UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

බත්තරමුල්ල කොස්වත්ත ශාන්ති මාවත 146/1, නිවසේ පදිංචි එම්. හේවගේ ශ්‍රීමතී නැමති (46) අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට සැත්කමක් කළයුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බවද කියයි. “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට හැකි අයකුවේනම් දන්වන ලෙසද ඖෂධ සඳහා ඒ සඳහා මුදලින් ආධාර කිරීමට කැමති පින්වතුන් මහජන බැංකුව, බත්තරමුල්ල 208 – 2 – 002 – 8 – 0027955 යන ගිණුමට මුදල් බැරකරන ලෙස ද ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර 077 5579844 හෝ 0786307457 දුරකතනයෙන් දැනගත හැක.


රත්නපුර, අටකලන්පන්න, ඇත්තලවත්ත අංක 139 හි පදිංචි ඊ.ඩී. දේවිකා මැණිකේ යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බැවින් වකුගඩුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 071 7451149, 045 7914820, 072 9856601 යන දුරකථනයෙන් දැනගත හැක.


අංක 490/3, පරෝපාකාර මාවත, බොරලැස්ගමුවහි පදිංචි (49) ආර්.එම්. බාලසූරිය වකුගඩු දෙකම අක්‍රිය වීම හේතුවෙන් දැඩිලෙස ගිලන්ව මාලිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු වේ නම් දුරකථන 0777 235896 හෝ 071 8460137 ට වැඩි විස්තර දැනගත හැකිය.


මීගහවත්ත, වට්ටක්ගොඩ වැලිගම යන ලිපිනයේ පදිංචි වීරසිංහ මීගහවත්තගේ ප්‍රේමරත්න (අවු. 59) යන තිදරු පියා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වී ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 0415681984 හෝ 0775546955 දැනුම් දිය හැක.


මහරගම, නාවින්න, හයිලෙවල් පාර අංක 510 හි පදිංචි ආර්.ඩබ්ලිව්. ගුණපාල යන අය දැනට දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. විශේෂඥ වෛද්‍ය චූලා. ඒ. හේරත් මහතාගේ නිගමනය පරිදි ඉතා ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට නිර්දේශ කර ඇති බවත් කියයි. වැඩි විස්තර දුරකථන 0112 802480, 0717939254 විමසිය හැක.


පල්ලෙබැද්ද, පුස්සතොට, ධනපාල ස්ටෝර්ස්හි පදිංචි, ඩබ්ලිව්.ඒ. තිලකරත්න නමැති අය (29) පූර්ණ දෘෂ්‍යාබාධිතව සිටින බව කියයි. ප්‍රතිකාර කරන වෛද්‍යවරු දන්වා ඇත්තේ ඔහුට දිගමට ප්‍රතිකාර කළයුතු බවයි. නමුත් ඔහුට ඒ සඳහා වත්කමක් නැතිබවත් ස්ථිර ආදායම් මාර්ගයක් නැති බවත් ඔහු කියයි. කුලී වැඩ කරන ඔහුගේ මාපියන් ඔහු සුවකර ගැනීම සඳහා උපකාර පතයි. ඔබගේ මුදල් මහජන බැංකුව ගොඩකවෙල ශාඛාවේ ගිණුම් අංක 245200120056034 ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 071 1747130 හෝ 072 1111540 දැනගත හැක.


අංක 110/1 ඒ ආදර්ශ ගම්මානය, බටුවිට, මව්ගම යන ලිපිනයේ පදිංචි එස්. හෂිනි මෙනවිය (20) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇයට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා නිර්දේශ කොට ඇත. එබැවින් ඒ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේනම් දුරකතන 0778764788 හෝ 0712766961 අංකයන්ගෙන් වැඩි විස්තර ලබාගත හැක. ඇයගේ ප්‍රතිකාර සඳහා උපකාරයක් කළ හැකිනම් ලංකා බැංකුවේ වැලිගම ශාඛාව ගිනුම් අංක 6269579 ගිණුමට මුදල් බැරකළ හැක.


අවිස්සාවේල්ල, මාණික්කවත්තේ අංක 35/ 69 පදිංචි සී. රජීවලෝෂන් මහතා දරණු වකුගඩු රෝගයකින් පෙළෙන බැව් කියයි. ඔහුට වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය එස්. එම්. සෙනෙවිරත්න මහතා නිර්දේශ කොට ඇති බවද කියයි. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේනම් දන්වන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 071 3091521 දුරකතනයෙන් විමසිය හැක.

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]