UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර පසළොස්වක 2015.09.27

වගකීම

සරකට වරක් එළඹෙන වස්සාන සමය සිත සනහන සමයෙකි. උපසපන් ස්වාමීන් වහන්සේලා සම්බුදුපියාණන් වහන්සේගේ නියමයට අනුව විහාරාරාමයන්හි වැඩ වසමින් ආධ්‍යාත්මික ගුණ වගාවෙහි යෙදෙමින් ස්වකීය ශාසනික පරමාර්ථයන් ඉටු කරගන්නා සුවිශේෂ වූ කාලයකි. වෙසෙසින්ම අන්කාලවලටත් වඩා අධ්‍යාත්මික ගුණවගාවෙහි යෙදෙමින් විශේෂ වගකීමකින් කටයුතු කරන අතරම සිව්පසය සලසන දායක කාරකාදීන් වෙතද ශ්‍රද්ධා දී ගුණ දහම් වර්ධනයට අනුශාසනා කරන සමයෙකි. සෑම විහාරස්ථානයකම පාහේ දිනපතා, සතිපතා විවිධ පින්කම් වලින් අලංකාර වන කාලයකි වස්සාන සමය.

මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන මෙහෙණ සස්නෙහි ආරම්භය සිදු වූයේ ද බිනර පුන් පොහෝදාය.

ජීවිතයක සතුට සොම්නස උපදවා ගත හැක්කේ කෙසේද? ගතට, සිතට, සුවය, සැනසීම ළඟා කරගත හැක්කේ කෙසේදැයි මෙවන් ඓතිහාසික දිනයක කල්පනා කර බැලීම කාලෝචිතය. මනුෂ්‍යයෙකු ලෙස මිනිස් ලොව උපත ලැබීම සැබවින් ම මහත් වාසනාවකි. ඒ ලබාගත් මිනිසත් බව සුඛිත මුදිත කර ගත යුත්තේ කෙසේදැයි කල්පනා කළ යුතුවේ. සමාජයේ සම්මතය හා පිළිගැනීම මත සෑම අයෙකුම තම ශක්ති පමණින් අධ්‍යාපනය ලැබිය යුතු ය. එසේ අධ්‍යාපනය ලැබීමෙන් දැනුම පමණක් නොව අපේ රට පමණක් නොව විවිධ වූ රටවල මෙන්ම විවිධ වූ සමාජද පවතින බව වැඩිදුර ඉගෙනීමෙන් අවබෝධ කරගත හැකිවේ. අධ්‍යාපනය නොලබා හැරියහොත් සමාජ පිළිගැනීම බැහැරවීම බාහිර වශයෙන් දක්නට ලැබෙන්නකි. ඊටත් වඩා වන පාඩුව නම් වටිනා කාලයෙන් ප්‍රයෝජනය නොගෙන නිකරුණේ කාලය ගෙවා දැමීමෙන් තමා විසින් ම තම ජීවිතයට මහත් පාඩුවක් කර ගැනීමය. දැනුම නොමැතිව කිසිවක් කළ නොහැකි බව ප්‍රත්‍යක්ෂ කර ගත යුත්තේ ඉගෙන ගන්නා දරුවන් විසින්මය. අධ්‍යාපනය ලබන දරුවන් එසේ ඉගෙන ගත යුතු කාලයේ දී ඉගෙනුම පසෙක තබා වෙනත් බාහිර කටයුතුවලට යොමුවීමෙන් එබඳු බාහිර කටයුතුවල යෙදෙන කාලයේ දී කළ යුත්තේ කුමක්ද?

මව්පියන් සතු වටිනාම වස්තුව තම දරුවන් වේ. නැති බැරිකම් කෙතෙක් පැවැතියද ඒවා සියල්ල විඳදරා ගනිමින් දරුවන් වෙනුවෙන් මව්පියවරු මහත් ධනයක් වැය කරනුයේ අප්‍රමාණ බලාපොරොත්තු හිතේ තබා ගනිමිනි. අවාසනාවකට මෙන් දරුවකුට තම මව්පියවරුන්ගේ ඒ අහිංසක බලාපොරොත්තු ඉටු කිරීමට නම් වඩාත් වෙහෙස මහන්සි වී කටයුතු කළ යුත්තේ දරුවා ය. ගුරුවරයාට කළ හැක්කේ දරුවාට ඉගෙනීමට මඟ පෙන්වීමෙන් අනුබලය සැපයීමය. ඉගෙනීමෙහි සියලු වගකීම් රඳා පවතිනුයේ ඉගෙනුම ලබන දරුවාටය. මව්පියවරුන්ගේ ධනය වැය කර නූගතෙකු වුවහොත් සමාජයේ උසස් යැයි සම්මත රැකියාවකට යාමට පවා අවකාශ නොලැබී ඉගෙනීමට දරුවන් අතරේම පවතින්නේ මහත් තරගයකි. එබැවින් ඉගෙනුම සමඟ ඒ තරගයෙන් ද දරුවා ජයගත යුතුවේ.

නවීන ලෝකය ගැන දැනුම්වත් විය යුතු ය. නවීන තාක්ෂණය භාවිතා කළ යුතුවේ. තාක්ෂණ උපකරණ පරිහරණය කළ යුතු ය. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ තමාගේ වැනසීමට නොව සැනසීමටය. අන්ධානුකරණයෙන් ඇතැම් දරුවන් මංමුලාවට පත්වීමට ඉඩ ඇත. දරුවන්ට මුදල් වියදම් කළ පමණින් හෝ වටිනා ඇඳුම් පැළඳුම් ලබාදීමකින් හෝ රසවත් ආහාරපාන දිනපතා ලබාදීමෙන් පමණක් දරුවන් පිළිබඳ මව්පිය කාර්ය භාරය අවසන් නොවේ. ඒ සියල්ලටම වඩා බෙහෙවින් අවශ්‍ය වන්නේ නිසි රැකවරණය සැලසීමය. මොහොතක් පාසා දරුවන් පිළිබඳ පසු විපරමින් සිටීමය. එසේ දරුවන් ගැන උනන්දුවෙන් සොයා බලන්නේ නම් දරුවා බොහෝ උවදුරුවලින් නොමගට යෑමට ඇති ඉඩ අහුරා තැබිය හැකි වේ. දරුවා යනු අත්දැකීම් කිසිවක් නොලද අයෙකි. ඔහු සමාජයට පිවිසෙන්නේ ආධුනිකයෙකු ලෙසය.

දරුවා කෙරෙහි මහත් සෙනෙහසින් කරුණාවෙන් නිසි මඟ පෙන්වා දිය යුතු ය. හැකිතාක් දහම් අධ්‍යාපනයට යොමු කළ යුතුය. පව පින හඳුන්වා දිය යුතු ය. ගුණ දහම් පැහැදිලි කරදෙමින් අවවාද අනුශාසනා කළ යුතු ය.

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]