UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගැටබරු දුරුතු මහා ආශිර්වාද පූජාව

ගැටබරු දුරුතු මහා ආශිර්වාද පූජාව

එළඹෙන 2016 නව වසර රටටත්, ජනතාවටත්, ලක් රජයටත්, සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් 60 වෙනි වරටත් අඛණ්ඩව කොටපොල ගැටබරු රජමහා විහාර පුජා භූමියේ පවත්වනු ලබන දුරුතු මහා ආශිර්වාද පූජාව මෙවරත් ගැටබරු රජමහා විහාරාධිපති ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක ධර්ම කීර්ති ශ්‍රී රතනපාල ශාස්ත්‍රවේදි පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගැටබරු රජමහා විහාර කෘත්‍යාධිකාරි උඩමළුව තේවාව භාර ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සහ මඟපෙන්වීමෙන් පවත්වනු ලැබේ.

සෑම වර්ෂයකම වාගේ මෙවරද ළිඳගාවහේන, දීපාලෝක තරුණ බෞද්ධ සමිතිය මෙවරත් එම පින්කම පෞරාණික පුද පිළිවෙත් අනුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව 2016 නව වසර උදාවත් සමඟ ජනවාරි 01 වෙනිදා දවස පුරා පින්කම් රාශියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එදින උදෑසන ආරම්භ වන හැට පැයේ හේවිසි ශබ්ද පූජාව, පෞරාණික පුද පිළිවෙත් අනුව සිදුකරනු ලබන කිරි ආහාර පූජාව, දහවල සංඝගත දක්ෂිණාව සවස බෝධි පූජාව අසු හාරදහයේ පහන් පූජාව, විශේෂ දේව පූජාව ආදි පින්කම් රාශියක් පැවැත්වේ.

තෙරුවන් මුල් කරගනිමින් පවත්වනු ලබන එම පින්කම තුළින් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ නොමඳ ගෞරවයට හා ඉමහත් භක්තියට පාත්‍රවී ඇති ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවිදුන්ගේ පිහිට, ආරක්ෂාව හා රැකවරණය ලබා ගන්නා ලෙස ගැටබරු රජමහා විහාර කෘත්‍යාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]