UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සර්වඥ ධාතු ප්‍රදර්ශනය

සර්වඥ ධාතු ප්‍රදර්ශනය

රණාල මහින්දාරාමය

රණාල ශ්‍රී මහින්දාරාම පිරිවෙනේ ධාතු ප්‍රදර්ශනයක් සහ වන්දනාවක් මේ මස 23 සිට 25 වැනිදා දක්වා පැවැත්වේ.

අම්පාර නීලගිරි සෑ රදුන්ගෙන් සොයාගත් සර්වඥධාතු ප්‍රදර්ශනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් ඉහත දෙදින තුළ පෙරවරු 7 සිට පස්වරු 10.00 දන්වා ප්‍රදර්ශනය කෙරෙන බව විහාරාධිපති ගිනිගත්හේනේ රාහුල හිමි දක්වා සිටිති. එම ධාතු ප්‍රදර්ශනයට සමගාමීව තවත් බොහෝ පින්කම් සූදානම් කොට ඇත.


වේයන්ගොඩ ගුණසිරි සඟ බෝ විහාරය

වේයන්ගොඩ බාඳුරාගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ දී අම්පාර ලාහුගල නීලගිරි මහාසෑයෙන් සොයාගත් සර්වඥ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ වන්දනාව සහ දුටුගැමුණු මහ රජුගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය කිරීම 2016 ජනවාරි 7 සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. ‍


පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරය

පානදුර ගල්ගොඩ ඵෙතිහාසික ශ්‍රී මහා විහාරස්ථ බෞද්ධ මහා සංගමයේ සංවිධානයෙන් වාර්ෂිකව පැවැත්වෙන පාණදුර මහා පෙරහර සමඟ බුරුම දේශයෙන් වැඩමවා ශ්‍රී සර්වඥ ධාතුන් හා රහත් ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය හා වන්දනාව මේ මස 17 සිට 27 දක්වා ඉහත විහාරස්ථානයේ දී පැවැත්වෙයි.


සීනිගම කුසුමාරාමය

වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ කලක් වැඩසිටි සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරස්ථානය පුණ්‍ය භූමියකි. එවකට එහි වැඩ විසූ ගල්වෙහෙර විමලබුද්ධි තිස්ස මහ නා හිමි, කවිධජතිස්ස මාහිමි, මාදම්පේ ධම්මාරාම මාහිමි සහ සීනිගම නන්දරතන තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ඇවෑමෙන් වර්තමාන විහාරාධිපතිව හික්කඩුව උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි බලපිටිය අඹගහපිටිය සුගත ශාසනෝදය පිරිවෙනේ පරිවේණාචාර්ය, ප්‍රවීනාචාර්ය අකුරළ මංජුල තිස්ස හිමියන්ගේ කෙටි කාලය තුළදී විහාරස්ථානය දියුණු තත්වයකට පත් කරන ලද අතර සීනිගම සිරි කවිධජ තිස්ස නමින් දහම් පාසලක්ද බිහිකර ඇත.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බුරුම,රටෙන්, වැඩම කරවා කැලණියේ සපුගස්කන්ද රජමහා විහාරයේ සිට සීනිගම කුසුමාරාමයට විශේෂ රථ පෙරහරකින් වඩම්මන අතර පුරා දින දෙකක් දෙසැම්බර් මස 23,24 යන දිනයන් හි දැකබලා වන්දනාමාන කරගැනීමේ අවස්ථාව උදාවී ඇත.

එම පුණ්‍ය භූමියේ සියලු කටයුතු වලදී සීනිගම ගුණජය සතුට පදනම හා සීනිගම ඓතිහාසික ශ්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකාර මණ්ඩලය සහ ස්වේච්ඡා ආයතන වලින් හා දානපති විහාරස්ථ දායක දායිකාවන්ගෙන්ද කාර්ය සාධක සමිතියෙන් ද සිරිකවිධජතිස්ස දහම් පාසලේ ගුරු දෙගුරුන්ගෙන්ද අවට විහාරස්ථානවලින්ද ලබා දුන්නේ අති විශාල අනුග්‍රහයකි.

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]