි විචාළ සේක.

ඉතිරිය»


අඩු මුදලට දඹදිව වන්දනා චාරිකා සංවිධායකයන් ගැන සැලකිලිමත් වන්න

අඩු මුදලට වැඩි දින ගණනක් බෞද්ධයන් දඹදිව වන්දනාව සඳහා රැගෙන යන සංවිධාන පිළිබඳව සංචාරයට පෙර අදාළ වන්දනාකරුවන් විසින් දැඩිව සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධාකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි. මේ තොරතුරු අනාවරණය වූයේ ඉකුත්දා (23) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඉතිරිය»


නොමිලයේ පැවැත්වෙන චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව

කැලණිය, හිඹුටුවැල්ගොඩ සුදර්ශන මාවත අංක 110 ලිපිනයේ පවත්වාගෙන යන. කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක උතුරාවල ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් 2016 වසර සඳහා චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව පෙබරවාරි 06 දා ඇරැඹේ.

ඉතිරිය»

දුරුතු මහා පූජෝත්සවයෙන් පිදුම් ලබන සම්බුදු සිරිපා පහසලද කැලණි රජ මහා විහාරය.
ජායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]