UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වාභාවික විපත් වළකන අධ්‍යාත්මික සත්‍ය ක්‍රියාවක්

ස්වාභාවික විපත් වළකන අධ්‍යාත්මික සත්‍ය ක්‍රියාවක්

මනු කයත් බාහිර ලෝකයත් සැකසී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මූල ධාතු සතරකිනි. නොසැලකිළිමත් වුවහොත් වා, පිත් සෙම් කිපීමෙන් කය රෝගී වන්නාක් මෙන් වායුව, ජලය, උණුසුම කිපීමෙන් සොබාදහම ද රෝගී වෙයි. විකෘති වෙයි.

සුවය සහනය අපේක්ෂා කරන මිනිසුන් කය නිරෝගීව පවත්වා ගැනීමට වෙහෙසෙන්නා සේම සමස්ත ලෝකයේ යහපත අපේක්ෂා කරන සත්පුරුෂයෝද සොබා දහම සමතුලිතව පවත්නා ගැනීමට උත්සුක විය යුතුය.

ගෝලීය උණුසම් දිනෙන් දින ඉහළ යාම නිසා අයිස් කඳු දියවී පාරිසරික සමතුලිත බව ගිලිහීම , එම දියවෙන ජල කඳ මුහුදට එකතුවීමෙන් මුහුදු මට්ටම ඉහළ යාමේ හා මිනිස් ජනාවාස යටවීමේ තර්ජනය, කායික වශයෙන් විෂම රෝග පැතිරීම මතු වීමට ඉඩ ඇත. මේ තත්වයන් සමනය කොට සොබාදහම ආරක්ෂා කිරීමට දැඩි අවධානය යොමු නොකළහොත් වැඩි කලක් නොයාම මිහිතලය මනුෂ්‍ය වාසයට නුසුදුසු තැනක් වනු ඇත.

සොබා දහමට ගරු කරන, තමන්ගේ මෙන්ම අනුන්ගේ ද සුවය යහපත අපේක්ෂා කරන සත්පුරුෂයන් ගේ කැපවීමෙන් ස්වභාවික විපත් වලකා මිනිස් ජීවිත ආරක්ෂා කළ අවස්ථා පිළිබඳ ජාතක කතාවල මෙන්ම මෑත ඉතිහාසයේද ඕනෑතරම් සාක්ෂි හමු වේ.

එම උදාර පරමාර්ථය පෙරදැරි කරගෙන මහජන සමාජ සංවර්ධන පදනම” විසින් වසරකට වරක් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාව සම්බන්ධ කරගෙන එකම මොහොතක සිදුකරන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව මෙවරත් සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

ගිනි කඳකට ජල බිඳක් පතිත කිරීම නිෂ්ඵල වෙතත් ජල බිඳු රාශියන් එක් කර ජල කඳක් ලෙස එකවර පතිත කළහොත් ගිනි කඳක් වුවද නිවා දැමිය හැකිය. එම න්‍යාය පදනම් කොට ගෙන ලෝකයේ වෙසෙන බොහෝ සත්පුරුෂයින් එකම මොහොතක මානසික ශක්තිය මෙහෙයවමින් සොබාදහම හා ජීවිත සුරක්ෂිත කරන්නට ගන්නා මෙම උත්සාහයට ඔබගේ මෛත්‍රි පුර්වක මානසික ශක්තියත් මුසු කරන ලෙස ඉල්ලීමක් කරයි. මේ මස 23 දා සෙනසුරාදා (දුරුතු පුර පසළොස්වක) රාත්‍රි 09.28-09.38 දක්වා (ශී‍්‍ර ලංකා වේලාවෙන්) ඔබ සිටින කොතැනක හෝ සිට මෙයට සහභාගි විය හැකිය.

ඔබ කළ කුසලයක් හෝ අකුසලයෙන් වැළකුණු අවස්ථාවක් හෝ යම් ප්‍රතිපත්තියක් ආරක්ෂා කළ අවස්ථාවක් හෝ සත්‍යවාදීව, අවංකව සිහි කරගන්න. එම සත්‍යය බලයෙන් හා එම කුසල බලයෙන් ලෝකයේ ස්වභාවික විපත් අවම වේවා. ජීවිත සුරක්ෂිත වේවා”යි මෙත් සිත් පෙරටුව විනාඩි 10 ක් පමණ නැවත නැවත අධිෂ්ඨාන කරන්නැයි සත්ජන සමාජ සංවර්ධන පදනමේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති කුකුල්පනේ සුදස්සි හිමියෝ ඉල්ලීමක් කරති.

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]