UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපද සමනොළ සිරසේ

සිරිපද සමනොළ සිරසේ

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන මහියංගණ පුදබිමටද දෙවැනිගමන නාගදීපයටද තුන්වැනි ගමන කැලණියටද වැඩම කළ බව මහාවංසයෙහි ඉතා පැහැදිළි ලෙසින්ම සඳහන් කර ඇත. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේදී සුමන කූටයෙහි සිරිපා සටහන තැබූ බව මහාවංසයේ සඳහන් වෙයි.

ශ්‍රී පාද වන්දනය ඉතා පැරැණි යුගයේ සිට පැවැති බවට මෙය කදිම සාක්ෂියකි. ක්‍රිස්තුවර්ෂ පස් වන සියවසේදී ලංකාවට පැමිණි අනුරාධපුරයේ වසර දෙකක් වැඩහිටි චීන ජාතික පාහියන් හිමියන්ද ශ්‍රී පාදස්ථානය ගැන සදහන් කරති. සමන්තකූටය නමින් ප්‍රකට වූ මෙම පුදබිම අනාදිමත් කාලයක් තිස්සේම සමස්ත ලෝකවාසි ජනතාවගේ ගෞරව බහුමානයට භාජනය වූ පුදබිමකි.

මීටර් 2215 උස් වූ කඳු ශිඛරයක පිහිටි ශී‍්‍ර පාදස්ථානය ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ නිරිත දිග පැත්තේ ත්‍රිකෝණාකාර ලෙසින් තද බෑවුම් සහිතව පිහිටි ශී‍්‍ර පාද කන්ද හෙවත් සමන්තකූටය අනෙකුත් කඳුවැටිවලට වඩා ස්වරූපයෙන්ද වෙනස්ය. නිරිත දිග වෙරළෙන් ඈත මුහුදේ සිට නරඹන්නෙකුට සමන්ත කූටය ඉතා අලංකාර දර්ශනයක් ලෙසින් දැකිය හැකිය.ඈත අතීත කාලයේදි නාවිකයන් සිය මුහුදු ගමන් වලදී ශ්‍රීපාද කන්ද දුටු බව සඳහන් කර ඇත. විදේශීය සංචාරකයින්ද මේ බව සඳහන් කර ඇති වාර ඉතා විශාල සංඛ්‍යාවකි. ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් රජුද ශ්‍රී පාද තරණය කළ බව ගී‍්‍රක ඉතිහාසයේ සඳහන් වේ.

චීන ජාතික හියුංසාං හිමියන් ක්‍රිස්තු වර්ෂ හත් වන සියවසේදී ශ්‍රී පාදය ගැන සිය වාර්තාවල සඳහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ නව වන සියවසේදී ලංකාවට පැමිණි ඉබන්බතුතා සඳහන් කරන අන්දමට එකල ශී‍්‍රපාද ස්ථානයට යෑම සඳහා මාර්ග දෙකක් පැවති බවද සඳහන් කරයි. ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසේදී මහායාන භික්ෂූන්වහන්සේ නමක්වු වජිරබෝධි හිමි ශී‍්‍ර පාදස්ථානයට පියනඟා ඇත. මාර්කෝපොලෝ සුලෙයිමාන් වැනි ඉතා ප්‍රකට විදේශීය සංචාරකයින්ද ශ්‍රී පාදය ගැන සඳහන් කර ඇත.

“පොළොන්නරු රාජධානි සමය වන විට සමනල සිරිපා වන්දනාව ඊට ඉහත කාලයට වඩා දියුණු තත්ත්වයක තිබුණි. පොළොන්නරුවේ රජවූ මහවිජයබාහු , මහපරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල යන ප්‍රධාන රජවරුද සමනොළ ගිර වන්දනයට පමණක් නොව රාජ අනුග්‍රහය ලබාදීමටද ක්‍රියා කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත. විශේෂයෙන්ම ශී‍්‍ර පාද වන්දනාව සඳහා පහසුකම් සැලසීමට මේ නරපතියෝ සිය අනුග්‍රහය දැක්වූහ. මහ විජයබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරුන් දෙදෙනා විසින් මේ සඳහා ලබා දෙන ලද අනුග්‍රහයන් ශිලා ලේඛන වලින් ද පැහැදිලි වන අතර මහාවංශයේ දෙවන කොටසේ සඳහන්වන කරුණුද ඒ අනුව සනාථ වී ඇත.

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]