UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රථම වරට ඩුබායි දේශයේ පවත්වන්නට යෙදුණු කඨින මහෝත්සවය

ප්‍රථම වරට ඩුබායි දේශයේ පවත්වන්නට යෙදුණු කඨින මහෝත්සවය

නොමඳ හිරු කිරණින් දැවෙන මැද පෙරදිග වා තලයට සිසිල් වූ සාධුනද මුසුකරමින් ප්‍රථම වරට ඩුබායි දේශයේ පවත්වන්නට යෙදුණු කඨින මහෝත්සවය දැක ගැනීමේ භාග්‍යය උදාවුණි. දහසක් කාර්යයන් මධ්‍යයේ වුවද එවන් රටක කඨින පින්කමක් පැවැත්වීමට එහි නේවාසික පින්වතුනට සිතිවිලි පහළ වූවත් ක්‍රියාත්මක කිරීමේ දී වන ගැටලු බොහෝ ය. ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා දිරිගැන්වීම් සිදුකළේ තලවතුගොඩ භාවනා මධ්‍යස්ථානාධිපති මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන් විසිනි.

වස් වසන ලද්දේ එරට පදිංචි පින්වත් දායිකාවක විසින් එම කොටස සඳහා වෙන්කරන ලද ඇයගේ නිවසේ ය. වස් ඇරැයුම එහි වෙසෙන සියලු බොදුනුවන් නියෝජනය කරන බෞද්ධ සංගමය විසිනි. බෝවිල සෝභිත සහ මාතර පියරතන හිමියන් දෙනම වස් වසා වැඩ සිටින ලදී.

වස් තෙමස තුළ එම නිවස පන්සලක් බඳු විය. දිනපතා සවස් කාලය දම් දෙසුම්ය. දහම් සාකච්ඡාය. භාවනාදී කටයුතුය. මල් බඳුනක රෝපිත බෝ පැළය ඔවුනගේ බෝධියයි. ගිනියම් වූ වාලුකා තලයේ දුක සැප දෙකෙහි නොසැලී විදේශ විනිමය උපයන ඒ අපේම පිරිසට ඔවුන්ගේ ආධ්‍යාත්මීය සහනය සහ සංහිඳියාව සමඟ බුදුන් වහන්සේ පෙන්වා දුන් අරි අට¼ඟි මගේ ගමන් කිරීමට අවශ්‍ය මංපෙත් හෙළිකළ ඒ වටිනා කාලය වඩාත් සුවිශේෂී වන්නේ එහි රැඳී සිටින ඔවුන්ගේ දරුවන් ද ඒ මඟට එක්කර ගැනීමට හැකිවූ නිසයි.

නියමානුකූලව පෙර සිරිත් පරිදි ඔවුන් අතින් සුගත චීවරය ද කඨින චීවරයද සකස්විණි. විශේෂයෙන් ලංකාවෙන් ගෙන්වාගත් කහට පොතු තම්බා චීවර පඬු පොවන ලදී.

අපේ දේශීය අමුද්‍රව්‍යවලින් සැකසූ පිරිත් මණ්ඩපය විශේෂ අලංකාරයක් ගෙනදුණි. ඩුබායි දේශයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්තුමාගේ නොමඳ සහාය සහ පූර්ණ අනුග්‍රහය ඇතිව එම කාර්යාලය කඨින උත්සව කටයුතු සඳහා සකසා තිබිණි. උත්සව කටයුතු සාර්ථක කරලීම සඳහා අවශ්‍ය මහා සංඝයා වහන්සේ ලංකාවෙන් වැඩම කරවන ලදී. කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති මීතලාවේ විනීත හිමි, මිරිහානේ නන්ද හිමි, බඩල්කුඹුරේ අනුරුද්ධ හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ දසනමක් වූහ. එම උත්සවයේදී විශාල පිරිසක් අටසිල් සමාදන් වූහ. පැමිණි පිරිසෙන් උත්සව ශාලාව එහි භූමිය සහ මඟ දෙපස පිරී ගියහ. ඔවුන්ගේ සා පවස නිවාලු දන්සල, මල් දන්සල සවස ගිලන්පස පූජා පෙරහර මැද පෙරදිග ඩුබායි දේශයේ වසන බොදුනුවන්ගේ දහම් පවස කෙබඳුදැයි පසක් කරවයි.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි 01 වන දා සිකුරාදා අපරභාග 09.38 ට ලබයි. 03 වන දා ඉරිදා පූර්ව භාග 00.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 09 වනදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]