UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මික මෙහෙයවන ධර්ම සාකච්ඡා


ප්‍රශ්නය
(අ) ධර්ම චක්‍ර සලකුණෙන් දැක්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද? අටසිල් ද? නොඑසේ නම් වෙනයම් සලකුණක් ද? පැහැදිලි කර දෙන්න

(ආ) බෞද්ධ ධර්ම චක්‍ර ලාංඡනයේ රෝද සලකුණෙන් පිට ගරාඳි දැක්වීම සුදුසු සලකුණද? නොවේ නම් පිටට ගරාඳි නො දැක්වීම සුදුසු සලකුණද?

පිළිතුර
( අ) ධර්ම චක්‍ර ලාංඡනය නිර්මාණය කළ ප්‍රතිහා පූර්ණ කලාකරුවා ඉතා ගැඹුරු දර්ශනයක් මෙම සංකේතයෙන් ඉදිරිපත් කළ බව පැහැදිලිය. කුමක් හෝ අටක් සංකේත කිරීම නොව දර්ශනයේ උසස්ම අෂ්ඨාංගිකය ඉන් නිරූපණය කිරීම එම කලාකරුවාගේ අභිමත බව අප පිළිගත යුතු වේ. ඒ අනුව මේ සංකේතය ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි.

(ආ) මෙයින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකේත වන්නේ නම් රවුමෙන් පිටතට ගරිඳි දිග් කිරීම අශාස්ත්‍රීයයි. ‘ධම්ම චක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං’ යන ශ්‍රී මුඛ ප්‍රකාශනය අනුව ධර්ම චක්‍රය යනු ප්‍රවර්තනය කළ යුතු දෙයකි. කැරකිය යුතු දෙයකි. කරත්ත රෝදය වැනිය. එබැවින් වඩාත් නිවැරැදි වන්නේ එය දැති රෝදයක් ලෙස දක්වනවාට වඩා කරත්ත රෝදයක් ලෙස දැක්වීමයි.


ප්‍රශ්නය
අංඟුලිමාල තරුණයා මිනිසුන් 999ක් ඝාතනය කරන තුරු බුදුන් වහන්සේ ඔහු ගැන නොසිතුවේ ඇයි?

මිනිසුන් ටික දෙනකු ඝාතනය කරණ අවස්ථාවේ ම ඔහු දමනය කිරීමට බුදුන් වහන්සේ කටයුතු කළා නම් විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරා ගැනීමට හැකියාව තිබුණා නොවේදැ’යි පැහැදිලි කරන්න.

පිළිතුර
අංඟුලිමාල තරුණයා හරියටම මිනිසුන් 999ක් ඝාතනය කරන තුරු බුදුරජාණන් වහන්සේ බලා සිටියා නොවේ. යමෙකුට යමක් වටහා ගැනීමේ බුද්ධිමය මේරීමක් අවශ්‍ය වෙයි. ඒ සඳහා කාලය ගත වෙයි. අංඟුලිමාල තුළ පැවැති වෛරයට , ක්‍රෝධයට , සමාජය පිළිබඳ කළකිරීමට විසඳුම් ප්‍රචණ්ඩත්වය තුළින් තෘප්තිය හා සැනසීම සොයා යෑමය යන උපකල්පනය අර්ථ ශූන්‍ය දෙයක් බවට ඔහුට යම් වැටහීමක් ඇති වනතාක් ඔහු නිවැරැදි මගට ගැනීමට නොහැකි වෙයි.

අංඟුලිමාලගේ මව ඔහුව නිවැරැදි කර ගැනීමට යෑමට අදහස් කළේත්, කොසොල් මහ රජු සිවුරඝ සේනාව ගෙන රටක මහා කැරැල්ලක් මැඩලන සේ තනි අංඟුලිමාල අල්ලා ගැනීමට තීරණය කළ බව දැනගත් පසුවයි. වෙන කරන්න දෙයක් නැති බැවින් ජීවිතය පරදුවට තබා මවක සේ උත්සාහයක් ගැනීමටයි. මව මරා ආනන්තරික පාපකර්මය සිදු කර ගත්තා නම් අංඟුලිමාලට කිසියම් ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වෙයි.

මහා හමුදා ආයුධ දරාගෙන තමා වැටලීමට එන අවස්ථාවේ තමා ඉදිරියේ දිස්වෙන නිරායුද අහිංසක, ශ්‍රමණ රූපය , අංඟුලිමාලට යම් සහනයක් වන්නට ඉඩ තිබේ. තමන් වහන්සේට මේ අවස්ථාවේ කිසිදු ජීවිත අන්තරාවක් සිදු නොවන බව බුදුරජාණන් වහන්සේ දනිති. විශේෂයෙන් අංඟුලිමාල ආනන්තරිය පාප කර්මයෙන් බේරා ගැනීම ද සිදු වෙයි. හිතාමතා කල් ගත කළා නොව සුදුසු අවස්ථාව එළඹෙන තෙක් වැඩ සිටීම , විශාල මිනිස් ඝාතනයක් මග හැරීමට කටයුතු නොකළේ යැයි තීරණය කර ගැනීමට තරම් හේතු නොවෙයි.


“ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා” සඳහා පාඨකයන්ගේ දහම් ගැටලුවලට පිළිතුරු සපයන බැවින් අදාළ දහම් ගැටලු කෙටියෙන් ලියා “ධම්ම සාකච්ඡා” බුදුසරණ ලේක්හවුස් කොළඹ ලිපිනයට යොමු කරන්න.

 

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]