UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අව අටවක 2016.01.02

නිති සිල් රැකීම

ගෙවී ගිය කාලය නැවත උදාකර ගත නොහැකිය. ගෙවී ගිය කාලය තුළදී තමන් අතින් සිදු වූ අඩු පාඩු මඟ හරවා ගැනීමට අදිටනක් ඇතිකර ගැනීමෙන් සිදු වූ එම අඩුපාඩු ඉවත් කර ගත හැකිය. කවර ක්‍රියාවක් වුවද, එය සිදු කිරීමට මුල් වන්නේ සිතය. තමන්ටත්, අනුන්ටත් යහපතක් වන දෑම කිරීමට සිතට ගත යුතු හෙයින් ඒ පිළිබඳ යහපත් අදිටනක් ඇති කර ගත හැකිය. මනුෂ්‍යයාගේ පුහුදුන් ස්වභාවය නිසාම බොහෝවිට වැරැදි අඩු පාඩු ඇතිවීමට ඉඩ තිබේ. තමා නොදැනුවත්කමින් වේවා, එසේත් නැතිනම් අනවබෝධය නිසා වේවා වැරැදි අඩුපාඩු ඉඳහිට හෝ ඇතිවීමද ස්වභාවිකය. එහෙත් මනුෂ්‍යයා වරද, වරදක් ලෙස සිතා මතාම එය තවදුරටත් සිදු කරන්නේ නම් එය බලවත් වරදක් වනු ඇත.

සම්මත වර්ෂයට අනුව වසරක් ගෙවී ගියේය. තවත් වසරක ආරම්භය උදාවූයේය. ගෙවී ගිය වසර තුළ තමාගෙන් සිදුවූ යහපත් දෑ ගැන නිරන්තරයෙන් සතුටු විය හැකිය. එමෙන්ම අයහපත් දෑ සිදු වූයේ නම් ඒ ගැන කල්පනාකර පසුතැවීමට වඩා එවැනි අයහපත් දෑ ඉදිරි වසර තුළ සිදු නොවීමට ක්‍රියා කළ යුතුය. මනුෂ්‍යයා අයහපතට පෙළඹීමේදී තමා පමණක් නොව එමගින් තවත් බොහෝ දෙනෙකුට අයහපතක් කරදරයක් සිදු වන්නේ නම් පීඩාවට පත්වනු විනා සැනසීමක් නම් හිමි නොවනු ඇත.

අධ්‍යාපනය මනුෂ්‍යයා නැණවතකු බවට පත් කරන්නකි. අධ්‍යාපනය ලබන කුඩා දරුවා තමන්ට නියමිත දෛනික අධ්‍යාපනික කටයුතු අද නොව හෙට යනුවෙන් සිතා දිනෙන් දින කාලය ගත කරන්නේ නම් අධ්‍යාපනයෙන් අපේක්ෂිත බලාපොරොත්තු ඉටු කර ගත නොහැකිය. අලසකම, උදාසීනත්වය හැම දියුණුවකටම බාධාවකි. කවර අඩුපාඩුකම් මැද වුවද තම අනාගතය සාර්ථක කර දෙන අධ්‍යාපනය නිසි අයුරින් ලබන්නේ නම් එහි මහඟු ප්‍රතිඵල ලැබෙනුයේද තමාටමය. ගුරු දෙගුරුන්හට දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ හැකි මෙහෙවර මෙතෙකැයි කියා සීමා කළ නොහැකිය.දරුවා උනන්දුවෙන් උත්සාහයෙන් අධ්‍යාපනය ලබන විට ගුරු දෙගුරුන් වෙතින් එබඳු දරුවන් වෙත මහත් සහායක් හිමි වෙයි. අධ්‍යාපනය ලබන දරුවා ස්වකීය අධ්‍යාපනය අතරමගදී නතර කළ යුතු නොවේ. එසේ කළහොත් එබඳු දරුවාගේ අනාගතයද ඇතැම්විට අවිනිශ්චිතය.

