UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රද්දොළුව අභිනවාරාමයේ ලේ දන්දීමේ පින්කමක්

 රද්දොළුව අභිනවාරාමයේ ලේ දන්දීමේ පින්කමක්

සීදුව රද්දොළුව අභිනවාරාම විහාරස්ථානයේ මෙහෙයවීමෙන් 33 වෙනි වරටත් පවත්වන ලේ දන්දීම, දේශීය හා බටහිර වෛද්‍ය සායන කඳවුර දෙසැම්බර් 20 ඉරු දින පෙරවරු 8.00 සිට විහාරස්ථානයේ දී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදි සිදුවේ සුමනවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙම සමාජ සත්කාරක සේවා සඳහා සර්වාංග රෝග දේශීය හා බටහිර වෛද්‍ය සායන, ආහාර උපදේශන සේවා, දියවැඩියා රුධිර පරීක්ෂණ, ඊ.සී.ජී. ළමා හා කාන්තා රෝග, අක්ෂි හා දන්ත සායන, ආබාධිත අය සඳහා සඳහා රෝද පුටු, කිහිලිකරු, අත්වාරු, ට්‍රයිසිකල්, ඇස් කණ්නාඩි ලබාදීම සියලු වෛද්‍ය ප්‍රතිකාර පරීක්ෂණ බෙහෙත් නොමිලේ ලබාදීමට සංවිධානය කර ඇත.

මෙදින පෙරවරු 8.30 ට පැවැත්වෙන සමාජ සත්කාරක සේවා සමාරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ත්‍රිවිධ හමුදා, පොලිස්. සිවිල් ආරක්ෂ නිලධාරීන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරීන් සහභාගි වීමට නියමිතය සංවිධාන හා අනුග්‍රාහක දායකත්ව ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, සමාජ සවිබලගැන්වීම හා සුබසාධන අමාත්‍යාංශය, නගර සැලසුම් හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ මධ්‍යම ලේ බැංකුව, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සීදුව/ රද්දොළුගම පොලිස් ස්ථාන ශ්‍රී ලංකා යුද හමුදා 2 වන සේවා කඳවුර කටුනායක, සිවිල් ආරක්ෂක දෙපාරත්තමේන්තුව, බ/උ කටුනායක කඳවුර, ගම්පහ දිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලය, රද්දොළුගම බෞද්ධ මහා සංගමය, විහාරස්ථ එක්සත් තරුණ බෞද්ධ සමිතිය, විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මගින් ලබා දී ඇත.

 

     උඳුවප් මස පුර අටවක පෝය

උඳුවප් මස පුර අටවක පෝය දෙසැම්බර් මස 18 වැනි දා සිකුරාද පූර්වභාග 09.39 ට ලබයි. 19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 7.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් මස 18 වැනිදා සිකුරාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]