අධ්‍යාපනයෙන් පසු තමාට සුදුසු රැකියාවක් හෝ වෙනත් යහපත් ක්‍රියාවක් වෙනුවෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කළ යුතුය. ඒ කිසිවක් නැතත් දයාබර මව්පිය දෙපළ විසින් දෑත දෙපය ඇති දැඩිකර තිබේ නම් දහදිය වගුරුවා යමක් දැහැමින් උපයා ගැනීමට තුරුණු වියේදී ක්‍රියා කළ යුතුය. යොවුන් විය නිකරුණේ කාලය ගත කළ හොත් ඔහුගේ අනාගතය පරිහානියට පත්වීම නොවැළැක්විය හැක්කකි.

තමන්ට ඉඩ කඩ ඇති හැම විට හැකිතාක් ආගමික කටයුතු කෙරෙහි උනන්දුවෙන් ක්‍රියා කරමින් සංයමෙන් යුතු ජීවිකාවක් ගත කරන්නට පෙළඹීම නැණනුවණ පමණක් නොව ගුණ නුවණ දියුණු කර ගැනීමටද හේතුවනු ඇත.

යොවුන් විය එළඹි කළ තමා හදා වඩා ඇති දැඩි කළ මව්පියවරුනටවත් අනවශ්‍ය බරක් නොවිය යුතුය. දැහැමින් ධනය උපයාගත හැකිමාර්ග කොතෙකුත් පවතී. ඒ ගැන වැඩි දෙනා අවධානය යොමු නොකිරීම ගැටලුවක් වනු ඇත. සුදුසු කළ ආවාහවිවාහවීමට පෙර ආර්ථික වශයෙන්ද යම් ශක්තියක් ඇතිකරගත යුතුව ඇත. ආර්ථික ශක්තියක් නොමැති විට විවිධ අවුල් තැවුල් ඇතිවීම ස්වභාවිකය. ජීවත්වීමට හැම දෙනාටම ධනය අවශ්‍යය. එහෙත් ධනය අවශ්‍ය නිසාම අයථා ක්‍රම මගින් ධනෝපායනයෙහි නොයෙදිය යුතුය. එබඳු අයහපතින් උපයන ධනයට වඩා වැඩි කාලයක් තමන් හිතෙන් දුකට , වේදනාවට පත්වෙයි.ඇතැම් විට ධනය ඉපයීමට අධාර්මික වුවහොත් නීතියේ රැහැනට පවා හසුවී තමන් අපේක්ෂා නොකළ දුක්ඛිත තත්ත්වයන්ටද මුහුණ පෑමට ඉඩ ඇත.

දරුවකු තම මව්පියවරුන්ට, වැඩිහිටියන්ට කළ යුතු යුතුකම් බුදුදහමේ පැහැදිලි කර දී ඇත. මව්පියවරුන්ද තම දරුවන් කෙරෙහි කළ යුතු යුතුකම් සඳහන් කර ඇත. ගුරු, ශිෂ්‍යයන් වශයෙන්ද ස්වාමි සේවක වශයෙන්ද ඔවුනොවුන් කළ යුතු යුතුකම් රැසක් පවතී. තම යුතුකම මැනවින් ඉටු කිරීම මනුෂ්‍යයා සතු වගකීමකි. එම වගකීම පැහැරහැරීම සමාජයට සාමාජිකයකු කරන අසාධාරණ ක්‍රියාවක් වේ.

බෞද්ධයාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. එම නිත්‍ය ශීලය දෛනිකව ආරක්ෂා කරන සමාජය සංවරය, සන්සුන්ය. ඔවුනොවුන් සැහැල්ලුවෙන් දිවිගෙවති. සැකයෙන් බියෙන් තොර වෙති. සාමකාමී සමාජ වටපිටාවක් ගොඩනඟා ගැනීමටද පංචශීලය මහෝපකාරිවෙයි. කාලය ඉතා ඉක්මනින් ගෙවී යයි. ගෙවී ගිය කාලය නැවත උදාකර ගත නොහැකි හෙයින් ගෙවී ගිය අතීතය දෙස පසුතැවිලි නොවීමටත්, අනාගතය යහපත් කරගැනීමටත් නිතිසීලය රැකීමට අදිටනක් ඇති කරගත හැකි වෙතොත් එය තමාටත් සමාජයටත් යහපතම සලසයි.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි 01 වන දා සිකුරාදා අපරභාග 09.38 ට ලබයි. 03 වන දා ඉරිදා පූර්ව භාග 00.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 09 වනදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]